
(ලක්මි කුඩලිගම)
මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනතුරකින් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි
යතුරු පැදියේ පසුපස ගමන් ගත් රන්දික පියුමාල් ගමගේ නමැති (21) හැවිරිදි තරුණයකු එසේ මියගොස් ඇත.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය තම පියාගේ මරණ සහතිකය ගැනීම සඳහා බුලත්සිංහල සිට හොරණ දෙසට ගමන් කර තිබේ.
එසේ ගමන්කරමින් සිටියදි පහළ නාරගල වලව්ව අසල වංගුවේ දී යතුරු පැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි කණුවක ගැටීමෙන් තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙදී මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.
යතුරු පැදිකරු ද තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර ඇත.
බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විදානගේ මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක සෙනෙවිරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් මේ පිළිබඳව පරික්ෂණ පවත්වති.
COMMENTS
සාමාන්‍යයෙන් ලංකාවේ යුද්ධය තිබුණු කාලෙවත් මෙතරම් මරණ සිදුවුණේ නැහැ කියලා පැහැදිලියි. මේ මරණ බොහෝමයක් යතුරුපැදි අනතුරු වලින් සිදුවෙනවා.. මේ තත්වය රජයේ සේවකයින් සඳහා සහන මිලට යතුරුපැදි ලබාදීමෙන් පසුව ප්‍රවර්ධනය වුණා කියලා කියන්න පුළුවන්... මේනිසා පළාතෙන් පළාතට යනවිට වෙන පළාතක වාහන ඇල්ලීම කරන පොලිස් නිලධාරින්ට යතුරුපැදි කරුවන් කරන වැරැදි ගැන වඩා අවධානයෙන් ඉන්න කියලා නියමයක් කරන්න මතක් කරන්න කැමැතියි..