IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


කෙටි කලකින් ලොවට එපා වූ ලෝක බලවතා

 

දේශපාලන ශ්‍රී සමෘද්ධියට මංපාදන ගති පැවතුම් සහ ක්‍රියා කලාප සියල්ල අතුරින්ම, නැතිවම බැරි දේවල් වන්නේ ආගම හා සත්චාරිත්‍ර ප්‍රතිපත්තියයි. මිනිසුන්ගේ සුඛිත-මුදිත භාවය දරා සිටින පදනම වන්නේ ඒවාය. ඒවා කඩා කප්පල් කරන්නට ප්‍රයන්ත දරන කෙනෙකු දේශාලය ගැන ප්‍රශංසාව බලාපොරොත්තුවීම නිෂ්ඵලය.” 


මේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ප්‍රථම ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් විසින් ඔහු ගේ පාලන කාලය තුළ ප්‍රකාශ කළ අදහසකි. එම අදහස අදටත් වලංගු වන්නේ වර්තමානයේ ඇමෙරිකාව තුළ දේශපාලන හැලහැප්පීම් ගැන අසන්නට දකින්නට ලැබෙන දේ නිසා වෙනි.
ඇමෙරිකානු ආධිපත්‍යය ක්‍රමයෙන් ගිලිහී යමින් තිබිණි. තමන් ගොඩනඟාගත්   ප්‍රෞඪත්වය විනාශ වී යනු දක්නට ඇමෙරිකානුවෝ නොකැමැති වූහ. උද්ගත වූ ආර්ථික අර්බුදය හමුවේ අග හිඟකම් ද ඉනුත් නොනැවතී ඉස්ලාම් අන්තවාදයද හේතුවෙන් භීතියෙන් හා වික්ෂිප්තව කාලය ගෙවීමට ද ඔවුන්ට සිදුව තිබිණි. එවකට ජනාධිපති බැරැක් ඔබාමා බලයට පත් කරගැනීමෙන් ළඟා කරගැනීමට අපේක්ෂා කළ වෙනස යථාර්ථයක් වූයේ නැත. ට්‍රම්ප් සිය මැතිවරණ ව්‍යාපාරයේ දී ආමන්ත්‍රණය කළේ එවැනි ජනතාවකට ය. 


ට්‍රම්ප්ගේ මූලික පොරොන්දුව නැතහොත් තේමාව වූයේ ඇමෙරිකාව නැවතත් පෙර තිබූ බලවත් තත්ත්වයට ගෙන ඒමය. ආර්ථිකය නඟාසිටුවිය යුතු බව සහ අයි. එස්. අයි. එස්. ඇතුළු ත්‍රස්තවාදී කණ්ඩායම් වැනසිය යුතු බව ඔහු නිතර කීවේය. බලයට පත්වූ ට්‍රම්ප් එලෙස කියූ විලසින්ම ඒවා ක්‍රියාත්මක කිරීමට යුහුසුළු වීම හේතුවෙන් ඔහු මුස්ලිම් විරෝධියකු සහ ජාතිවාදියකු ලෙසද ලේබල් කෙරිණි. සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ද ඔහුගේ පිළිවෙත ඉතා දැඩි එකක් විණි.


කලක් තමන් ගේ හතුරු රාජ්‍යයන් ලෙස සැලකූ අය අදවන විට මිතුරු රාජ්‍යයන් බවට පත්ව සිටින ට්‍රම්ප් පාලන සමය තුළ, වත්මන් ලෝකයේ හතරෙන් තුනකට ට්‍රම්ප් ගැන විශ්වාසයක් නොමැති වී තිබේ. මේ ලිපිය ලියන කාලය තුළ ට්‍රම්ප් බලයට පත්ව හරියටම ගතවී ඇත්තේ මාස හයක් පමණකි. ඒ සුළු කාලය තුළ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනය යටතේ ඇමෙරිකාවේ ප්‍රතිරූපය පිරිහී ගොස් ඇති සේම ලෝක ජනයා ගෙන් හතරෙන් තුනකටම ට්‍රම්ප් කෙරෙහි විශ්වාසයක් නැති බව ඇමෙරිකාවේම වොෂින්ටන් නුවර මූලික කර ගත් “පිව්” සමීක්ෂණ ආයතනය විසින් ඉකුත් ජූනි 27 වැනිදා නව සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරමින් ප්‍රසිද්ධියට පත් කරන ලදී.


2004 දී වොෂින්ටන් නුවරදී ලාබ නොලබන ආයතනයක් ලෙසින් පිහිටවූ පිව් සමීක්ෂණ ආයතනය රටවල් 37 ක් ඇසුරෙන් 40,447 දෙනකුගෙන් පෙබරවාරි 16 වැනිදා සිට මැයි 8 ට්‍රම්ප් බලයට පත්ව ගතවූ මුල් මාස පහ තුළ ඔහු විසින් ගනු ලැබූ තීන්දු තීරණ ඇසුරෙන් සිදු කර තිබීම විශේෂත්වයකි.එම මාස පහක කාලය තුළ ඇමෙරිකාව වෙත ලෝක ජනයාට තිබූ කැමැත්ත සියයට 49 කින් පහත වැටී ඇති අතර හිටපු ජනපති බැරක් ඔබාමා ගේ අට වසරක පාලන සමය අවසානයේ අමෙරිකාව වෙත තිබූ කැමැත්ත සියයට 64 ක් යැයි ද වාර්තාවේ.


අදාළ සමීක්ෂණය තුළ ජාත්‍යන්තර කටයුතු වලදී ඇමෙරිකා ජනාධිපතිවරයා නිවැරදි දේ කරයි යන්න සම්බන්ධයෙන් විශ්වාසය තැබූ පිරිස සියයට 22 ක් වන විට ඔහු නිවැරදී දේ නොකරයි යන විශ්වාසය සියයට 74 ක් ලෙසින් පවතින බව පිව් සමීක්ෂණ වාර්තාව මඟින් පෙන්වා දී තිබේ.

 

 


අසල්වැසි මෙක්සිකෝව සහ කැනඩාවත් යුරෝපීය මිත්‍රයන් වන ජර්මනිය සහ ස්පාඤ්ඤාය යන රටවලුත් ඇමෙරිකාව වෙත දැක්වූ කැමැත්ත ක්‍රමයෙන් අඩු වී යෑම සැලකිය යුතු තත්ත්වයක් නිර්මාණය කර ඇතැයි සමීක්ෂණ වාර්තාව සඳහන් කරයි. ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ තාප්පයක් ඉදි කරන බවටත් පැරිස් සම්මුතියෙන් ඉවත් වන බවටත් අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබෙන ඇමෙරිකා ජනාධිපතිවරයා අසාධාරණ ලෙස වෙළෙඳාමේ නිතර වන බවට කැනඩාව, ජර්මනිය සහ චීනය යන රටවලට චෝදනා එල්ල කරයි. ඉකුත් මැයි මස අගදීත් ජූනි මස මුලදීත් තම පළමු නිල විදෙස් සංචාරයට එක්වෙමින් ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මැදපෙරදිග සංචාරයේදී  ජනාධිපති ට්‍රම්ප්ට උණුසුම් පිළිගැනීමක් හිමිවුවද යුරෝපයේදී ඔහුට එතරම් පිළිගැනීමක් නොලැබුණි. 


ඇමෙරිකාව සම්බන්ධයෙන් විශ්වාසය තබා ඇත්තේ මෙක්සිකානුවන්ගෙන් සියයට 30ක ප්‍රමාණයකි. බැරැක් ඔබාමා ජනාධිපතිධුරය දරන සමයේදී එය සියයට 66ක් විය. ඇමෙරිකාව සම්බන්ධයෙන් කැනඩා වැසියන් දැක් වූ කැමැත්ත ප්‍රසාද ලකුණු 22කින් පහත වැටී තිබෙන ජර්මනියේදී එය සියයට 43 සිට සියයට 35 දක්වා පහත වැටී තිබේ. යුරෝපා රටවල කැමැත්ත දෙස බැලීමේදී එය ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ්ගේ ධුර කාලයේ අවසාන සමයේදී මෙන් පහත වැටී ඇතැයි අනාවරණය වී ඇත. වසර 2003 දී එවකට ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ්ගේ අණ පරිදි ඇමෙරිකානු හමුදා ඉරාකය ආක්‍රමණය කළේය. එය ඇමෙරිකාව තුළත් ඉන් පිටතත් දැඩි ලෙස විවේචනයට ලක්වූ අතර ඇමෙරිකාව කෙරෙහි තිබූ විශ්වාසය හා කැමැත්ත හීන වී යෑමට ද හේතුවිය.


එහෙත් චීන ජනාධිපති ෂී ජින්ග්පින් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කෙරෙහි ලොව රටවල තබා තිබෙන විශ්වාසය ජනාධිපති ට්‍රම්ප් කෙරෙහි තබා තිබෙන විශ්වාසයට වැඩිය. චීන ජනාධිපතිවරයා කෙරෙහි තබා තිබෙන විශ්වාසය සියයට 28ක් වන රුසියානු ජනාධිපතිවරයා කෙරෙහි තබා තිබෙන විශ්වාසය සියයට 27කි. මෙම නායකයන් සිව්දෙනා අතරින් විශ්වාසවන්තම නායකයා බවට පත්ව ඇත්තේ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්ය.ඇය කෙරෙහි තබා තිබෙන විශ්වාසය ප්‍රතිශතයක් ලෙස සියයට 42ක අගයක් ගෙන තිබේ. 


ඉකුත් සති 31 ක් පුරාවට දියත ඔස්සේ ගෙන ආ අභිමානය පෙරදැරි කරගනිමින් ඇමෙරිකාව යළි ශ්‍රේෂ්ඨත්වයට පත් කරලීමේ අරමුණෙන් ඇමෙරිකානුවන් විසින්ම තෝරා ගත් හතළිස් පස්වැනි ජනාධිපතිවරයා කතාන්දරය අදින් අවසන් වුවද ඩොනල්ඞ් ජෝන් ට්‍රම්ප් ගේ සම්පූර්ණ කතාන්දරය තවත් වසර තුනකුත් මාස හයක් පුරාවට ඔබටත් මටත් බලා සිටීමට සිදුවනු ඇත.


තිළිණි ද සිල්වා



අදහස් (0)

කෙටි කලකින් ලොවට එපා වූ ලෝක බලවතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 234 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 284 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1203 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site