IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පළාත් ඡන්දය තියන්න බෝලය යළිත් පාර්ලිමේන්තුවට

මුලින් එන්නේ පළාත් සභා ඡන්දයද? ජනාධිපතිවරණයද? මේ ගිය සතියේ දේශපාලන කරළියේ එහා මෙහා ගිය මාතෘකාවකි. එජාපයෙ වැඩි දෙනකු කියන්නෙ මුලින් ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවය. ජනාධිපතිවරයාත් ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණත් කියන්නේ මුලින්ම පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බවය. වසර එක හමාරකටත් වැඩි කාලයක් තිස්සේ කල්දමා ඇති පළාත් සභා ඡන්දය නොපවත්වන තැනට එජාපයේ සමහරුන් කතා කරද්දි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සතියේ පොළොන්නරුවේදී කියා තිබුණේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය ස්ථිර වශයෙන්ම පවත්වන බවය.


පාතාලයට සම්බන්ධ මාකඳුරේ මධුෂ් ඇතුළු කණ්ඩායමක් ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියද ගිය සතියේ දේශපාලන කරළිය උණුසුම් කළ මාතෘකාවකි. මෙය වසර එක හමාරකට පමණ පෙර සිට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් බවට එජාපයේ ඇතැම් අැමැතිවරුන් කියන්නට වූයේ එහි ගෞරවය එජාප ඇමැතිවරුන්ටද හිමිවිය යුතු බව කියමිනි. එජාප ඇමැතිවරුන්ගේ එම ප්‍රකාශවලට ජනපති මෛත්‍රී පොළොන්නරුවේදී උත්තර දුන්නේ මධුෂ් ඇතුළු පිරිස ඇල්ලීමට උප්පැන්න දෙන්නට දැන් ඕනෑ තරම් අය සිටින බව සඳහන් කරමිනි. ජනාධිපතිවරයා නොකියා කීවේ තමා පොලිසිය භාර ගත් පසුව මත්ද්‍රව්‍යවලට පාතාලයට එරෙහිව සාර්ථක වැඩපිළිවෙළක් රටපුරා ක්‍රියාත්මක වන බවය.


සුපුරුදු පරිදි කැබිනට් මණ්ඩලය ගිය අඟහරුවාදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. පළාත් සභා මැතිවරණය ලබන මැයි 31 වැනිදාට පෙර පැරැණි ක්‍රමයට පවත්වන්නැයි ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබුවේ මීට සති තුනකට පමණ ඉහතදීය. අදාළ කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට ගැනීම සතියකින් කල් තැබුවේ ඒ සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට සතියක කාලයක් දෙන ලෙස වජිර අබේවර්ධන ඇමැතිවරයා කර තිබූ ඉල්ලීමක් පිළිගනිමිනි. ඒ අනුව කලින් සතියේ පැවැති කැබිනට් රැස්වීමේදී එය සාකච්ඡාවට ගැනීමට සූදානම් වුවද නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට තව සතියක කාලයක් අවශ්‍ය බව විෂය භාර ඇමැති වජිර කියා තිබිණි. එහිදී ජනාධිපතිවරයා කියා තිබුණේ ඊළඟ සතියේදී අනිවාර්යයෙන්ම සිය නිරීක්ෂණ ඉදිරිපත් කරන ලෙසය.
සති දෙකකින් කල් දැමුණු පළාත් සභා ඡන්දයට අදාළ කැබිනට් පත්‍රිකාව ගිය සතියේ යළි සාකච්ඡාවට ගත්තේය. එහිදී වජිර අබේවර්ධන ඇමැතිවරයා සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් මතුකර තිබුණේ තාක්ෂණික ගැටලු කීපයකි. පැරැණි ඡන්ද ක්‍රමය මැතිවරණය පැවැත්වීමට නම් යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒම පළාත් සභා සියල්ලේ මැතිවරණය එකට පවත්වන්නේ නම් නිල කාලය අවසන්වී නැති පළාත් සභා කලින් විසුරුවීමට මහ ඇමැතිවරුන්ගෙන් ලිපි ලබා ගැනීම ආදී කාරණා කිහිපයක් ඉදිරිපත් කර තිබිණි. ජනාධිපතිවරයා කීවේ මේ ගැන කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීරණයක් ගත යුතු බවය. එම පක්ෂ නායක රැස්වීම සති දෙකක් තුළ පවත්වා එකඟතාවට එන්නැයි ජනාධිපතිවරයා දැනුම් දුන්නේ පළාත් සභා ඡන්දය ඉක්මනින්ම පැවැත්වීමේ අවශ්‍යතාවද පෙන්වා දෙමිනි.


රජයේ පාසල්වල උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක නොමිලේ ලබාදීම එජාපය පහුගිය මහ මැතිවරණයේදී දුන් පොරොන්දුවකි. ඒ අනුව යමින් ටැබ් පරිගණක නොමිලේ ලබාදීමට අනුමැතිය ඉල්ලා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ ගිය වසරේදීය. එහෙත් එයට ජනාධිපතිවරයා විරෝධය පළකර තිබුණේ එමගින් තවත් ගැටලු පැනනඟින බව ප්‍රකාශ කරමිනි. ගිය සතියේ කැබිනට් රැස්වීමට මීට අදාළ කැබිනට් පත්‍රිකාව යළි ඉදිරිපත් කර තිබුණේ අකිල විරාජ් ඇමැතිවරයා විසිනි. ජනාධිපතිවරයා එහිදීද කියා තිබුණේ ඩෙස් පුටු නැති පාසල් කොපමණ නම් තිබේද කියාය. අවසානයේ ටැබ් දීමේ වැඩසටහන පළමුවෙන් නියමු ව්‍යාපෘතියක් වශයෙන් පමණක් කරන්නට ජනාධිපතිවරයා අවසර දුන්නේය. ගිය සතියේ මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කර තිබූ කමිටුවේ වාර්තාවෙන්ද නිර්දේශ කර තිබුණේ මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස මුලින් අත්හදා බලන ලෙසය.


අතීත ගැටලුකාරී සිදුවීම් පිළිබඳ සත්‍යය අනාවරණය කර ගැනීම සඳහා සත්‍ය හා සංහිඳියා කොමිසමක් පත් කිරීමට අදාළ යෝජනාවක්ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. එවැනි කොමිසමක් පත් කිරීමේ අවශ්‍යතාවද අගමැතිවරයා පැහැදිලි කර තිබිණි. ජනාධිපතිවරයා කියා තිබුණේ ආරක්ෂක ඇමැතිවරයා ලෙස තමාද මේ ගැන නිරීක්ෂණ ඉදිරිපත් කළ යුතු බවය. ඒ අනුව එම කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට ගැනීම සතියකින් කල් දැමිණි. මේ අතර පාඨලී චම්පික රණවක ඇමැතිවරයාද කියා තිබුණේ මේ ගැන තමාටද නිරීක්ෂණ ඉදිරිපත් කරන්නට තිබෙන බවය.
අ.පො.ස. උසස් පෙළ සමතුන් 7500කට ජාතික තරුණ සේවා සභාව හරහා රජයේ රැකියා ලබාදීමේ යෝජනාවක්ද මෙවර කැබිනට් රැස්වීමට ඉදිරිපත්ව තිබිණි. ජනාධිපතිවරයා කීවේ උපාධිධාරින්ටත් රැකියා නොදී තිබියදී මේ රස්සා දෙන්නේ කෙසේද කියාය. එබැවින් මුලින් උපාධිධාරින්ට රැකියා ලබාදීම කළ යුතු බව ජනාධිපතිවරයා කීවේය. ඒ අනුව එම කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට ගැනීම පසුවට කල් තැබිණි.


කෙරවලපිටියේ මෙගාවොට් 350ක එල්එන්පී විදුලි බලාගාරයක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව චීන සමාගමකට දීමේ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ විදුලිබල ඇමැති රවි කරුණානායකය. රවිගෙ යෝජනාවට චම්පික රණවක ඇමැතිවරයා විරුද්ධ වූයේ චීන සමාගමට වඩා අඩු ලංසුවක් ලක්දනව් සමාගමෙන් ඉදිරිපත් කර ඇති බව කියමිනි. එහෙත් රවි කරුණානායක ඇමැතිවරයා කීවේ මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම චීන සමාගමට දිය යුතු බවය. එසේ නොකළොත් ඉදිරියේදී විදුලිය කැපීමක් පවා සිදු කිරීමට සිදුවිය හැකි බවය. චම්පික විරුද්ධ වුවද කැබිනට් පත්‍රිකාව අනුමත වූයේ බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය චීන සමාගමට ලබාදීමට තීරණය කරමිනි.



අදහස් (0)

පළාත් ඡන්දය තියන්න බෝලය යළිත් පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 200 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site