IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මිලානෝ නගරයේදී නිදහස් ජය සැමරූ දා

 

 

ශ්‍රී ලංකාද්වීපයේ 72 වැනි ජාතික නිදහස් සමරුව පෙබරවාරි 04 වැනි දිනට යෙදී තිබුණි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් රාජ්‍ය උත්සවයක් වසරක් පාසා පවත්වන අතර ඊට සමගාමීව විදේශවල ස්ථාපිත කර ඇති රජයේ තානාපති කාර්යාල තුළද සාම්ප්‍රදායික නිදහස් උත්සව පැවැත් වූ බව ජනමාධ්‍යවලින් ප්‍රචාරය විය. නිදහස සැමරීම රාජ්‍ය උත්සව කටයුත්තක් ලෙස සැලකුවද යම් සංවිධානයක් හෝ පිරිසක් විසින් එය තම පෞද්ගලික වියදමින්  කරන අවස්ථා  ඉතා විරලය.


එවන් විරල අවස්ථාවකට සහභාගීවීමට ඉතාලියේ මිලානෝ නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට පෙබරවාරි 09 වැනි දින ඉඩ හසර විවර වුණි. ඒ සමාජ ක්‍රියාකාරිකයෙකු වූ  නිශාන්ත ජයකොඩි සහ ලාල් ප්‍රියශාන්ත ප්‍රමුඛ දේශ හිතෛෂීන් පිරිසක් විසින් 72 වැනි නිදහස් සමරු උත්සවය ඉතාමත් උත්කර්ශවත් ලෙස මිලානෝ පී.මේ. රංගශාලාවේ පැවැත්වීමට කටයුතු කර තිබීම නිසාවෙනි. මෙම අභිමානවත් උත්සවය සඳහා ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය ව්‍යාපාරික ශෙරිල් - කිශල් මහත්ම මහත්මීන් විසින් ලබා දී තිබුණි. 
උත්සවය ආරම්භයේදීම ජාතික ගීතය ගායනා කළ අතර ශෙරිල් - කිශල් යුවල අතින් ජාතික ධජය ඉහළට ඔසවන ලදී. ඉතාලියේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය පණ්ඩිත මහගම විපුලසිරි මහ නා හිමිපාණන් විසින් පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිට වූ අතර මිලානෝ කිතුණු සංඝයේ දේශාන් ප්‍රනාන්දු  ගරු පියතුමාණන් විසින් කෙටි ආශීර්වාද පූජාවක්ද පැවැත් විය. 


ආගමික කටයුතුවලින් පසුව පී.මේ. රංගශාලාවේ වේදිකා හස්තය මත සංස්කෘතික පෙළහර දිග හැරුණි. මෙම  සංස්කෘතික අංග සඳහා උඩරට, පහතරට, සබරගමු සම්ප්‍රදායන්ට අයත් නර්තන විශේෂාංගද, දේශාභිමානී ගී ගායනාද, ද්‍රවිඩ නර්තනයන්ද එකතු කර  තිබුණි. ඒ අතරට පුංචි පුතෙකු විසින් ඉදිරිපත් කළ කථාවද ප්‍රේක්ෂකයින්ගේ නොමඳ පැසසුමට ලක් විය. 


මිලානෝ නගරයේ පවත්වාගෙන යන ජාත්‍යන්තර පාසල්වල සිසු සිසුවියන් සහ විවිධ කලා ආයතනවල දරු දැරියන් විශාල සංඛ්‍යාවක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.වේදිකාව මතදී මෙම දරුවන් දැක්වූ දස්කම්  දුටු ප්‍රේක්ෂකාගාරයේ සිටි ජනතාව ශාලාව ගිගුම් දෙන තරමට අත් පොළසන් හඬ නැගූහ. සහභාගී වී සිටි සියළුම දරු දැරියන් වෙත වටිනා සහතික පත්‍රයක් ප්‍රදානය කිරීමටද සංවිධායක පිරිස කටයුතු කර තිබීම අගය කළ යුතුය.


මාතෘ භූමියේ අභිමානය වෙනුවෙන් කවදත් පෙරමුණ ගෙන ක්‍රියා කරන මිලානෝ සහ අවට නගරවල වෙසෙන දේශමාමක ශ්‍රි ලාංකිකයින් පී.මේ. ශාලාව තුළ අතුරු සිදුරු නැතිව රොද බැඳ සිටියේ තමා උපන් මාතෘ භූමියට ණය නැති බව පසක් කරලීමට බව සිතේ. එම සැබෑ දේශප්‍රේමී ජනතාවට මෙන්ම මෙවන් උදාර කටයුතු සංවිධානය කරන සමාජ ක්‍රියාකාරීන්ට මුළු මහත් ජාතියේම ප්‍රණාමය පුද කළ යුතුය. එම අවස්ථාවේ ඡායාරූප කීපයක් පහතින් දැක්වේ.


සුමිත් අරුණ 
ඉතාලියේ  මිලානෝ නුවර සිට



අදහස් (0)

මිලානෝ නගරයේදී නිදහස් ජය සැමරූ දා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 511 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 313 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site