IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ප්‍රේමලාල්ගේ මරණීය දණ්ඩනය වෙනුවෙන් අභියාචනා පෙත්සමක්

(ලසන්ත නිරෝෂණ පෙරේරා )      

රත්නපුර මහාධිකරණයේ දී පසුගිය 31 වැනිදා මරණිය දණ්ඩනය නියම වූ හිටපු රාජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර මහතා වෙනුවෙන් අභියාචනා පෙත්සමක් ඔහුගේ නීතිඥයින් විසින් රත්නපුර මහාධිකරණයට අද (04) වැනිදා ඉදිරිපත් කළේය.

ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතාගේ උපදෙස් අනුව නීතිඥ චන්දික පිරිස් සහ නීතිඥ ටි.එම්. ජනක සුමේධ යන මහත්වරුන් විසින් මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කරනු ලැබීය.

1079 අංක 15 දරණ අපරාධ නඩු විධාන පනතේ 331(1)  වගන්තිය ප්‍රකාරව මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කරනු ලැබීය.                       

පසුගිය 2015 වසරේ ජනවාරි 05 වැනිදා කහවත්ත නගරයේදී එවක ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතගේ ප්‍රචාරක රැස්වීමක සැරසිලි කරමින් සිටි එක්සත් ජාතික පක්ෂ අධාරකරුවෙකු වන සුනිල් පෙරේරා නොහොත් ශාන්ත දොඩම්ගොඩ මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සහ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීම, නීති විරෝධී ජනරාශියක සාමාජිකයින් වීම ඇතුළු චෝදනා අටක් මත ප්‍රේමලාල් ජයසේකර , හිටපු පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ වත්මන් සභාපති වජිර දර්ශන ද සිල්වා යන මහත්වරුන්ට රත්නපුර මහාධිකරණ විනිසුරු රෝහාන් ජයසුරිය මහතා විසින් ඉකුත් 31 වැනිදා මරණිය දණ්ඩනය නියම කළේය.

එහිදී පැමිණිල්ල විසින් සාක්කි 58 ක් ඉදිරිපත් කර තිබුණි. තුන්වැනි විත්තිකරු වූ ප්‍රේමලාල් ජයසේකර මහතා වෙනුවෙන් පමණක් අභියාචනා පෙත්සම අද ඉදිරිපත් කළ අතර අනෙක් දෙදෙනා වෙනුවෙන් පසුව අභියාචනා පෙත්සම් ඉදිරිපත් කරන බව නීතිඥ ජනක සුමේධ මහතා පෙත්සම ඉදිරිපත් කිරීමෙන් පසු පැවසීය.

ප්‍රේමලාල් ජයසේකර මහතා මෙවර මහා මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ ඉදිරිපත්ව සිටි.



අදහස් (15)

ප්‍රේමලාල්ගේ මරණීය දණ්ඩනය වෙනුවෙන් අභියාචනා පෙත්සමක්

mohomed Tuesday, 04 August 2020 01:11 PM

සහරාන්ගේ බිරිඳ ලංකාවට ආවාම එයාට ඡන්දය ඉල්ලන්නත් පුළුවන්... ලංකාවේ නීතියක් නැහැ.

:       412       692

mohomed Tuesday, 04 August 2020 01:13 PM

මෙහෙමත් නීතියක්... ලෝකයේ මොනම රටකවත් නැහැ. ලංකාව පමණයි මරණ දණ්ඩනයට ලක්වුණු කෙනෙක් ඡන්දය ඉල්ලන්නෙත්...

:       1448       2113

Warnakulasuriya Wednesday, 05 August 2020 05:42 AM

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඒ දවස්වල ඔය පැත්තේ ඇමති වෙලාහිටියා නම් පාක්ෂිකයින්ගේ මයිලකටවත් අත තියන්න දෙන්නේ නැත. නාගානන්ද කොඩිතුවක්කු, රංජන් රාමනායක අධිකරණයට කරන විවේචන සාධාරණද අසාධාරණද යන්න මේ අභියාචනා විභාගයෙන් පසු අධිකරණ තීරණය මගින් ජනතාවට තේරුම් ගතහැකියි...

:       0       1

දිමුත්Wednesday, 05 August 2020 06:21 AM

ඔය කවුරු විනයයි, සදාචාරයයි ගැන කතා කළාට මේ රට හදන්න බැරි බව ඇස් පනාපිට ඔප්පු වෙමින් පවතියි...

:       0       1

සහන් Tuesday, 04 August 2020 01:21 PM

ආ ඔය තියෙන්නේ මම නම් කලින්ම දැනගෙන හිටියා ඡන්ද ගුණ්ඩුවක් විදියට තමා ඔය මරණ දඬුවම නියම කරවලා තියෙන්නේ කියලා. පක්ෂ බේදයකින් තොරව වැරදි කරුවන්ට දඬුවම් දෙනවා කියලා... ජනතාවට බොරුවට අඟවන්න තමා ඔහොම කලේ. ඡන්දෙන් පස්සේ සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරයි. දෑත් ශක්තිමත් කරපු කෙනෙක්ට දඬුවම් ලැබෙනවා කියලා හිතන එක විහිලුවක්...

:       2018       3116

de silva Tuesday, 04 August 2020 01:34 PM

අර රජතුමාගේ බිසව මුස්ලිම් නිසා රාජසභා මණ්ඩපේ කඩපු එක ප්‍රශ්නයක් නැහැ වගේ.. ඝාතනය කර තිබෙන්නේ මෛත්‍රීට කඩේ ගිය කෙනෙක් නිසා මේක එච්චර ප්‍රශ්නයක් නැහැ කියන මතය සමාජගත කරමු. එතකොට මේ ප්‍රශ්නය නිකන්ම යටයනවා.

:       414       1204

Ruhunu Tuesday, 04 August 2020 02:06 PM

නීතියෙන්ම දඬුවම් කරනවා. නිතියෙන්ම දඬුවම් වෙනස් කරනවා. මොනවට උසාවිවලින් මෙහෙම තින්දු දෙනවද මන්දා.. ?

:       240       1002

විජිත් Tuesday, 04 August 2020 02:12 PM

මෙයාගේ සිහිනය මියයයි කියලයි.. මට හිතෙන්නේ.. කොළඹ විශ්වවිද්‍යාලයේ කට්ටියක් කරපු පරිඝනකයකිනුත් පෙන්නන්නේ මෙයාගේ කට්ටියට 85 -95 ටත් වඩා කොහෙත්ම ගන්න බැහැයි කියලා. ඒ පාවෙන ඡන්දත් සමගයිලු. පාවෙන ඡන්ද අනිත් පැත්තට වැටුණොත් මේ අයට තවත් 2ක් විතර අඩු වෙනවා. එහෙම වුණොත් මේ මිනීමරුවාව මගදීම එල්ලයිද දන්නෙත් නැහැ. අපි බලාගෙන ඉමු.. තව දවසයිනේ.. 1948.02.04 සිට 04.08.2020 තෙක් මේ රට පාලනයකළ " හොරුන් " ගෙන් රට බේරාගැනීමට හැකි අවංක, උගත්, බුද්ධිමත්, රටට ආදරේ කරන තරුණ නායකත්වයකට ඉදිරි වසර 5 අපේ රටේ.. පාලන බලය කියන "වීල්" එක තාවකාලිකව (මෙතෙක් කල් රටපාලනය කරපු බූරුවෝ හිතුවේ මේ රස්සාව මැරෙනකම්ම හම්බකරගන්න, හොරකම් කරන්න, මිනී මරන්න දුන්නු ලයිසන් එකක් කියලා) බාරදීලා ඔහුට සහාය දෙමු නැව හරිමගට ගන්න.. ඔහුටත් නොහැකිවුණොත්. පන්නලා දමමු.. දවසක අපේ රට හැදේවි.. නැතිනම් නැත්තටම නැතිවෙලා චීන්නුන්ගේ, ඉන්දියන් කාරයින්ගේ කොලනියක් වේවි. අපි ඒ අවාසනාවට ඉඩ දිය යුතුද..?

:       3136       4151

pradeepa Tuesday, 04 August 2020 02:31 PM

චොකා මල්ලි මාසයක් දෙකක් ඉවසලා ඔහොම ඉන්නකෝ.. අපිට ගොඩක් උදව් කළා මේ වෙලාවේ. මොකද මහජනතාව දැනගත්තා අපේ ආණ්ඩුවේ කාටත් නීතිය සමානයි කියලා.

:       401       727

Rohana Tuesday, 04 August 2020 05:00 PM

මැතිවරණයක් කටලග තියාගෙන මෙවැනි තීන්දුවක් දුන්නේ වත්මත් ආණ්ඩුව නීතියට සැමට එකයි කියා පෙන්නන්නද? මැතිවරණයෙන් පසුව අභියාචනය පිලිගෙන තීන්දුව වෙනස්කරයිද?

:       0       129

Perera Tuesday, 04 August 2020 07:10 PM

තීන්දුව හිතාගන්න පුළුවන්.

:       0       271

Prasad Wednesday, 05 August 2020 04:20 AM

අර කවුද තුමෙක් කිව්වනේ මෙයාට ඡන්දේ දෙන්න කියලා.

:       0       162

de silva Wednesday, 05 August 2020 06:38 AM

පක්ෂ, පාට කුමක් වුණත්, නීති හදන්න නීති කඩන එතනෝල්, කුඩු, වැලි, පස්, ජාවාරම්කාරයෝ සහ මිනීමරුවෝ සහ ඔවුන්ට මනාපේ ගහන්න කියලා ආයාචනා කරන වාසුදේව වැනි පුද්ගලයන්ට කතිරෙ ගහන්න එපා.

:       0       14

Nuwan Wednesday, 05 August 2020 06:48 AM

පොඩ්ඩක් ඉන්න 2/3 ගන්නකම්...

:       0       2

de silva Wednesday, 05 August 2020 12:59 PM

දැන් ඡන්දෙ ඉවරනේ... බුල්ඩෝසර්, බැකෝ, ටිපර් වල තෙල් මාරුකරගෙන , අලුත්වැඩියා කටයුතු කරගෙන, තුවක්කු පිස්තෝල පිරිසිදු කරගෙන ඉන්න. ලබන සතියේ ඉඳලා වැඩ අල්ලන්න පුළුවන්. නැවතත් මහා පරිමාණයෙන් රට විනාශ කරමින් සල්ලි හම්බ කරන්න පුළුවන්... ඔය මැරිලා තිබෙන මනුස්සයා මුස්ලිම් නිසා ඔහුට පොඩි සහරාන් ලේබල් එකක් ගහලා. ජාතිවාදී බටර් පාරක් ගාලා ගෙඩිය පිටින්ම ගිලින්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1425 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1299 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site