වසරකට එක් වරක් පමණක් කුසල් රැස්කර ගැනීමට ඇති උතුම් පිංකමකි. කඨින පිංකම ශාක්‍ය මුණි විහාරයේ තුන් මසක් පුරාවට වස් විසූ භික්ෂූන් වහන්සේලාට කඨින චීවරයක් පූජා කිරීමේ කඨින මහා පුෙණ්යා්ත්සවය ඔක්තෝබර් මස 21 සහ 22 යන දෙදින තුළ VIA DON CARLO GIVOCCI නො. 70 VIA DI BOCCEA පල්ලිය ශාලාවේදී පැවැත්වේ.
ඔක්තෝබර් 21 වැනි සෙනසුරාදා සවස 7ට දස නමක් භික්ෂූන් වහන්සේලා සපිරිවරා පරිත්‍රාණ ධර්ම දේශනාව පවත්වන අතර ඔක්තෝබර් 22 වැනි ඉරුදින දවස පුරා පිංකම් රාශියක් සිදු කෙරේ. පෙරවරු 8 සිට පැවැත්වෙන මේ පිංකම් මාලාවේ කඨින මහා පෙරහර පළමුවෙන්ම පවත්වන අතර කඨින චීවර පූජාව, දහවල් සම්බුදු බුද්ධ පූජාව, මහා සංඝරත්නයට දහවල් දානය පිරි නැමීම, සුවිසි ගුණ වන්දනාව සහ දහවල් මහා බත් දන්සල පැවැත්වේ. පින් කැමැති ඔබ සැමට මෙත් සිතින් කරන ආරාධනාවයි මේ.
මෙයට විහාරාධිපති ස්වාමීන් වහන්සේ සහ ශාක්‍යමුණි විහාරයේ දායක පින්වතුන්
ස්ථානයට ගමන් මාර්ගය
බතීස්තීනි මෙට්රෝ
බස් නො. 146
කොරන්ලියා සිට බස් අංක 904, 905, 993
විහාරස්ථාන දුරකතනය 3459582849

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd