
ප්‍රංශයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පැමිණි බුද්ධි කේ. ආතාවුද මහතා ඔක්තෝබර් මස 02 වෙනිදා දින ප්‍රංශ තානාපති කාර්යාලයේදී වැඩ භාර ගත්තේය. සියලුම ජාතීන් නියෝජනය වූ පූජ්‍ය පක්ෂයේ ආශිර්වාද මධ්‍යෙය් වැඩ බාරගත් එතුමා ඔක්තෝබර් 05 වැනිදා ජාත්‍යන්තර යුනෙස්කෝ ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් ඉරීනා බොකෝවා මහත්මිය හමුවී අක්තපත්‍ර භාර දුන්නේය.
මේ අනුව ජාත්‍යන්තර යුනෙස්කෝ ආයතනයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙසත් ප්‍රංශය, පෘතුගාලය, ස්පාඤ්ඤය, අන්ඩෝරා හා මොනාකෝ රාජ්‍යයන්හී නව ශ්‍රී ලංකා තානාපති ලෙසත් සේවයට එක් වන්නේය. බුද්ධි අතාවුද මහතා මින් පෙර නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති හා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල්වරයා ලෙස ද සේවය කර ඇත්තේය.


සුනිල් ආනන්ද
පැරීසියේ සිට

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd