IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
 
තම පැටවුන් කිරි දී පෝෂණය කරන මෙම ක්ෂීරපායී මකුළුවා පනින මකුළුවන් හෙවත් Jumping Spider ලෙස හඳුන්වන අතර සත්ත්ව විද්‍යාත්මකව Toxeus magnus ටොක්සෙස් මැග්නස් නමින් හඳුන්වයි.
 
චීන විද්‍යා ඇකඩමියේ ශන්කි චෙන් ඇතුළු විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් මෙම මකුළුවන් තම පැටවුන්ට කිරි දෙන සත්ත්ව විශේෂයක් බව පර්යේෂණයක් මගින් තහවුරු කර ඇති අතර  ඒ බව ජාත්‍යන්තර විද්‍යා සඟරාවේ නොවැම්බර් 30දා කලාපයේ සඳහන් කර ඇත.
 
1933 වර්ෂයේ දී තායිවානයෙන් පළමුවරට සොයාගත් මේ මකුළු විශේෂයේ ප්‍රධාන ආහාරය පළතුරු මැස්සන් බව විද්‍යාඥයන් පවසයි. 
 
ඔවුන්ගේ විශේෂ හැසිරීම ගැන අවධානය යොමුකළ චීන විද්‍යාඥයන් 2012 වර්ෂයේ දී වැඩිදුර පර්යේෂණ ආරම්භ කර ඇත. කෙසේ වුවද මෙම සිද්ධිය ඔවුන්ට නිරීක්ෂණය වන්නේ 2017 වර්ෂයේ ජූලි මාසයේ දී ය. 
 
පොඩි පැටවුන් සිය මව අසළට පැමිණ උදරයේ පහළ කොටස මිරිකා සුදු පැහැති යම් දියරයක් පානය කරන බව ඔවුහු අන්වීක්ෂයක් මගින් නිරීක්ෂණය කළේය. උදරයට යටින් මෘදු ඇඟිල්ලක් වැනි යම් අවයවයකින් මේ දියරය වෑස්සෙන බව පර්යේෂකයෝ පවසති. 
 
බිහිවූ පසු පළමු දින 20 මවගේ කිරිවලින් යැපෙන මේ මකුළු පැටවුන් ඉන් පසු වෙනත් ආහාර ගත්ත ද තවත් සති තුනක පමණ කාලයක් මවගේ කිරි බීමට කටයුතු කරන බව ද පර්යේෂකයන් සඳහන් කරයි.
 
මෙම මකුළු කිරි පිළිබඳ කරන ලද අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත්තේ එහි මූලික සංරචක සියල්ල ක්ෂීරපායී සතුන්ගේ කිරිවලට සමාන බවයි.
 
කිරි මිලි ලීටරයක සීනි මිලිග්‍රෑම් දෙකක්, මේදය මිලිග්‍රෑම් පහක් සහ ප්‍රෝටීන මිලිග්‍රෑම් 124ක් අඩංගු වෙයි. පර්යේෂකයන් පවසන්නේ මේ කිරි එළදෙනකුගේ කිරිවලට වඩා හතරගුණයක් පෝෂණ ගුණයෙන් අධික බවයි.‍
 
(සයන්ස් නිවුස් ඇසුරිණි - 085)



අදහස් (0)

විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 43 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 151 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1005 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site