දුප්පත්කමේ හිණි පෙත්තෙන්
බිමට බහින්න
පුංචි දෝණිට අධ්‍යාපනයක් දෙන්න
සිහින පොදි බැඳ ගෙන ආපු
ෙම් ගමනට හරහට හිටියේ ඔබේ ලස්සන
සිහිං ඇඟ පතද?
කම්මුල් වළ ගැසෙන හිනාවද
එවන් ලස්සන රූ සපුවක් ඇති ඔබව
අභිසරු ලියක් කළේ කවුද?
ඔබ ඔබටම ද්‍රෝහී නොවන්න
ඔබේ සිනහව ආගන්තුක
පිළිගැනීමක් වුව
විජාතිකයින් එයින් අදහස් කළේ
සපුරා ගන්න යමක් ඉල්ලන
දෙනතකුයි සිතා එයට රැවටී ඔබ
අභිසරු ලියකි වූයේ ඇයි?
තවත් ඒ ගැන හිතන්න ඔබට ඇත්තේ
පුංචි කාලයක් පමණයි.
නිට්ටඹුව රන්පොකුණගම
ඒ.එම්. විතාරණ
සවුදි අරාබියේ සිට

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd