පෘථිවිය ආසන්නයෙන් ගමන් කරමින් තිබූ 67පී වල්ගාතරුවට පතිත කළ පිලෙයි අභ්‍යාවකාශ යානය මෙතෙක් අක්‍රියව තිබී හදිසියේම අද (14) පෘතිවියට සිය සංඥා එවූ බව යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය (ඊසා) පවසයි.

රොසෙටා යානයෙන් එහි යැවූ පිලෙයි යානය පසුගිය නොවැම්බරයේ වල්ගාතරුවේ න්‍යෂ්ඨිය මත පතිත කළ ද එය ක්‍රියාවිරහිත  වී තිබිණි.

පිලේ ක්‍රියාත්මක වන්නේ සූර්යකෝෂ බැටරි බලයෙනි. වල්ගාතරුව සූර්යයාට වඩාත් ආසන්න වීම හේතුවෙන් පිලේ යළි ක්‍රියාත්මක වන්නට ඇතැයි ඊසා විශ්වාස කරයි. මේ සම්බන්ධවීම තත්ත්පර 85ක කාලයක් පැවති බවත් යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය පවසයි

පිලේහි ව්‍යාපෘති කළමණාකරු ස්ටීවන් යුලමෙක් පවසන්නේ පිලේ මේවනවිට ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. එහි ක්‍රියාත්මක කිරීමේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 35ක් වන බවත් වොට් 24ක ශක්තියක් එහි ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.  

පිලේ දත්ත ගබඩාවේ දැනටමත් ඉතා වැදගත් තොරතුරු රාශියක් ගබඩා වී ඇති බව පවසන ඊසා හි විද්‍යාඥ මාර්ක් මැක්කොෆ්රියන් පවසන්නේ පිලේ නැවත පෘථිවිය හා සම්බන්ධ වූ වහාම අදාල දත්ත සියල්ල බාගත කිරීමට අපේක්ෂාවෙන් පසුවන බවයි.

වල්ගාතරුවක න්‍යෂ්ඨිය මත යානයක් පතිතකරමින් එය අභ්‍යාවකාශයේ ගමන්කිරීමට සළස්වා තොරතුරු ලබාගැනීම අභ්‍යාවකාශ ගවේෂණ ඉතිහාසයේ ඉතා විශිෂ්ඨ අවස්ථාවක් බවත් විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි.

පිලේගේ ඉලක්කය වන්නේ වල්ගාතරුවේ ඇති අයිස් සහ කඳුවල කැඩීගිය කැබලි ගැන විශ්ලේෂණය කිරීමයි. මේ වනවිට සූර්යයාට කිලෝ මීටර කෝටි. 20.5ක් දුරින් පවතින පිලේ තවදුරටත් සූර්යයා වෙත ළඟා වෙමින් තිබේ.

ලබන අගෝස්තු මාසය වනවිට සූර්යයාට කිලෝ මීටර කෝටි 18.6ක් දක්වා ළං වන වල්ගාතරුවේ න්‍යෂ්ඨිය මත ඇති අයිස් දියවනු ඇතැයි ද විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.

මෙම ක්‍රියාවලිය විශාල ලෙස ගැස් සහ දූවිලි වලින් සම්පූර්ණයෙන් ආවරණයව පැවතෙන අතර පිලේට දිගමට ක්‍රියාත්මක වීමට හැකි වුවහොත් එමගින් විද්‍යාඥයින්ට අවශ්‍ය සුවිශේෂි දර්ශණ සහ 67 පී දුමකේතුවේ දකුණු පස මතුපිටේ සිදුවන දේ දැක ගැනිමට අවස්ථාව ලැබෙනු ඇත.

philae 1 Philae 3