තානාපති කාර්යාල හරහා සිදුවන සේවාවන් අතර තම සේවා ස්ථානයේදී විවිධ කරදරවලට මුහුණ පා නන්නාඳුනන රටක මානසිකව, ශාරීරිකව දුබලව රැකවරණ පතා පැමිණෙන අප ලාංකීය කාන්තාවන්ට කරුණාව, දයාව දක්වා කෑම බීම ඉඳුම් හිටුම් ලබාදී, සියලු ආරක්ෂාව සපයා ඔවුන්ගේ මානසික තත්ත්වය ඉහළ නංවා. නැවත නව සේවා ස්ථානයක් ලැබෙන තුරු හෝ ලබාදෙන තුරු, එම කාන්තාවන් රැකබලා ගැනීම සියලු රටවල පිහිටුවා ඇති තානාපති කාර්යාල නිලධාරින්ගේ වගකීම් සහ යුතුකම් අතර වේ.
බොහෝ රටවල පිහිටුවා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට රැකවරණ පතා පැමිණෙන එවැනි කාන්තාවන් තානාපති කාර්යාල නිලධාරින් විසින්ම බොහෝ අසාධාරණ නොපනත්කම්වලට සහ සූරාකෑම්වලට ලක්කොට තව තවත් අසරණ කරන කාලවකවානුවක සුන්දර සයිප්‍රස් දේශයේ පිහිටි අප තානාපති කාර්යාලයෙන් සිදුවෙන වටිනා මෙහෙය අගයකරමින් මෙසේ වදන් පෙළ ගැස්වීමට ලැබීම මා ලද භාග්‍යක් කොට සලකමි. මෙම ස්ථානය භාරව කටයුතු කරන ආයතන ප්‍රධානීන් ඇතුළු කාර්යමණ්ඩලය විසින් සිදුකරනු ලබන මෙම වටිනා මෙහෙය වෙනුවෙන් හදපිරි සුභාශිංශන මෙසේ පිරිනමමි. මවක, පියෙකු සේ සෙනෙහස බෙදා කාරුණික වදන්වලින් සිත් සතන් සනසා අසරණ කාන්තාවන්ට දයාව, කරුණාව දක්වා ඔවුන්ගේ මානසිකත්වය ඉහළට නංවා, හාම්පුතුන් සමග සුහදව කතාබස් කොට සෘජුවම ඔවුන් වෙනුවෙන් පෙනීසිට සාධාරණව එම ප්‍රශ්න විසදා ගැනීමට සහාය ලබාදී වගකීමෙන් යුතුව සියලු කතුන්ගේ ආරක්ෂාව තහවුරු කරන නේවාසික කාන්තා අංශ ප්‍රධානීන් සැමටද මාගේ සහ සයිප්‍රස් දේශයේ සේවය කරන සියලු ලාංකිකයින්ගේ බැතිබර ස්තූතිය මෙසේ පුදකරන අතර ඔවුන් විසින් සිදුකරනු ලබන තවත් එක් වටිනා සේවයක් පිළිබඳ කෙටි සටහනක් තැබීම කාලෝචිත යැයි මා සිතමි. පොදුවේ ගත් කළ සයිප්‍රස් හාම්පුතුන්ගෙන් බහුතරයක්ම ඉතාමත් විනයගරුක, කරුණාවන්ත අය වන අතර සුළු පිරිසක් පමණක් ගෘහ සේවිකාවට අකාරුණිකව සලකති. එවන් සේවා ස්ථාන අතහැර තානාපති කාර්යාලයට පැමිණෙන කාන්තාවන්ගේ රිලීස් එක (වෙනත් සේවා ස්ථානයක් සොයාගැනීමට සහ නැවත වීසා ලබා ගැනීමට ලබාදෙන මසක සමා කාලය) ලබාගැනීම සඳහා ඉමිග්‍රේෂන් ආයතනයේ පැමිණිලි අංශය වෙත යාමට සිදුවේ. බොහෝ හාම්පුතුන් ඉමිග්‍රේෂන් එක වෙත නොගොස් කාරුණිකව තම ගෘහ සේවිකාවට රිලීස් එක අත්සන් කරදෙනු ලැබේ. එසේ ලබා නොදෙන අයවලුන් සඳහා පැමිණිල්ල තානාපති කාර්යාලය විසින් ඉමිග්‍රේෂන් හා ලේබර් ඩිපාර්ට්මන්ට් එක වෙත බාරදෙන අතර එහිදී නිවෙස් හිමියාගෙන් සහ ගෘහ සේවිකාවගෙන් සියලු කරුණු සම්බන්ධයෙන් විමසීමක් කෙරෙන අතර, අප කාන්තාවන්ට එහිදී භාෂා ප්‍රශ්නය බොහෝදුරට බලපායි. සමහරු හරියාකාරව ඉංග්‍රීසි හා ග්‍රීක් භාෂාව නොදන්නා අතර සමහර කාන්තාවන් නිසියාකාරව භාෂාව දැන සිටියත්, එතනදී ඇතිවෙන මානසික ආතතිය ආදී කරුණු හේතුකොටගෙන අපහාසුතාවයට පත්ව සත්‍ය කරුණු හරි හැටි නොකියවීමෙන් පැමිණිලි අංශය පරාද වී එම කාන්තාවට ආපසු මව්බිමට යාමට හෝ සමහර විට හිරේ යාමට පවා සිදුවෙයි. එම අපහසුතාවන් මැඩ පැවැත්වමින් එම කාන්තාවට සත්‍ය කරුණු ඉදිරිපත් කරමින් තම පැමිණිල්ල නිදොස්ව කර ගැනීමට සහ අදාළ අංශ වෙත කරුණු පැහැදිලි කරදීමෙන් එම කාන්තාවට සාධාරණය ඉටුකර ගැනීමට ලබාදෙන සහයෝගය වචනයෙන් කිව නොහැකි තරම් විශාල වටිනාකමක් ඇත.
සවුදියේදී භාෂාව නොතේරුම්කමින් හා නොදන්නාකමින් නොකළ වරදකට මරණ දඬුවම ලැබූ රිසානා අප මතකයේ තවමත් ඇත. සයිප්‍රස් දේශයෙන් එවැනි රිසානාලා බිහි නොකිරීමට කිසිදු මුදල් අයකිරීමකින්ෙතාරව මේ නිලධාරින් ලබාදෙන මෙම සේවය පැසසිය යුතුම කරුණකි.
මෙසේ මෙකී නොකී වටිනා කර්තව්‍යයන් රැසක් කරන අප තානාපති කාර්යාලයට ශ්‍රී ලාංකීය අභිමානය සුරකමින් මෙම වටිනා මෙහෙවර තව තවත් හොඳින් කරගෙන යාමට දිරිය ශක්තිය නිරතුරුව ලැබේවායි හදපිරි සොම්නසින් සදා ප්‍රාර්ථනා කරමි.
රත්නපුරේ අනුෂා දර්ශනී
නිකෝෂියා සිට
2025 දෙසැම්බර් මස 04
495
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
471
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සයිප්‍රසයේ අපේ තානාපති කාර්යාලයට තුති මල් මිටක්