IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


ලොව වේගවත්ම දුම්රියෙන් මාතර සිට කන්කසන්තුරයට ගමන පැය භාගයෙන්

කුඉන්ටෙරෝ වන් දුම්රිය

 

 

ප්‍රහාරක ගුවන්යානයක වේගයට සමානව එනම් පැයට උපරිම කිලෝ මීටර එක්දහස් දෙසීයක වේගයෙන් යා හැකි දුම්රියක්, පසුගියදා ප්‍රංශයේ ටොලෝසා හිදී අත්හදාබලා ඇත. මෙම අධිවේගී දුම්රිය කුඉන්ටෙරෝ වන් (QUINTERO ONE) ලෙස නම්කර ඇත. 


මීටර් තිස්දෙකක් දිග ටොන් පහක් බරැති මෙම අධිවේගී දුම්රියේ කොටස් නිෂ්පාදනය සඳහා ශ්‍රම පැය විසිඑක්දහසක් ගතවී ඇති අතර, එම කොටස් එකට පිරිවැද්දීම සඳහා තවත් ශ්‍රම පැය පන්දහසක් වැයවී ඇත. මෙම දුම්රිය එයාර්ටිෆිෂල් (AIRTIFICIAL) නම් පෞද්ගලික සමාගමක් විසින් නිපදවා ඇත. 


පෘථිවි ගෝලය මතුපිට ආසන්නයේ ඇති වාතයේ ඝනත්වය, වේගය සඳහා ඇති ප්‍රධාන බාධකයයි. මෙම ඝන වාත ස්ථරය විනිවිද යාමට අධික බලයක් අවශ්‍ය වේ. මෙය වැළකීම සඳහා කුඉන්ටෙරෝ වන් අධිවේගී දුම්රිය ගමන් කරන්නේ මුළුමනින් ම වාතය හිස් කරන ලද දැවැන්ත නළ මාර්ගයක් ඔස්සේ ය. මෙම තාක්ෂණය හිපර්ලූප් (HIPERLOOP) නමින් හැඳින්වේ. හිපර්ලූප් තාක්ෂණය අධිවේගී දුම්රිය සඳහා යොදාගැනීමේ යෝජනාව 2013 වසරේ දී මුලින් ම ඉදිරිපත් කරන ලද්දේ “ස්පේස් එක්ස්” ආයතනය හිමිකරු වන එල්ටන් මස්ක් විසින් ය. මෙම තාක්ෂණයෙන් දුම්රිය ධාවනය පීලි මත දුම්රිය ධාවනයට වඩා ආර්ථික වශයෙන් ලාභදායී බව සහතික කෙරී ඇත. .

 

වාතය ඉවත් කළ නළය

 


විශේෂ ක්‍රමවේදයක් මගින් දැවැන්ත නළ මාර්ගයක් තුළ ඇති වාතය සහමුලින් ම ඉවත් කළවිට නළය තුළ නිර්මාණය වෙන්නේ, පෘථිවියේ සිට කි.මී. හැටක් ඉහළ වායුගෝලයේ ඇති ඉතා සරල වායු පීඩනය පමණි. මෙම වායු පීඩනය තුළ ඉතාම අඩු බල සැපයුමකින් අධික වේගයකින් ගමන් කළ හැකි ය. 


මෙම දුම්රිය ගමනාරම්භයේ සිට විනාඩි පහක් තුළ උපරිම වේගයට ළඟා විය හැකි වෙන අතර, ඊළඟ නැවතුමට කි.මී. සීයක් තිබිය දී එම වේගයෙන් මිදී වේගය පාලනය කරගත යුතුය. දුම්රිය මුළුමනින්ම පාලනය කෙරෙන්නේ පරිගණකය මගින් ය. 


එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ 2020 දී පවත්වන්නට නියමිත එක්ස්පෝ 2020 ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ දී මෙම අධිවේගී දුම්රිය ප්‍රදර්ශන තත්ත්වයෙන් මුලින් ම මහජනයාට දැකගැනීම සඳහා, අබුඩාබි හි මැක්ටොම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ඩුබායි හි එක්ස්පෝ ප්‍රදර්ශන භූමිය දක්වා වෙන කි.මී. එකසිය හැටක දුර ප්‍රමාණය විනාඩි දොළසකින් ගමන් කෙරෙනු ඇත. 


කුඉන්ටෙරෝ වන් අධිවේගී දුම්රිය සහ එය ධාවනය සඳහා දැනට එමීර් රාජ්‍යයේ තනා ඇති හිපර්ලූප් නළ මාර්ගය ජායාරූපයෙන් දැක්වේ. 

 

කණු මත දිවෙන නළ මාර්ගය

 

 


කල්ප ගුරුගේ 
මිලානෝ, ඉතාලිය.



අදහස් (0)

ලොව වේගවත්ම දුම්රියෙන් මාතර සිට කන්කසන්තුරයට ගමන පැය භාගයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 229 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 282 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1201 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site