IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


සිව් වරක් ලෝක ශූරතාවය දිනූ ඉතාලිය වසර 68 කට පසුව 2018 පාපන්දු තරගාවලියෙන් ඉවතට

ලබන වසරේ රුසියාවේ පැවැත්වීමට නියමිත ලෝක පාපන්දු කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ අවසන් මහා තරගය ජය පරාජයකින් තොරව නිමා කිරීම හේතුවෙන් ඉතාලිය මීළඟ ලෝක පාපන්දු ශූරතා තරගාවලිය සඳහා සුදුසුකම් නොලැබීය. 2018 පාපන්දු ලෝක ශූරතාව සඳහා සුදුසුකම් ලැබීමට නොවැම්බර් 13 වැනිදා මිලානෝහි සැන් සීරෝ ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී ස්වීඩනයට එරෙහිව පැවති අවසන් මහා තරගයේදී ජය ලබා ගැනීමට ඉතාලිය අපොහොසත් විය. මෙම තරග ප‍්‍රතිඵලය ඉතාලිය ලෝක පාපන්දු ශූරතාව 2018 තරගාවලියෙන් ඉවත් කරවීය.   


ලබන වසරේ රුසියාවේ පැවැත්වෙන ලෝක පාපන්දු කුසලාන සඳහා වන තරග මාලාවට සුදුසුකම් ලැබීම සඳහා ඉතාලිය මෙතෙක් මුහුණ දුන් තරග පනස් හතෙන් තරග දහඅටක්ම ජය පරාජයකින් තොරව අවසන් කිරීම ඉතාලියේ අවාසියට හේතු විය. මේ අනුව වසර හැටකට පසුව ඉතාලිය මෙවර ලෝක පාපන්දු ශූරතාව සඳහා 2018 වසරේ රුසියාවේ පැවැත්වෙන තරගවලට සහභාගි වෙන්නේ නැත. 
ඉතාලියේ ජාතික ක‍්‍රීඩාව ලෙස පිළිගැනෙන්නේ පාපන්දු ක‍්‍රීඩාවය. ලෝක පාපන්දු කුසලාන අවසන් තරග වෙනුවෙන් ඉතාලි පාපන්දු කණ්ඩායම් දහඅටවරක් සහභාගි වී ඇති අතර 1934, 1938, 1982 හා 2006 වසරවලදී ලෝක පාපන්දු කුසලාන හිමිකර ගැනීමට ඉතාලිය සමත් විය. 2018 රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන අවසන් තරග සඳහා ඉතාලිය නුසුදුස්සකු වීම, මෙතෙක් පාපන්දු ක‍්‍රීඩාවේ ඉතාලිය විසින් ගොඩනගා ගන්නා ලද ප‍්‍රතිරූපය දෙදරා වැටීමක් ලෙස පාපන්දු නිරීක්ෂකයෝ කියති. 


මීළඟ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට නොවැම්බර් මස 13 වැනිදා මිලානෝහිදී පාපන්දු ලෝලයන් හැත්තෑතුන්දහසක් ඉදිරිපිට ස්වීඩනයට එරෙහිව තරග වැදුණු ඉතාලි පාපන්දු කණ්ඩායම තරගයේ මුල සිටම දුර්වලතා පෙන්නුම් කළහ. ජාතික පාපන්දු පුහුණුකරු විසින් මෙම තරගයේදී යොදාගන්නා ලද උපාය මාර්ග දුර්වල බව ද, ඉතාලිය පාපන්දු ලෝක ශූරතා අවසන් තරගාවලිය සඳහා නුසුදුස්සන් වීම ජාතික ලජ්ජාවක් බව ද ඉතාලි පාපන්දු ලෝලීහු කියති. 


අර්ජන්ටිනාව, බ‍්‍රසීලය මෙන්ම ජර්මනිය, ප‍්‍රංශය හා ඉතාලිය ද ලෝක පාපන්දු කුසලාන අවසන් තරගවලදී ප‍්‍රතිවාදියාට තර්ජනයක් වූ කණ්ඩායම්ය. තරගාවලිය අවසන් වෙන තුරුම ජයග‍්‍රාහකයා විය හැක්කේ කවුරුන්දැයි සිතා ගැනීමට අපහසු වෙන අන්දමින් තියුණු තරගයක් දීමට සෑම විටම මෙම කණ්ඩායම් සමත් විය. වසර හැටකට පසුව මෙවර ලෝක පාපන්දු කුසලාන අවසන් තරගාවලියේදී ඉතාලිය පේ‍්‍රක්ෂකයකු පමණක් වෙනු ඇත. ලෝක පාපන්දු කුසලාන තරගාවලිය සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ වටයෙන්ම ඉතාලිය ඉවත්වීම ප‍්‍රතිවාදී කණ්ඩායම්වලට මහත් සැනසුමක් ගෙනදෙනු නොඅනුමානය. 


ඉතාලිය අවසන් වරට 2006 දී පාපන්දු ලෝක ශූරතාව හිමිකරගත් මොහොත ඡායාරූපයෙන් දැක්වේ.  


ගැස්කොන් ලාසරස් 
රෝමය, ඉතාලිය. 



අදහස් (0)

සිව් වරක් ලෝක ශූරතාවය දිනූ ඉතාලිය වසර 68 කට පසුව 2018 පාපන්දු තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 164 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 234 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1105 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site