
(ලසන්ත නිරෝෂණ පෙරේරා )
රත්නපුර මහාධිකරණයේ දී පසුගිය 31 වැනිදා මරණිය දණ්ඩනය නියම වූ හිටපු රාජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර මහතා වෙනුවෙන් අභියාචනා පෙත්සමක් ඔහුගේ නීතිඥයින් විසින් රත්නපුර මහාධිකරණයට අද (04) වැනිදා ඉදිරිපත් කළේය.
ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතාගේ උපදෙස් අනුව නීතිඥ චන්දික පිරිස් සහ නීතිඥ ටි.එම්. ජනක සුමේධ යන මහත්වරුන් විසින් මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කරනු ලැබීය.
1079 අංක 15 දරණ අපරාධ නඩු විධාන පනතේ 331(1) වගන්තිය ප්‍රකාරව මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කරනු ලැබීය.
පසුගිය 2015 වසරේ ජනවාරි 05 වැනිදා කහවත්ත නගරයේදී එවක ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතගේ ප්‍රචාරක රැස්වීමක සැරසිලි කරමින් සිටි එක්සත් ජාතික පක්ෂ අධාරකරුවෙකු වන සුනිල් පෙරේරා නොහොත් ශාන්ත දොඩම්ගොඩ මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සහ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීම, නීති විරෝධී ජනරාශියක සාමාජිකයින් වීම ඇතුළු චෝදනා අටක් මත ප්‍රේමලාල් ජයසේකර , හිටපු පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ වත්මන් සභාපති වජිර දර්ශන ද සිල්වා යන මහත්වරුන්ට රත්නපුර මහාධිකරණ විනිසුරු රෝහාන් ජයසුරිය මහතා විසින් ඉකුත් 31 වැනිදා මරණිය දණ්ඩනය නියම කළේය.
එහිදී පැමිණිල්ල විසින් සාක්කි 58 ක් ඉදිරිපත් කර තිබුණි. තුන්වැනි විත්තිකරු වූ ප්‍රේමලාල් ජයසේකර මහතා වෙනුවෙන් පමණක් අභියාචනා පෙත්සම අද ඉදිරිපත් කළ අතර අනෙක් දෙදෙනා වෙනුවෙන් පසුව අභියාචනා පෙත්සම් ඉදිරිපත් කරන බව නීතිඥ ජනක සුමේධ මහතා පෙත්සම ඉදිරිපත් කිරීමෙන් පසු පැවසීය.
ප්‍රේමලාල් ජයසේකර මහතා මෙවර මහා මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ ඉදිරිපත්ව සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහරාන්ගේ බිරිඳ ලංකාවට ආවාම එයාට ඡන්දය ඉල්ලන්නත් පුළුවන්... ලංකාවේ නීතියක් නැහැ.
මෙහෙමත් නීතියක්... ලෝකයේ මොනම රටකවත් නැහැ. ලංකාව පමණයි මරණ දණ්ඩනයට ලක්වුණු කෙනෙක් ඡන්දය ඉල්ලන්නෙත්...
ආ ඔය තියෙන්නේ මම නම් කලින්ම දැනගෙන හිටියා ඡන්ද ගුණ්ඩුවක් විදියට තමා ඔය මරණ දඬුවම නියම කරවලා තියෙන්නේ කියලා. පක්ෂ බේදයකින් තොරව වැරදි කරුවන්ට දඬුවම් දෙනවා කියලා... ජනතාවට බොරුවට අඟවන්න තමා ඔහොම කලේ. ඡන්දෙන් පස්සේ සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරයි. දෑත් ශක්තිමත් කරපු කෙනෙක්ට දඬුවම් ලැබෙනවා කියලා හිතන එක විහිලුවක්...
අර රජතුමාගේ බිසව මුස්ලිම් නිසා රාජසභා මණ්ඩපේ කඩපු එක ප්‍රශ්නයක් නැහැ වගේ.. ඝාතනය කර තිබෙන්නේ මෛත්‍රීට කඩේ ගිය කෙනෙක් නිසා මේක එච්චර ප්‍රශ්නයක් නැහැ කියන මතය සමාජගත කරමු. එතකොට මේ ප්‍රශ්නය නිකන්ම යටයනවා.
නීතියෙන්ම දඬුවම් කරනවා. නිතියෙන්ම දඬුවම් වෙනස් කරනවා. මොනවට උසාවිවලින් මෙහෙම තින්දු දෙනවද මන්දා.. ?
මෙයාගේ සිහිනය මියයයි කියලයි.. මට හිතෙන්නේ.. කොළඹ විශ්වවිද්‍යාලයේ කට්ටියක් කරපු පරිඝනකයකිනුත් පෙන්නන්නේ මෙයාගේ කට්ටියට 85 -95 ටත් වඩා කොහෙත්ම ගන්න බැහැයි කියලා. ඒ පාවෙන ඡන්දත් සමගයිලු. පාවෙන ඡන්ද අනිත් පැත්තට වැටුණොත් මේ අයට තවත් 2ක් විතර අඩු වෙනවා. එහෙම වුණොත් මේ මිනීමරුවාව මගදීම එල්ලයිද දන්නෙත් නැහැ. අපි බලාගෙන ඉමු.. තව දවසයිනේ.. 1948.02.04 සිට 04.08.2020 තෙක් මේ රට පාලනයකළ " හොරුන් " ගෙන් රට බේරාගැනීමට හැකි අවංක, උගත්, බුද්ධිමත්, රටට ආදරේ කරන තරුණ නායකත්වයකට ඉදිරි වසර 5 අපේ රටේ.. පාලන බලය කියන "වීල්" එක තාවකාලිකව (මෙතෙක් කල් රටපාලනය කරපු බූරුවෝ හිතුවේ මේ රස්සාව මැරෙනකම්ම හම්බකරගන්න, හොරකම් කරන්න, මිනී මරන්න දුන්නු ලයිසන් එකක් කියලා) බාරදීලා ඔහුට සහාය දෙමු නැව හරිමගට ගන්න.. ඔහුටත් නොහැකිවුණොත්. පන්නලා දමමු.. දවසක අපේ රට හැදේවි.. නැතිනම් නැත්තටම නැතිවෙලා චීන්නුන්ගේ, ඉන්දියන් කාරයින්ගේ කොලනියක් වේවි. අපි ඒ අවාසනාවට ඉඩ දිය යුතුද..?
චොකා මල්ලි මාසයක් දෙකක් ඉවසලා ඔහොම ඉන්නකෝ.. අපිට ගොඩක් උදව් කළා මේ වෙලාවේ. මොකද මහජනතාව දැනගත්තා අපේ ආණ්ඩුවේ කාටත් නීතිය සමානයි කියලා.
මැතිවරණයක් කටලග තියාගෙන මෙවැනි තීන්දුවක් දුන්නේ වත්මත් ආණ්ඩුව නීතියට සැමට එකයි කියා පෙන්නන්නද? මැතිවරණයෙන් පසුව අභියාචනය පිලිගෙන තීන්දුව වෙනස්කරයිද?
තීන්දුව හිතාගන්න පුළුවන්.
අර කවුද තුමෙක් කිව්වනේ මෙයාට ඡන්දේ දෙන්න කියලා.
පක්ෂ, පාට කුමක් වුණත්, නීති හදන්න නීති කඩන එතනෝල්, කුඩු, වැලි, පස්, ජාවාරම්කාරයෝ සහ මිනීමරුවෝ සහ ඔවුන්ට මනාපේ ගහන්න කියලා ආයාචනා කරන වාසුදේව වැනි පුද්ගලයන්ට කතිරෙ ගහන්න එපා.
පොඩ්ඩක් ඉන්න 2/3 ගන්නකම්...
දැන් ඡන්දෙ ඉවරනේ... බුල්ඩෝසර්, බැකෝ, ටිපර් වල තෙල් මාරුකරගෙන , අලුත්වැඩියා කටයුතු කරගෙන, තුවක්කු පිස්තෝල පිරිසිදු කරගෙන ඉන්න. ලබන සතියේ ඉඳලා වැඩ අල්ලන්න පුළුවන්. නැවතත් මහා පරිමාණයෙන් රට විනාශ කරමින් සල්ලි හම්බ කරන්න පුළුවන්... ඔය මැරිලා තිබෙන මනුස්සයා මුස්ලිම් නිසා ඔහුට පොඩි සහරාන් ලේබල් එකක් ගහලා. ජාතිවාදී බටර් පාරක් ගාලා ගෙඩිය පිටින්ම ගිලින්න පුළුවන්...