
අඩි උස කාන්තා පාවහනක් හැඩයට යුරෝපයේ සිට මධ්‍යධරණී මුහුද ඔස්සේ අප්‍රිකානු මහාද්වීපය දෙසට දික්ව ඇති ඉතාලි භූමිය අප්‍රිකානු අනවසර සංක්‍රාමණිකයා යුරෝපයට පිවිසෙන දොරටුව ලෙස ප්‍රචලිතය. ඉතාලියට අයත් ලම්පෙදුසා වැනි දූපත් අප්‍රිකාවේ ලිබියාවට ආසන්නව පිහිටා තිබීම හේතුවෙන් අප්‍රිකානු අනවසර සංක්‍රමණිකයෝ ලිබියාවේ සිට සරණාගත විලාසයෙන් යුරෝපයට ඇතුළුවීම සඳහා බෝට්ටු මගින් ඉතාලියට පැමිණෙති.
ඔරොත්තු නොදෙන පමණට අප්‍රිකානුවන් පුරවාගත් කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ බෝට්ටු යාන්ත්‍රික දෝෂ නිසාවෙන් යයි කියමින් ක්‍රියා විරහිතව මධ්‍යධරණී දියඹ ඔස්සේ ඉතාලි මුහුද සීමාවට පාවී එන දර්ශන අඩංගු ඡායාරූප සංවේදී සිත් සසල කරවන සුළුවිය.
බෝට්ටු මගින් සරණාගත වෙසින් ඉතාලියට සංක්‍රමණය වෙන අප්‍රිකානු අනවසර සංක්‍රමණිකයා භාරගැනීම ඉතාලි වත්මන් රජය ප්‍රතික්ෂේප කිරීම මානව හිමිකම් උල්ලංගනය කිරීමක් මෙන්ම අමානුෂික තීරණයක් ලෙස දේශීය මෙන්ම විදේශීය චෝදනා ද එල්ලවීමට හේතු විය. එහෙත් ඉතාලි වත්මන් රජය තරයේම කියා සිටියේ මෙය සරණාගතයන්ගේ සංක්‍රණයක් නොව මිනිස් ජාවාරම්කරවන්ගේ කූට ව්‍යාපාරයක් බවය.
ඉතාලි ආරක්ෂක අංශ විසින් ජූනි මස විසිවැනිදා ඩ්‍රෝන යානාවක් උපයෝගී කරගනිමින් ලබාගෙන ඇති ඡායාරූප පෙළ මෙම බෝට්ටු සංක්‍රමනයේ සුලමුල හෙළිකිරීමට සමත්ව ඇත.
උක්ත ඩ්‍රෝන යානා ඡායාරූපයන්ට අනුව අප්‍රිකානුවන් අසූඑක් දෙනෙකු පටවාගත් මීටර පහලොවක් දිගැති ධීවර යාත්‍රාවක් ජූනි මස විසිවැනිදා ලිබියානු වෙරළින් පිටත්ව ඇත. මෙම ධීවර යාත්‍රාවට මධ්‍යම ප්‍රමාණයේ හිස් බෝට්ටුවක් ද පසුපසින් අමුණා ඇත. එම බෝට්ටුවට සවිකර ඇති මෝටරය ක්‍රියා විරහිත වූවකි. ප්‍රධාන ධීවර යාත්‍රාවේ සංඛේත නාමය මව් යාත්‍රාව ය. රහස් පණිවිඩ හුවමාරුවේදී යොදාගෙන ඇත්තේ මේ නමය.

ඡායාරූප දර්ශනවලට අනුව මධ්‍යධරණී දියඹ ඔස්සේ ඉතාලි මුහුදු සීමාවට ආසන්න වෙන මව් යාත්‍රාව තම මගීන් අසූඑක්දෙනා පසුපසින් ඈඳාගෙන පැමිණි බෝට්ටුවට ගොනුකර එය ඉතාලි මුහුදු කලාපයට දියත් කරයි. බෝට්ටුව තුළ සංක්‍රමණියන් ස්ථානගත කිරීමේදී ගමන සඳහා වැඩිම මුදලක් ගෙවූවන් බෝට්ටුවේ ආරක්ෂා සහිත තැන්වලට හිඳවනු ලැබූ බව ද පසුව හෙලිවී ඇත.
මගීන් හිස්කබල යාත්‍රාව යළි ආපසු ලිබියාවේ තොටුපොළක නැංගුරම් ලන මොහොත දක්වාම ඩ්‍රෝන යානය විසින් සියල්ල ඡායාරූප ගතකර ඇත. ඒ අතරම අප්‍රිකානුවන් රැගත් බෝට්ටුව ඉතාලි මුහුදු තීරයට ඇතුළුවන සැටිද මෙම ඡායාරූප වලින් මනාව පෙන්නුම් කරයි.
ජාත්‍යන්තර මිනිස් ජාවාරම චෝදනාව යටතේ උක්ත ධීවර යාත්‍රාව දැන් අත්අඩංගුවට ගෙන ඇත. අප්‍රිකානු බෝට්ටු සංක්‍රමණිකයාගේ කතාවේ සැබෑ තත්ත්වය සාක්ෂි සහිතව ඉතාලිය ලොවට පෙන්වුවද තවමත් එය පිළිගැනීමට ඇතැම් පාර්ශ්ව අකමැතිය. ජාත්‍යන්තර නීති විරෝධී ජාවාරමක් සාක්ෂි සහිතව ඔප්පු කර තිබියදීත් ඇතැමකු එය පිලිනොගැනීම විමතියට කරුණකි. කරුණු කෙසේ වුවද අප්‍රිකානු අනවසර සංක්‍රමණිකයා රටට වැද්ද නොගැනීමට ඉතාලි රජය ගෙන ඇති තීරණය මේ රජය පවතිනතුරු වෙනස් නොකෙරෙනු ඇත.

යටියන ක්ලැරන්ස් කොස්තා
ෂෙසානෝ, රෝමය ඉතාලිය.
2025 දෙසැම්බර් මස 18
665
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
322
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංක්‍රමණිකයන් ලෙසින් අප්‍රිකානුවන් යොදවාගෙන මිනිස් ජාවාරමුන් කළ හොරය ඉතාලිය හෙළි කරගනී