
වෙසක් පොහොය නිමිත්තෙන් සයිප්‍රස් ශ්‍රී ලංකාරාම විහාරයේ පැවැති ශීල ව්‍යාපාරයට සහභාගි වූ පිරිසෙන් කොටසක්
ලෝකවාසී බොදු බැතිමතුන්ට සහ ලංකාවාසී ජනතාවට ඉතාම වැදගත් පොහොය දිනයකි පොසොන් පොහොය. මිහිඳු මහරහතන් වහන්සේ අප ශ්‍රී ලංකාද්වීපයට වැඩම වීම මින් ප්‍රධානම හා වැදගත්ම කරුණ වන්නේය.
සයිප්‍රස් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලංකික ජනතාවට මෙවන් සෑම ආගමික හා සංස්කෘතික සැමරුම් පැවැත්වීමට ද තම සේවයෙහි යෙදෙමින් භෞතික ඵල නෙලා ගන්නා අතර අාධ්‍යාත්මික ඵල නෙළා ගන්නට තෝතැන්නක් බඳු වූ පිං කෙත ශ්‍රී ලංකාරාම පිං බිමයි. පසුගිය මස ඉතාම උත්කර්ෂවත් අන්දමින් වෙසක් පිංකම ද පවත්වන්නට යෙදුණි.
2019 වසරේ ජුනි මස 16 වැනි ඉරු දිනට යෙදී ඇති පොසොන් පුර පසළොස්වක පොහොය නිමිති කරගනිමින් සයිප්‍රස් ශ්‍රී ලංකාරාමයට අනුබද්ධිත ස්ථාන කිහිපයක පිංකම් මාලාවක් සූදානම් කර ඇති බව විහාරස්ථ දායක සභාව දැනුම් දෙනු ලබයි. ඒ අනුව 16 වැනි ඉරු දින උදෑසන සිට නිකෝසියා සදහම් සෙවනෙහි ද ලිමාසෝල් සදහම් මැදුරෙහිදී ද සීල භාවනා වැඩසටහන් දවස පුරා පැවැත්වෙයි. ඉන්පසු එදිනම සන්ධ්‍යාවෙහි නිකෝසියා සිමලොප්පු මහ විහාරයෙහි බෝධි පූජාමය පිංකමක් පැවැත්වෙයි.
තව ද පොසොන් පොහොය නිමිති කර ගනිමින් පසු එළඹෙන ඉරු දින එනම් 2019.6.23 වැනි දින සයිප්‍රසයේ පාපොස් නගරයේ වෙසෙන ලාංකික පිරිස එම නගරයේ නගර සභා ශාලාවෙහි ආගමික හා සංස්කෘතික වැඩසටහනක් පැවැත්වෙන බව දැනුම් දෙනු ලබයි. විහාරාධිපති අතිපූජ්‍ය මොරවක සෝරත නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන අනුශාසනයෙන් හා පූජ්‍ය කුඩාරඹාවැවේ ධම්මගවේසී ස්වාමීන් වහන්සේගේ සහභාගීත්වයෙන් මෙම සෑම පිංකමක්ම පවත්වන අතර දවස පුරා පැවැත්වෙන මෙම වැඩසටහන් වෙනුවෙන් මෙහි වෙසෙන ලාංකික සැමට සහභාගි වන ලෙස කෙරෙන සුහද ආරාධනාවයි.
විමලා යාපා සයිප්‍රස් සිට.
2025 දෙසැම්බර් මස 18
665
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුම් පොසොන් පොහොය බැතියෙන් සමරමු