
නිදහස් දැයක අභිමානය ජනිත කළ
යතිවරු වියත් පඬිවරු දැය අවදි කළ
රට දැය සමය සුරකින්නට රුහිරු හළ
විරුවන් සිහි කරමු නිදහස් දිනේ හෙළ
නිදහස ලබා ගන්නට ලක්වැසියන් නේ
බිඳ හැර වහල් බැමි අදිරද ගැන්තන් නේ
පුරන් අප්පු ගොන්ගාලේ විරුවන්නේ
පිදු ලේ කඳුළු අද මේ සිහිපත් වෙන්නේ
නිදහස ලබා හැත්තෑ දෙක වසර වුණ
සිහිපත් කරමු හෙළ විරුවෝ නමා දන
සිංහලයිනේ ලක් මෑණිට නොකර වින
අපි සුරකිමු ලැබූ නිදහස වගේ පණ
නිදහස් කර ගන්න අපගේ සිහල රට
නොබියව පෙර විරුවො එඩිතර සටන් කොට
මිහිකත ලෙයින් පෙඟවූ ඒ රුහිරු කැට
සිහිපත් කරමු අගයමු එක හඬින් සිට
තුන් සිංහලය එක්සේසත් කරන්නට
දිවි දුන් විරුවන්ට කෘතගුණ පුදන්නට
ජාතියෙ නාමයෙන් හෙළයින් ලෙසින් සිට
සිහිපත් කරමු නිදහස් දින උපන් රට
දළදා සමිඳු රට බාරව සිටින තුරු
ශ්‍රී මහා බෝධියේ සිසිලස ලැබෙන තුරු
මගෙ ලක් මවට අවැඩක් සිදුවෙනව බොරු
තෙරුවන් සරණ වේවා ලක් මවුනි ගරු
කාව්‍ය කෝකිල සම්මානලාභී ප්‍රේමා කංකානම්ගේ - රෝමය, ඉතාලිය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd