
ඉතාලියේ කතානියා නගරයේ ශාන්ත පාතිමා ශ්‍රී ලාංකික එල්ලේ ක්‍රීඩා කණ්ඩායමට වසර පහක් පිරීම නිමිත්තෙන් පවත්වනු ලැබූ තරග මාලාවෙන් ඉතාලියේ සිරකුසා නගරයේ ශාන්ත ලුසියා කණ්ඩායම ශූරතාවය හිමිකර ගත් අතර, එම කණ්ඩායමේම පැතුම් නිරෝෂන් හා ශිරාන් ප්‍රනාන්දු තරගාවලියේම දක්ෂතම ක්‍රීඩකයින්ට හිමි කුසලානයන් දිනා ගන්නා ලදී.
මෙහිදී අනුශූරතාව කතානියා නගරයේ සා. ආගතා කණ්ඩායමට හිමි වූ අතර සහභාගි වූ සියලුම ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් හා ක්‍රීඩා කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩාකයන්ටත් කතානියා සා. පාතිමා එල්ලේ කණ්ඩායම විශේෂ ස්තුතියක් පුදකර සිටී.
ක්‍රිෂාන්ත පෙරේරා
නොවරා, ඉතාලිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd