IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සත්‍ය දෙස හෙළන බුද්ධිමය දෘෂ්ඨිය හෙවත් තෙවැනි ඇසින් ලොව දැකීම

දලයි ලාමා විසින් වරින් වර කරන ලද දේශනයන්ගෙන් උපුටා ගන්නා ලද අනගි කොටස් කීපයක පරිවර්ථනයක් උක්ත මැයෙන් පෙබරවාරි මස හතරවැනිදා මේ පිටුවේ පළවීමත් සමඟම, ඒ ලිපිය සම්බන්ධව යහපත් ප‍්‍රතිචාර ලැබෙමින් ඇත. ඔවුන්ගේ එකම ඉල්ලීම වෙන්නේ සමාජ හිත සුව පිණිස එම ලිපියේ තවත් කොටසක් පළ කරන ලෙසට ය. මේ එම ඉල්ලීම අනුව ලියැවෙන තවත් ලිපියකි.   


නන්වැදෑරුම් දානයන් අතර ධර්ම දානය සැම විට ම අග‍්‍ර ය. එය මිනිසාට අධ්‍යාත්මික ඔසුවකි. එක ධාර්මික වචනයකින් හදවත් දහස් ගණනක් සුවපත් කළ හැකිය. ධර්ම දානය දීම සඳහා යතිවරයකු වීමට ම අවශ්‍ය නැත. 


යහපත් අරමුණක පිහිටා පමණක් කරනු ලබන ප‍්‍රචාරය ලොවට වැඩදායක ය. බුදුන් වහන්සේ විසින් සොයාගන්නා ලද නිවන් මඟ ලොවට ප‍්‍රකාශ කරන ලද්දේ එම සත්‍ය මත පිහිටා ය. එහෙත් තවත් කෙනකුන් එම ධර්මය ම තම බඩගෝස්තරය සඳහා පමණක් යොදාගනිී නම්, එය නින්දිත ය. 


නාමිකව වෙනස් වුව ද ලොව පිළිගත් සියලුම ශාස්තෘවරුන් විසින් දේශනා කර ඇති ධර්මයේ හරය ගෙන බැලූවිට ඒ සියල්ල එක ය. එකම හරයක් තුළ ගැටුම් ඇතිවෙන්නේ නම් ඒ ධර්මයේ වරදක් නොව, ධර්මය වරදවා තේරුම්ගත්තෝ වරදින් ය. 
සියලු සත්වයාට යහපත කිරීම මිනිසාගේ පරම යුතුකම ය. අයහපත කිරීමෙන් වැළකී සිටීම පමණක් ම වුව ද ලෝ සතට යහපත කිරීමකි. 


අයහපත කරන්නෝ ජීවිතය විඳවන බව ද යහපත කරන්නෝ ජීවිතය විඳින බව ද පෙනීයාම, ද්වේෂය නමැති මානසික තත්ත්වයේ එක් පැතිකඩක් පමණි. ධර්මය හෝ දෙවිවරුන් හෝ නැති බව සිතීම මෙම මානසික තත්ත්වයේ අතුරු 
ප‍්‍රතිඵලයයි. එය මිත්‍යාදෘෂ්ඨියයි. අයහපත මගින් සතුට උපයාගත හැකි බව පෙනුන ද එතැන සැනසුම නැත. සැනසුම අත්විඳිය හැක්කේ වගකීමෙන් යුතුව ජීවත්වීම තුළින් පමණි. 


සතුට යනු මිනිසා මිනිසා අතර මෙන්ම මිනිසා හා අනෙකුත් ජීවීන් අතර ද මිනිසා හා පරිසරය අතර ද ඇතිවෙන සුහද අන්තර් බැඳීම මත පමණක් නිර්මාණය වෙන්නෙකි. අද මිනිසා විසින් නිර්මාණය කරගනු ලබන ගැටලුවලට මූලික හේතුව වෙන්නේ මෙම සුහද අන්තර් බන්ධනය නොමැති වීමය. 


තෘප්තිය හා සතුට අපට පිටතින් ලබාගත හැකි දෙයක් නොවේ. එය ඇත්තේ අප තුළ ම ය. තෘප්තිය සතුට ලෙස අප මනසේ සටහන්ව ඇත්තේ මුදල හෝ රාගය හෝ බැඳීම නම්, එය අප තුළ තිබිය යුතු දෙයක් නොවේ. අප තුළ ඇති සතුට භාවනාව මගින් ගවේෂණය කළ යුත්තකි. 


සියලුම ජීවීන් විසින් සොයනු ලබන්නේ සතුට හා සැනසීම ය. පෘථිවියේ මේ සියල්ලෝම එකට ජීවත් වීමේදී පෞද්ගලික සතුට සැනසීම සෙවීම සඳහා පමණක් කේන්ද්‍රගත වීමට කිසිවකුට බැරිය. 


මිනිසා යනු පූර්ණ විස්තර පත‍්‍රිකාවක් සමඟ වෙළෙඳපොළට පැමිණි නිමි භාණ්ඩයක් නොවේ. මිනිස් මනසේ ක‍්‍රියාකාරීත්වය තවමත් අභිරහසකි. භාවනාව මගින් පමණක් ගවේෂණය කළ හැකි අභිරහසකි. 


ඔබ අනුන් ගැන කතා කරන විට ඔවුන්ගේ ගුණ පිළිබඳව පමණක් කතා කරන්න. අනුන්ගේ නුගුණ ගැන කතාකරන විට ඔබේ මුවින් පිටවෙන්නේ දුගඳ ය. 


කෝපයට පත්වූවකුගේ ශරීරයෙන් නිකුත් වෙන්නේ දූෂිත රෂ්මියකි. එය 


හඳුනා ගැනීමේ ඉව මිනිසා පමණක් නොව සතුන් ද සතුය. කෝප වූවෝ හුදකලා කර ඔවුන් සියල්ලෝම බැහැර වෙති. කෝපවීමෙන් වළකින්න. 


අධ්‍යාත්මික ප‍්‍රතිකාරයේදී ඔබේ වෙදැදුරානෝ ඔබ ම ය. ප‍්‍රත්‍යක්ෂ ප‍්‍රතිකාරය 


සඳහා සත්‍ය මත ස්ථානගත විය යුතුය. ඇසේ රුදාව බඩේ අජීර්ණයට 


ප‍්‍රතිකාර ගැනීමෙන් සුව නොවේ. අධ්‍යාත්මික ප‍්‍රතිකාරයේදී ඔබ ඔබට ම අවංක විය යුතුය. 


අප පීඩාවට පත්කරනු ලබන වේදනාවේ පසුබිම වෙනස් වුව ද එහි උල්පත අනුවණකම හා නොහික්මුණු මානසික තත්ත්වයයි. වේදනාව මෙන්ම අප විසින් සොයනු ලබන සතුට ද මානසික තත්ත්වයන් ම පමණි. සැබෑ සතුට බිහිවෙන්නේ පිරිසිදු මනසක් තුළ පමණි. 


සිනහව, උපහාස සිනහව, කුරිරු සිනහව, ව්‍යාජ සිනහව, කපටි සිනහව ආදී වශයෙන් විවිධ ය. ඒවා ජනිත කරවන්නේ සැකය හා භීතිය පමණි. සැබෑ සංතෘෂ්ඨියක් ලබාදෙන්නේ අව්‍යාජ සිනහව ය. අව්‍යාජ සිනහව නැගෙන්නේ පිරිසිදු හදවතකින් පමණි. 
යහපත සඳහා ලොව වෙනස් කළ යුතු නම් මුලින්ම වෙනස් විය යුත්තේ ඔබ ය. ඔබ අනුව ඔබ පවුලේ අනෙකුත් සාමාජිකයන් ද වෙනස් වෙනු ඇත. ඉන්පසු එය පැතිරයාම වේගවත් ය. මහා දේවල් සුළුවෙන් ආරම්භ කළ යුතු ය. 


මනා හික්මීම යනු ඉවසීමෙන් ප‍්‍රගුණ කළ යුත්තකි. එය ඉක්මනින් කළ හැක්කක් නොවේ. ඒ සඳහා කාලය අවශ්‍ය ය. එහෙත් අද මිනිසා විසින් සොයනු ලබන්නේ අඩු කාලයකින් වැඩි ලාභය උපදවන ලාභ බඩු ය. 


වසන්තයේ මල් ඵල දරණ ගස සිසිරයේ ඉපනැලි පමණක් ඉතිරි කරයි. වරෙක පියකරු දෙය තවත් වරෙක බියකරු දේ බවට පත්වෙයි. තාරුණ්‍ය ද එසේ ම ය. සියල්ල නැසෙන සුළු ය. නිත්‍ය වෙන්නේ අනිත්‍ය ම පමණි. 


ඔබ විසින් අතීතයේදී කරන ලද දෙය ආපසු දැකීමට අවශ්‍ය නම් ඔබේ ශරීරය දෙස බලන්න. සියල්ල එහි ලියැවී ඇත. ඔබේ අනාගතය කෙසේ විය හැකිදැයි දැකීමට අවශ්‍ය නම්, අද ඔබ විසින් කරනු ලබන ක‍්‍රියාවන් දෙස බලන්න. 


මිනිසාගේ අධ්‍යාත්මික හා ලෞකික පරම සතුරා අලසකම ය. නොගැලපෙන දෙයට බැඳී සිටීම ද අලසකම ය. තමන් සතු හැකියාවන් නිසි ලෙස තේරුම් නොගැනීම ද අලසකම ය. 


දලයි ලාමා විසින් විටින් විට පවත්වන්නට යෙදුණු දේශන කොටස් අඩංගු THE DALAI LAMA'S BOOK OF DAILY MEDITATIONS නම් ග‍්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද මෙම කොටස් සිංහලට පරිවර්ථනය කරන ලද්දේ; 

 

 

 

 


යටියන 
ක්ලැරන්ස් කොස්තා. 
ෂෙසානෝ, රෝමය, 
ඉතාලිය. 

 

 



අදහස් (0)

සත්‍ය දෙස හෙළන බුද්ධිමය දෘෂ්ඨිය හෙවත් තෙවැනි ඇසින් ලොව දැකීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site