IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


සිසිලි දූපතේ සිරිකුසා නගරයේ පැවැති කඳුළේ දේව මාතාවන්ගේ මංගල්‍යය

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් පවත්වනු ලබන මංගල්‍යයන් අතුරින් තවත් සුවිශේෂී මංගල්‍යයකි. සිසිලියේ සිරකුසා නගරයේ පවත්වන කඳුළේ දේව මාතාවන්ගේ වාර්ෂික මංගල්‍යය. මෙවර ද එම මංගල්‍යය අගෝස්තු 15 වන දින සිදු කරනු ලැබීය. සිරකුසා කතෝලික සංඝයේ ආත්මික එඬේරාණන් වන ගරු සචිත ප්‍රනාන්දු පැ.තු.නි. පියතුමාගේ සහ දහම් සේවා සභාවේ සංවිධානයෙන් සිදු කෙරුණු මෙහි මුලසුන ගත්තේ රෝමයේ ඉගෙනුම ලබන ගරු සම්පත් සුජීව පියතුමාණන් විසිනි. මෙයට සිරකුසා, මෙසිනා, කතානියා, කල්‍තජිරෝනෙ වැනි ප්‍රධාන නගරවලින් මෙන්ම සෙසු නගරවලින් ජනතාව සහ සිරකුසා බෞද්ධ විහාරයේ විහාරාධිපති ද සහභාගි වූහ.   
මෙම දේව මාතාවන්ට කඳුළේ මෑණියෝ යන විරුදාවලිය ලද්දේ කෙසේ දැයි විමසා බැලුවොත් සිරකුසා නගරයේ Angelo Lannuso සහ Antonina Lucia නමැති විවාහක යුවළකට දරුවන් නොමැති සොවින් බොහෝ දුකින් ජීවත් වී ඇත. මේ කාන්තාව කඳුළු සලමින් ජීවත් වී ඇත. ඔවුන්ගේ නිදන කාමරයේ ඇඳ ඉස්මත්තේ දේව මාතාවන්ගේ පින්තූරයක් එල්වා තිබී ඇත. 1953 අගෝස්තු මස 29, 30, 31 සහ සැප්තැම්බර් පළමු වැනි දින මෙම පින්තූරයෙන් කඳුළු ගලා ගොස් ඇත. පසුව කරන ලද පරීක්ෂණවලදී මෙය මිනිස් ඇසකින් ගලා ගිය කඳුළු බවට පිළිගෙන, ඉන් වසර 50 කට පසුව එනම් 1994 දී දෙවන ජුවාම් පාවුලු පාප් වහන්සේ විසින් මෙම පින්තූරය ආසිරි ගන්වා දැන් තැන්පත් කර ඇති නව දේවස්ථානයේ තැන්පත් කර ඇත.

 

 


කාන්ති රතුගමගේ



අදහස් (0)

සිසිලි දූපතේ සිරිකුසා නගරයේ පැවැති කඳුළේ දේව මාතාවන්ගේ මංගල්‍යය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 105 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 193 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1056 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site