
තරගයක ගෝලයක් ලබාගත් අවස්ථාවක්

නීති විරෝධී ක්‍රියාවකට දඬුවම් ලබා...
මීට වසර හතළිහකට පෙර, එනම් 1978 මැයි මස දහතුන්වැනිදා පාර්ලිමේන්තු පනතක් මගින් පිස්සා සහ පිස්සන්කොටුව යන වචන දෙක ඉතාලියේ තහනම් කරන ලදී. (ෆ්‍රැන්සිස්කෝ බසාලියා අංක 180 නීතිය) මේ අනුව මානසික රෝගීන් සඳහා පැවති රෝහලක් යුරෝපයේ ප්‍රථමවරට වසා දමන ලද්දේ ඉතාලියේ (රෝමයේ) ය. 1978 ඉහත සඳහන් නීතිය සම්මත වෙන විට ඉතාලියේ මානසික රෝගීන්ගේ සංඛ්‍යාව එක් ලක්ෂයක් වී යයි සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
ඉතාලියේ මානසික ආබාධයන්ගෙන් පෙලෙන්නවුන්ගේ සංඛ්‍යාව අද වනවිට ලක්ෂ හැටකි. යාචකයන්, හිසට වහලන් නැතිවුන් හෝ මතට ඇබ්බැහිවූවන් ලෙස අද මොවුන් හැඳින්වෙති. රජයේ රෝහල්වල මානසික ආබාධිතයන් සඳහා වන වාට්ටු අවම කිරීම හේතුවෙන්, මෙම පිරිසෙන් බහුතරය නිදැල්ලේ හැසිරෙති.
ඉතාලි සිනමාවේදීන් දෙදෙනෙකු විසින් නිෂ්පාදනය කරන ලද මානසික රෝගීන් පාපන්දු ක්‍රීඩා කරනු ලබන “ක්‍රේසි ෆෝ ෆුට්බෝල්” නම්වූ වාර්තාමය චිත්‍රපටය ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම වාර්තාමය චිත්‍රපටයේ තේමාව වූවේ ප්‍රථම වරට ජපානය විසින් 2016 දී සංවිධානය කරන ලද මානසික ආබාධිතයන් සඳහා වූ පාපන්දු තරගයයි.
ඉතාලියේ ෆ්‍රැන්සිස්කෝ බසාලියා නීතියට වසර හතළිහක් පිරීම නිමිත්තෙන් උක්ත සිනමාවේදීන් දෙදෙනා විසින් යුරෝපයේ ප්‍රථම වරට මානසික ආබාධිතයන් සඳහා වන ජාත්‍යන්තර පාපන්දු තරගයක් රෝමයේ සංවිධානය කළහ. මේ තරගාවලිය “ඩ්‍රීම් වර්ල්ඩ් කප්” නමින් හැඳින්විණි. මෙම තරගාවලිය මැයි මස 13 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වුණු අතර, ස්පඤ්ඤ, අර්ජන්ටිනා, චිලී, ප්‍රංශ, ජපාන, පෙරූ, සෙනගල්, යුක්රේන, හන්ගේරියානු සහ ඉතාලි මානසික ආබාධිත පාපන්දු කණ්ඩායම් තරග වැදුනහ. මෙම තරගාවලියේ අවසන් වටය සඳහා ඉතාලි හා චිලී රටවල පාපන්දු කණ්ඩායම් සුදුසුකම් ලැබූ අතර, අවසන් මහා තරගයෙන් ඉතාලි පාපන්දු කණ්ඩායම පහසු ජයක් ලබාගනිමින් “ඩ්‍රීම් වර්ල්ඩ් කුසලාන” හිමිකරගන්නා ලදී.

ගැස්කොන් ලාසරස්.
රෝමය, ඉතාලිය.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රට රටවලින් පැමිණි පිස්සෝ රෝමයේදී ෆුට්බෝල් ගසති