මේ වෙනවිට ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන කොරෝනා වයිරසය මැදපෙරදිග රටවලටත් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව විවිධ මාධ්‍ය සහ තොරතුරු සනාථ කරයි.
චීනය මූලික කර ගනිමින් ව්‍යාප්ත වූ කොරෝනා නම් මාරක වයිරසය මේ වෙන විට ඉරානය, ඉතාලිය, ඇමෙරිකාව මෙන්ම බහරේනය, කුවේටය වැනි මැදපෙරදිග රටවල්වලට ද සුළු වශයෙන් හෝ ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන අතර එම රටවලට අවටින් සිටින සෞදි අරාබියාවට ව්‍යාප්ත වීමේ ඉඩ කඩක් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි. මාරක වයිරසයක් වන කොරෝනා වැනි වයිරසයක් මීට වසර කිහිපයකට පෙරද සෞදි අරාබියේ ජීවිත කිහිපයක් බිලිගත් නමුත් එම වයිරසය ඔටුවන්ගේ ශරීරයෙන් නිකුත් වූ වයිරසයක් බවට සොයා ගත් අතර එයට නිසි ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව මෙතෙක් කිසිදු පුද්ගලකයකු හට එම වයිරසය වැළඳී හෝ ආසාධිත බවක් වාර්තා වී නොමැත. කෙසේ වුවද හුස්ම ගැනීමේ අපහසුතා සහ පෙනහළු තුළ ආසාදනයක් පමණක් ඇතිවූ එම වයිරසය මේ තරම් භයානකව ව්‍යාප්තවීමේ අවදානමක් නොතිබිණ.
කෙසේ වුවද මේ වනවිට ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින මෙම අති භයානක කොරෝනා වයිරසය සැලකිය යුතු වර්ධනයක් පෙන්වමින් මැදපෙරදිග රටවලටත් සංක්‍රමණය වෙමින් පවතින අතර බහරේනය, කුවේටය යන රටවල කිහිප දෙනෙකුම ආසාධිත වී ඇති අතර සෞදි අරාබිය තුළ ද ඒ පිළිබඳව දැඩි අවධානයකින් පසු වන්නේ ඉරානය සහ බහරේනය යන රටවල පුරවැසියන් හෝ සෞදි පුරවැසියන් එම රටවල සංචාරය කිරීම නිසාය. එසේ වුවද මේ වනවිට සෞදි අරාබියානු ජාතිකයින් දෙදෙනකු හට මෙම වයිරසය ආසාදිතව ඇති බව සෞදි රජය නිල වශයෙන් පිළිගෙන ඇති බව ද මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර සෞදි අරාබියානු රජය විසින් කොරොන වයිරසය රට තුළට පැමිණීම වැළැක්වීම උදෙසා කොරෝනා නිරෝධායන රෝහල් 25ක් ස්ථාපනයට පියවර ගෙන ඇති අතර උම්රා වන්දනාවේ පැමිණෙන පිරිස තාවකාලිකව අත්හිටවා ඇති අතර සංචාරක වීසා සඳහා චීනය, තායිපේ, හොංකොං, ඉරාන්, කොරියාව, ජපානය, තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඉරාකය, පිලිපීනය, සිංගප්පූරුව, ඉන්දියාව, ලෙබනනය, සිරියාව, යේමනය, අසර්බයිජානය, කසකස්තානය, උස්බෙකිස්තානය, සෝමාලියාව, වියට්නාමය යන දේශයන්ගෙන් පැමිණෙන අය රට තුළට ඇතුළු වීම තාවකාලිකව අත්හිටවා ඇති බව සෞදි ගුවන් සේවය නිවේදනයක් මගින් සඳහන් කර ඇත.
සෞදි අරාබියට පැමිණෙන සමහර රටවල ගුවන් ගමන් ද තාවකාලිකව නවතා දමා ඇති අතර ගල්ෆ් කලාපීය රටවලින් පැමිණෙන පුරවැසියන් පිළිබඳව විශේෂ අවධානයකින් පසු වෙන සෞදි රජය ඉදිරි කාලය තුළ නිරෝධායන මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් ස්ථාපනය කිරීමට ද යුහුසුළුව පියවර ගන්නා බව ද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ අතර කටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනුයේ කොරෝනා වයිරසය ආසාදිත වූවන් කටාර් රාජ්‍ය තුළ වාර්තා වී ඇති බැවින් තම සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳව වඩාත් විමසිලිමත් වෙන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින අතරම වයිරසය ආසාධිත බවට සැකසහිත රෝග ලක්ෂණ පහළවී ඇත්නම් ළඟම පිහිටි රෝහල වෙත යාමට කටයුතු යොදන ලෙස කටාර් රජය උපදෙස් ලබාදී ඇති බවත් කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා ස්ථාපනය කර ඇති විශේෂ දුරකථන අංකය වන 16000 අමතා උපදෙස් ලබා ගන්නා ලෙසයි. කටාර් තානාපති කාර්යාලය මගින්ද 0097474703413 අංකය ද සම්බන්ධ විය හැකි බව ද සඳහන් කරයි.
මෙම වයිරසය පිළිබඳව රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය බලධාරීන් පැවසුවේ තම ආරක්ෂාව පිළිබඳව නිරන්තරයෙන් සැලකිලි මත වෙන ලෙසත් නිවෙස් තුළින් පිටවන සෑම අවස්ථාවකදීම මුඛ වැසුම් මෙන්ම අත් වැසුම් පැළඳීම සහ අනිකුත් ආරක්ෂක ක්‍රමවේද පිළිපැදිය යුතු බවත්ය.
රණසිංහ ප්‍රේමලාල්
සෞදි අරාබිය
ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා වශයෙන් අභිනවයෙන් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු මතභේදාත්මක විධායක නියෝග රැසකට සිය අස්සන යෙදූ අතර, ඇ
කොරියාවේ දී පසුගිය දා සිදුවූ, නිසි හේතුවක් තවමත් අනාවරණය කරගත නොහැකි වූ බෝයිං ගුවන් යානයේ අනතුර සම්බන්ධයෙන් භාවනායෝගීව සිටින ධ්‍යානලාභී හිමිනමක් හෙ
සිරියාවේ මොකද වෙන්නේ...? මේ පසුගිය ඉරිදා සිට මේ දක්වා ලෝකයේත් ලංකාවේත් විදෙස් තතු ගැන උනන්දුවක් දක්වන්නන් අතර නිරන්තරයෙන් නැගුණ ප්‍රශ්නයක්. කොහොමත් 2011 අ
එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.
දකුණු ඉන්දීය සුපිරි තරුව තලපති විජේ, තමිල්නාඩුවේ විල්ලුපුරම් දිස්ත්‍රික්කයේ වික්‍රවන්දි නගරේ දැවැන්ත වේදිකාවට පය තැබුවේ ලක්ෂ තුනකට වැඩි රසික රසික
සතියේ මාතෘකාව ආරුගම්බේ විය. රට පුරා ආන්දෝලනයකි. ඒ ඇමෙරිකාව “ සංචාරක අනතුරු ඇඟවීමක්” නිකුත් කර බට කැලේට ගිනි තැබීමත් සමගයි.’’ සංචාරක පුරවරයක් වෙන ආරුගම
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කොරෝනා වයිරසය මැදපෙරදිගත් ගිලගනීද?