IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දුරුතු පොහොය සමග ගුණ සමරු පින්කමක් සයිප්‍රසයේදී

 

 

2020 නව වසරේ ප්‍රථම බෞද්ධාගමික පින්කම ලෙස 2020 ජනවාරි 12 වැනි ඉරු දින සයිප්‍රස් ශ්‍රී ලංකාරාම විහාරයට අනුබද්ධිත නිකෝසියා සදහම් සෙවණේදී පැවැත්විණ. දුරුතු පුන් පොහොය මූලික කොටගනිමින් පෙහෙවස් සමාදන් වූ උවැසියන් දාන ශීල භාවනා ආදී ආමිස හා ප්‍රතිපත්ති පූජා වැඩසටහන් ද ඊට සමගාමීව සුවිශේෂී වූ කෘතවේදී පින්කමකි.

එනම් මෙම සයිප්‍රස් රාජ්‍යයෙහි සම්බුදු දහම ස්ථාපිත කළ කැලණිය වේවැල්දූව ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ රාජමහා විහාරය හා සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාම යන උභය විහාරාධිපති සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක කාව්‍ය විභූෂණ මොරවක සෝරත හිමිපාණන් වහන්සේගේ ආදරණීය මෑණියන් අභාවප්‍රාප්ත වී දෙවර්ෂ පූර්ණ ගුණ සමරු පින්කමකි.   


වසර 14ක් පුරා මෙම සයිප්‍රස් දේශයේ වෙසෙන ශ්‍රී ලාංකික අප සැමට උන්වහන්සේගෙන් ලද අවවාද අනුශාසනා හා ගුරු හරුකම් අපමණය. එපමණක් නොව ආගමික, ජාතික සහ සංස්කෘතික යන සෑම කාර්යයකදීම පෙරමුණ ගනිමින් මව්බිමේ නාමයෙන් සියලු දෙනා එකට එකතු කරගනිමින් කටයුතු කරන උන්වහන්සේට ශාසනික ඥාතීන් බොහෝ පිරිසක් ඇත. එම කළගුණ දත් දායක පිරිස මෙම මහඟු පුණ්‍යකර්මය සංවිධානය කොට තිබිණ. එවැනි වටිනා බද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් බිහි කළ මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස සිදු කළ මෙය වචනයේ පරිසමාප්තියෙන්ම සුවිශේෂී දුර්ලභ වූ පූජාවක් විය. ශ්‍රී දළදා මාලිගාවේ සාම්ප්‍රදායානුකූල දහවල සම්බුද්ධ පූජාව දෙතිස් ව්‍යංජන සමගින් පූජා කෙරෙන ආකාරයටම මෙවන් විදෙස් රටකදී වුව ද ඉතා දුෂ්කරතා මධ්‍යයේ එම දෙතිස් ව්‍යංජන සහිත දිවා පූජාව සිදු කරනු ලැබූයේ අතිවිශාල සැදැහැතියන්ගේ සාධුකාර හඬ මධ්‍යයේයි. මෙම පූජාව මෙහෙයවන ලදදේ නිට්ටඹුව සාරිපුත්ත අධ්‍යාපන විද්‍යාපීඨයේ හිටපු පීඨාධිපති රන්මුතුගල විහාරවාසී ශාස්ත්‍රපති අමුණුපුරේ ශීලවංශ ස්වාමීන් වහන්සේයි. පූජ්‍ය කරලියද්දේ කමලසිරි ස්වාමීන් වන්සේ ද මෙම පින්කමට සහභාගී වූ අතර ශ්‍රී ලංකා කොන්සුල් කාර්යාලයේ නිලධාරීන් සහ බොහෝ පිරිසකගේ සහභාගීත්වය ද දක්නට ලැබිණ. 

 

 

 

 
විමලා යාපා  
සයිප්‍රස් ශ්‍රී ලංකාරාම බෞද්ධ සංගමයේ මාධ්‍ය ඒකකය   



අදහස් (0)

දුරුතු පොහොය සමග ගුණ සමරු පින්කමක් සයිප්‍රසයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 41 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 929 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site