


කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය 23 වැනි ඉරුදින ඉතාලියේ මිලානෝ නුවරට සැපත් වූහ. පසුගිය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරවලින් විපතට පත් දෙස් විදෙස් ජනතාව වෙනුවෙන් මිලානෝ කිතුණු සංඝය විසින් සූදානම් කර තිබූ විශේෂ දේව මෙහෙය පැවැත්වීම සඳහා උන්වහන්සේට ආරාධනා කර තිබුණි.
රෝමයේ වතිකානයේ සිට පැමිණි උන්වහන්සේ සමග ඉතාලියේ සංක්‍රමණික ශ්‍රමිකයින් භාර ගරු නෙවිල් ජෝ පියතුමන්ද, ගරු ජූඩ් සමන්ත පියතුමන්ද, ගරු ඩෙනිස්ටන් සුභසිංහ යන පියතුමන්ලාද එක්වී සිටියහ. මිලානෝ නගර මධ්‍යයේ පිහිටි ශාන්ත අන්තෝනි අබාතේ දේවස්ථානයේදී ඉරු දින උදෑසන 10.30 ට මෙම දිව්‍ය යාගය ආරම්භ වූ අතර ඒ සඳහා අතිවිශාල ශ්‍රී ලාංකික ජනතාවක් සහභාගිවී සිටියහ. ශ්‍රී ලංකා ජන රජයේ මිලානෝ කොන්සල් ජෙනරාල් ගරු ඩෙන්සිල් ෆොන්සේකා මහතාද මෙම අවස්ථාවට සහභාගිවී සිටිනු දක්නට ලැබුණි. අතිඋතුම් කාදිනල් උතුමාණන් සමග මිලානෝ කිතුණු සංඝයේ අධ්‍යාත්ම උපාධ්‍ය ගරු ක්ලෝඩ් වනසිංහ පියතුමාද, සංජීව පෙරේරා පියතුමාද මෙම දිව්‍ය පූජාවේ ආගමික කටයුතු මෙහෙයවූහ. දිව්‍ය පූජාව අවසානයේ මිලානෝ කිතුණු සංඝය විසින් උන් වහන්සේ වෙත යුරෝ දස දහසක මුදලක් පරිත්‍යාග කළ අතර එම මුදල් එදින දිව්‍ය පූජාවට සහභාගි වූ බැතිමතුන් විසින් සහ විවිධ ධන පරිත්‍යාගශීලීන් විසින් කළ පරිත්‍යාගයන් විය. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවගේ සුබසාධනය සඳහා මෙම මුදල් වැය කරන බව අතිඋතුම් අගරදගුරුතුමන් පැමිණ සිටි බැතිමතුන් අමතා පවසා සිටියහ.
සුමිත් අරුණ
ඉතාලියේ මිලානෝ නුවර සිට
2025 දෙසැම්බර් මස 04
337
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
426
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
397
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැල්කම් කාදිනල් රංජිත් හිමි ඉතාලියේ මිලානෝහි දේව මෙහෙයක