IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සෞදි දමාම් ශ්‍රී ලංකා ළදරු පාසලේ සහතික ප්‍රදානය උත්සවශ්‍රීයෙන්

 

සෞදි අරාබියේ නැගෙනහිර පළාත ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ දෙවසරක කාලයක් පෙර පාසල් අධ්‍යාපනය ලැබූ (KG 2) දරු දැරියන් 29 දෙනෙකු පළමු ශ්‍රේණියට ඇතුළත් වූ අවස්ථාවේ එම දරු දැරියන් වෙත අගැයීම් සහ සහතිකපත් ප්‍රදානය කිරීම පසුගිය සෙනසුරාදා 27 සන්ධ්‍යාභාගයේදී අල් කොබාර් රිසායත් උත්සව ශාලාවේදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණ.   


පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ පැවති අමානුෂික ප්‍රචණ්ඩත්වය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරමින් හා ඒ වෙනුවෙන් දිවි අහිමි වූ හෝ තුවාල ලැබූ සියලු දෙනා වෙනුවෙන් විනාඩි තුනක නිෂ්ශබ්දතාවයකින් සියලු දෙනාම තම ශෝකය සහ සංවේගය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව උත්සව කටයුතු ආරම්භ විය. 


ඉංග්‍රීසි බස අධ්‍යයන භාෂාව ලෙසත් සිංහල සහ දමිළ භාෂාවන් මවුබස ලෙසත් ගණිතය, සමාජ අධ්‍යයනය, විද්‍යාව (ENT), චිත්‍ර සහ සෞන්දර්ය, ඉස්ලාම් දහම සහ ඊට අනුරූපව හෙළ සිරිත් විරිත් ආචාරධර්ම ඇතුළු විෂයයන් කිහිපයක්ම ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේදී මෙම සිසු දරු දැරියන් හට ඉගැනීමේ අවස්ථාව ලබා දෙන බව පාසල් අධ්‍යක්ෂ මණ්ඩලයේ උප සභාපති තව්සිෆ් පල්ලෙයි මහතා සඳහන් කරයි. විශේෂයෙන්ම මෙදින පැවති අගැයීමේ උත්සවයේදී පෙර පාසල් අධ්‍යාපනය නිම කළ මෙම දරු දැරියන් විසින් තම හැකියාවන් සහ දක්ෂතාවන් ඉදිරිපත් කරමින් නර්තන, ගායනා මෙන්ම කණ්ඩායම් වැඩසටහන් කිහිපයක්ම ඉදිරිපත් කරනු දක්නට ලැබිණ. මේ සඳහා පන්තිය භාර ගුරුවරිය වන ශෆිකා නාස් මහත්මිය සහ විෂය භාර ගුරුතුමිය වන සෞභාග්‍යා මහත්මියගේත් මඟපෙන්වීම මහත් රුකුලක් වී ඇති බව දැනගන්නට ලැබිණ. මෙම සියලුම සිසු දරුවන් ඊළඟ අධ්‍යයන කාර්තුවේදී ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේම පළමු වසරට ඇතුළත් කිරීම සිදු කෙරෙනු ඇත. 


ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ ඉදිරි කටයුතු පිළිබඳව අදහස් දක්වමින් තව්සික් පල්ලෙයි මහතා සඳහන් කළේ මෙම පාසල විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සිසු සිසුවියන් උදෙසාම වෙන නමුත් විදෙස් ජාතීන්ගේ දරුවන් හටද මෙහි ඉගනුම ලැබීමට අවස්ථාව උදා කරදී ඇති අතර නැගෙනහිර කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකික දරු දැරියන් හට තව තවත් අවස්ථාව උදාකර දීමට බලාපොරොත්තුව සිටින බවයි ඒ සඳහා www.slisd.org / [email protected] හෝ 00966569284317 වෙතින් තොරතුරු ලබා ගත හැකි බවයි. 


මෙම අවස්ථාව සඳහා සියලුම දෙමාපියන් මෙන්ම පාසල් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ වේලාවන් සුබ්‍රමනියම්, පරිපාලන නිලධාරි අබු ආදම් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් මෙන්ම ආරාධිතයින් කිහිප දෙනෙකුම සහභාගි වී සිටි අතර විශේෂ ආරාධිතයින් ලෙස ඉන්ස්පිරියර් අධ්‍යාපන ආයතනයේ දෙපාර්තමේන්තු ප්‍රධානි (ශ්‍රී ලාංකික) සියානා මැතිනියද ජාත්‍යන්තර ටෝස්ට් මාස්ටර් 71 කණ්ඩායමේ නායකත්වය දරන මදුශ නානායක්කාර මහතාද සහභාගී වී සිටියහ. 

 


ලලිත් ප්‍රේමලාල් 
සෞදි අරාබියේ සිට 



අදහස් (0)

සෞදි දමාම් ශ්‍රී ලංකා ළදරු පාසලේ සහතික ප්‍රදානය උත්සවශ්‍රීයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site