

ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල සැමරුම ශ්‍රී බුද්ධ වර්ෂ දෙදහස් පන්සීය හැට තුන්වැනි වෙසක් මස 18 වැනි ශනි දිනට යෙදී තිබිණි. පින්බර වෙසක් මස පුර පසළොස්වක සඳෙහි සිසිලසෙන් නැහැවෙමින් මාතෘ භුමිය සිසාරා සිල් සුවඳ පැතිරී යන මොහොතේ එයට සමගාමිව ශාස්ත්‍රපති සුමිත්ත ස්වාමින්වහන්සේගේ අනුශාසනය සහ මගපෙන්වීමෙන් හොංකොං හි ශ්‍රීලාංකික බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය තෙවැනි වරට සංවිධානය කරන්නට යෙදුන වෙසක් පිංකම් මාලාව 19 වැනි රිවි දින දවස පුරා Po Leung Kok Lam Man Chan English Primary School දවස පුරා පවත්වන්නට යෙදිනි.
හොංකොං හි ශ්‍රීලාංකික බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයහි ගෞරවනීය ආරාධනයෙන් හොංකොං දේශයට වැඩමවා වදාළ ගෞරවනීය වල්පොල ගෝතම ස්වාමින්වහන්සේ සහ නරවැල්පිට ආරියරතන ස්වාමින් වහන්සේ සහ හොංකොං දේශයෙහි වැඩසිටින ශාස්ත්‍රපති සීගිරියේ සුමිත්ත ස්වාමින් වහන්සේ, බණ්ඩාර උල්පත ඥානවිමල ස්වාමින් වහන්සේ සහ මාතලේ මෙධාවිනි මෙහෙණින් වහන්සේ විසින් ආගමික වතාවන් මෙෙහයවන ලදී.
ආමිස සහ ප්‍රතිපත්ති පුජාවන්ගෙන් අනුන වූ සැමරුම් උළෙල හොංකොං හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් හට නවමු අත්දැකීමක් වුයේ ගමේ පන්සලේ ආකෘතිය පාසල් භුමියහි ප්‍රතිනිර්මාණය කර තිබූ බැවිනි.




2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හොංකොං හි වෙසක් සැමරුම