මුහුදු රකුසාගෙන් බේරාගන්න කළ මෙහෙයුමක්

සමුද්‍ර යාත්‍රාවන්ට රාත්‍රී කාලයේ මගපෙන්වනු ලබන ප්‍රදීපාගාරයක් ගොඩබිම තිබුණු ස්ථානයේ සිට මීටර් අසූවක් රට අභ්‍යන්තරයට ගමන් කරවූ පුවතක් ඩෙන්මාර්කයෙන් වාර්තා වේ.
ඩෙන්මාර්කයේ උතුරු ප්‍රදේශයේ රූබර්ග් නූඩ් හි මීට වසර එකසිය විස්සකට පෙර උක්ත ප්‍රදීපාගාරය ගොඩනගන විට එය මුහුදේ සිට මීටර් දෙසීයක් දුරින් පිහිටා තිබුණි. එහෙත් දැඩි මුහුදු ඛාදනය හේතුවෙන් මේ වනවිට ප්‍රදීපාගාරය මුහුදට මීටර් හයක දුරින් අනතුරුදායක අවස්ථාවකට ආසන්නව තිබුණි. නව ප්‍රදීපාගාරයක් ගොඩනැගීමේ විකල්පයෙන් මිදුණු ඩෙන්මාර්කය, ඔක්තෝබර් මස විසිදෙවැනිදා මෙම ප්‍රදීපාගාරය පිහිටි තැනට නුදුරින් රට අභ්‍යන්තරයේ වූ ආරක්ෂා සහිත ස්ථානයකට නිරුපද්‍රිතව ගමන්කරවීමට සමත්විය.
මීටර් විසිතුනක උසකින් යුත් සහ ටොන් දහසකට ආසන්න බරකින් යුත් මෙම
ප්‍රදීපාගාරය, පීලි මතින් මීටර් අසූවක් රට අභ්‍යන්තරයට ගමන් කරවා ඇත. පීලි මත ප්‍රදීපාගාරයේ ගමන් වේගය පැයකට මීටර් අටක් වූ බව ද ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් ය.
චාපි කෝසලා.
මියුනිච්, ජර්මනිය.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩෙන්මාර්කයේ ප්‍රදීපාගාරයක් පීලි මතින් රට තුළට ගෙනයයි