IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


හඳ මත සිට අඟහරු ලොවට යන සැලසුමට ලෝක අභ්‍යවකාශ ගවේශකයෝ ප‍්‍රංශයේදී රැස්වෙති

 

යුරෝපයේ අභ්‍යවකාශ නගරය ලෙස සැලකෙන ප‍්‍රංශයේ අග නගරය පැරිසියේ සිට කිලෝ මීටර 680ක් දකුණු දිග ප‍්‍රංශයේ පිහිටි තුලූස් නගරයේදී පසුගියදාා ලෝක අභ්‍යවකාශ ගවේශකයන්ගේ සංගමයේ 30 වැනි සම්මන්ත‍්‍රණය රටවල් 17ක අජටාකාශගාමීන් හා ගගනගාමීන් 100 ක සහභාගිත්වයෙන් එම සතිය පුරා පැවැත් වූයේය.   


1985දී ආරම්භවූ මෙම සංගමයේ ප‍්‍රථම සම්මන්ත‍්‍රණය ප‍්‍රංශයේදී පැවැත්වූ අතර ඉන්පසු හංගේරියාව, මෙක්සිකෝව, බල්ගේරියාව, සවුදි ආරාබිය, නෙදර්ලන්තය, ජර්මනිය, ඇමෙරිකාව, ඔස්ටි‍්‍රයාව, රුසියාව, පෝලන්තය, කැනඩාව, කොස්ටරිකාව, බෙල්ජියම, රුමේනියාව, ස්පාඤ්ඤය, කසකස්ථානය, ජපානය, ස්කොට්ලන්තය, චෙකෝස්ලෝවෙකියාව, මැලේසියාව, ස්වීඩනය, චීනය ආදී රටවල එක් එක් වසර වලදී පවත්වා ඇති අතර වසර 30 කට පසු මෙවර ප‍්‍රංශයේ තුලූස් නගරයේදී පැවැත් වීමට තෝරා ගත්තේය. මේ සඳහා පෘථිවිය වටා අභ්‍යවකාශ යානයක එක් වරක් හෝ භ‍්‍රමණයවී ඇති අජටාකාශගාමීන් සහභාගි වූ අතර ඇමෙරිකාවෙන් 46ක්, රුසියාවෙන් 50, ප‍්‍රංශයෙන් 12, ජර්මනිය 14, කැනඩාවෙන් 4, ඔස්ටි‍්‍රයාව, නෙදර්ලන්තය, බල්ගේරියාව, චෙකොස්ලෝවෙකියාව, හංගේරියාව, ජපානය, ඉතාලිය, පෝලන්තය, රුමේනියාව යන රට වලින් දෙදෙනා බැගින්ද සවුදි ආරාබිය, ස්පාඤ්ඤය, යුක්රේනය යන රටවලින් එක් අයෙකු ලෙසද අජටාකාශගාමීන් ඉහත සමුළුවට සහභාගිවූ අතර 1970දී අභ්‍යවකාශ ගතවූ ඇමෙරිකානු ජාතික ඔවෙන් ගැරියොට්ගේ සිට මාස 6ක් අභ්‍යවකාශයේ ස්ථාන ගත කර ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පරීක්ෂණ සිදුකර පසුගියදාා පෘතුවියට පැමිණි 39 හැවිරිදි ප‍්‍රංශ ජාතික තෝර්මා පැස්කේ දක්වා පරම්පරාවට අයත් අජටාකාශගාමීන් බොහෝමයක් මෙම සම්මන්ත‍්‍රණයට සහභාගි වූහ. සමුළුවේ ගෞරවනීය ආරාධිතයා ලෙස ලෝක සූර්ය බල ශක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ ප‍්‍රධානියාවූ ස්විස් ජාතික බර්ට‍්‍රන්ඩ් පිකාඩ් සහභාගි වූයේය. 


මෙම සම්මන්ත‍්‍රණයේදී නව ලෝකයන්හි ගවේශකයෝ හා අපේ පෘතුවියේ ග‍්‍රහයන් යන මැයෙන් ප‍්‍රංශයේ ජාතික අභ්‍යවකාශ අධ්‍යයන කේන්ද්‍රයේ සභාපති ලයනල් සුසෙට් මහතාද, අභ්‍යවකාශයේ නවතම පුවත් යන මැයෙන් සොචී නොගුචී මහතාද ජත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප‍්‍රධාන ජයග‍්‍රහන හා අභියෝග යන මැයෙන් ක‍්‍රිස්ටියන් ෆීචින්ගර් හා රයින් හෝල්ඩ් ඕවාල්ඩ් මහතාද චීන අභ්‍යවකාශ වැඩ සටහන හා අනාගතයේ එයාර් බස් ගුවන් යානා ව්‍යාපෘතිය යන මැයෙන් බොනී ඩන්බාර් යන අජටාකාශගාමීන් දේශන පැවැත් වූහ. ඉන්පසු හඳ මත ඉදි කරන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක සිට අඟහරු ලෝකය කරා අභ්‍යවකාශ යානයකින් ගගනගාමීන් පිටත් කර යැවීම හා අඟහරු ලෝකය තුළ සිදු කිරීමට බලාපොරොත්තු වෙන පරීක්ෂණ ගැන සමාලෝචනයක්ද සිදු වූයේය. 


සම්මන්ත‍්‍රණය පැවැත්වූ සතිය පුරා අජටාකාශගාමීන් සමග රාත‍්‍රී භෝජන සංග‍්‍රහයන්ට සහභාගි වීමේ දුර්ලබ අවස්ථාවක්ද සිවිල් ජනයාට ලබාදී තිබූ අතර ඒ සඳහා අයදුම්කරුවන් අතර කුසපත් ඇද තෝරා ගත් පිරිස් ඉහත දින කිහිපයේදී භෝජන සංග‍්‍රහයට සහභාගි වීමේ වාසනාවද ලැබුණේය. සම්මන්ත‍්‍රණය අවසානයේ එයට සහභාගීවූ සියලූම අජටාකාශගාමීන් පැරිසියේ පිහිටි අයිෆල් කුලුන නරඹා එහි මුදුනට යෑමටද අමතක නොකළෝය. 


සුනිල් ආනන්ද 
පැරීසියේ සිට



අදහස් (0)

හඳ මත සිට අඟහරු ලොවට යන සැලසුමට ලෝක අභ්‍යවකාශ ගවේශකයෝ ප‍්‍රංශයේදී රැස්වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 127 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 210 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1070 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site