IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


කසල බිමිවලින් ජෛව අගුරු නිපදවයි

(ගයාන් සූරියආරච්චි)

 
විවෘත කසළ බිම්වල කාබනික කොටස් අඩු ඔක්සිජන් තත්ත්ව යටතේ දහනය කර ජෛව අඟුරු නිපදවීමට හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් සමත්වී සිටියි. 

මෙම ජෛව අඟුරු කසළ බිම් මතුපිට ඇතිරීමෙන්  කසළවලින් නිකුත් වන කාබන්ඩයොක් සයිඞ්, මීතේන්, වැනි හරිතාගාර වායු ද බෙන්සීන්, ටොලූවීන්, එතිල් බෙන්සීන්, ෙසෙලින් වැනි පිළිකාකාරක වාෂ්පශීලී කාබනික සංයෝග ද උරාගැනීම සිදුවේ. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් අග්නි දිග විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය බී.ජී.එන්. සෙව්වන්දි මහත්මියගේ සහයෝගිතාවය ඇතිව මෙම පර්යේෂණය සිදුකෙරුණේ මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ දීය. මේ සඳහා ජාතික පර්යේෂණ සභාව මූල්‍ය දායකත්වය සැපැයීය.

පර්යේෂණය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්විමින් ආචාර්ය විතානගේ මහත්මිය ‘විදුසෙවණ’ මෙසේ අදහස් දැක්වූවාය.
‘‘කසළ බිම්වල කාබනික කොටස් වෙන්කර අවම ඔක්සිජන් තත්ත්ව යටතේ දහනය කර විදුලිය උත්පාදනය කිරීම මේවන විට නැඟී එන ව්‍යාපෘති ලෙස හඳුන්වන්න පුළුවන්. එමගින් ජනනය වන කසළ ඉතා ඉක්මණින් ප‍්‍රමාණාත්මකව අඩු කරගැනීමට හැකියාව ලැබෙනවා.

එහි අතුරු නිෂ්පාදනයක් විඳිහට ජෛව අඟුරු නිපදවෙනවා. මෙම ජෛව අඟුරුවල කාබන් ප‍්‍රතිශතය සියයට 50 ක් පමණ වෙනවා. ජෛව අඟුරු බොහෝ කටයුතු සඳහා යොදාගන්න හැකියාව තිබෙනවා. තේ වගාවේදී  පසෙහි ආම්ලික ගතිය වැඩි බැවින් එහි ආම්ලික බව වගාවේ අසාර්ථකවත්වයට බලපානවා. ඊට විසඳුමක් ලෙස ආම්ලික ගතිය අඩු කරගැනීමට ජෛව අඟුරු උපයෝගී කරගත හැකි වෙනවා. ජෛව අඟුරුවල හිස් අවකාශ ප‍්‍රමාණය ඉතා වැඩි බැවින් අධිශෝෂණය සහ අවශෝෂණය යන දෙකම සිදුකළ හැකියි. එමගින් පසේ හෝ ජලයේ ඇති බැර ලෝහ  නොයෙකුත් පිළිකාකාරක කාබනික සංයෝග ද උරාගැනීම සිදුවෙනවා. දුෂණයට ලක්ව ඇති පස හා ජලය පිරිපහදු කිරීමට ජෛව අඟුරු කදිම පිළියමක්.

නිවසේ වුවද ජලය පිරිපහදු ක‍්‍රියාවලියටද යොදාගැනීමට හැකිවන අතර කෘෂිකර්මාන්තයේදී වගාව සරු කරගැනීමට කාබනික පොහොර ලෙස භාවිත කරනවා. කසළ බිම්වලින් විද්‍යුතය උත්පාදනය කිරීමේදී කසළ බිමේ පරිමාව අඩුවන අතර ජෛව අඟුරු කසළ බිම මතුපිට අතුරා කසළ තුළින් ශරීරයට අහිතකර වාෂ්පශීලී කාබනික සංයෝග ඉවත් කරන්නේ කෙසේදැයි අප පරේයේෂණය කළා. කසළවලින් දුඟද සහිතව පරිසරයට නිදහස් වන ටොලූවීන්, බෙන්සීන්, ෙසෙලින් වැනි පිළිකාරක සංයෝග ජෛව අඟුරු අධි ක‍්‍රියාකාරීව උරා ගැනීම සිදුකරනවා. මෙම පර්යේෂණය අප වසර 2 ක් පමණ කාලයක සිට සිදුකරනවා.

මේවන විට ඉතා සාර්ථක ප‍්‍රතිඵල ලැබී තිබෙනවා. ජෛව අඟුරු කසළ මතුපිට පස් සමඟ අතුරනයක් ලෙස යෙදවිය හැකි වෙන්නාසේම කසළවලින් ගලායන අප ජලය එකතු කර ජෛව අඟුරු මගින් පිරිසුදු කර පරිසරයට මුදාහැරිය හැකිවෙනවා. ඒ වගේම කසළ බිමට යටින් භූගත ජලයට එකතුවන අපද්‍රව්‍ය වළක්වා ගැනීමට ජෛව අඟුරුවලින් බාධක ආවරණ යෙදිය හැකිවෙනවා. කාබනික කසළවලින් නිපදවන ජෛව අඟුරු සෞඛ්‍යාරක්‍ෂිත කසළ බිමක් බවට පත්කර ගැනීමටත් ඉවහල්වෙනවා.’’ 

 

 

 



අදහස් (3)

කසල බිමිවලින් ජෛව අගුරු නිපදවයි

disanayaka Saturday, 01 July 2017 04:52 AM

ඉතා හොඳ ප්‍රවනතාවයක්.එත් මෙවැනි ව්‍යාපෘති රිපොර්ට්ස් වලට පමණක් සීමා නොවී අපේ රටේ රටතුල ක්‍රියාත්මක කළහැකිද යන්න සොයාබැලීමට ශක්යතා අධ්යයනයක් කලයුතු වෙනවා. මෙවැනි ව්‍යාපෘති ප්‍රමාණාත්මක අධ්‍යනයකින් විවිද නගරවල් වල කුමන ස්ථාන වල ඇතිකලයුතුයි. වැඩිදුරටත් අධ්‍යනය කලයුතු වෙනවා.එසේම වෙනත් රටවල යොදාගන්න කාර්මික ප්‍රත්චක්‍රීකරණය කිරීම වැනි ක්‍රියාමාර්ග අපේ රටේ ඇතිකලයුතු ආකාරය ගැන ඉහල අධ්‍යනයක් කලයුතුයි.උගත් ආචාර්යවරුන් ලෙස ඔබලාට රටේ දැවෙන ප්‍රශ්නයක් වන කුණු ප්‍රශ්නය සඳහා ප්‍රාෙයා්ගිකව ක්‍රියාත්මක කල ව්‍යාපෘතියක් ලෙස වැඩිදියුණු කිරීමට ඉතා විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා.එසේම මෙවැනි ව්‍යාපෘති සඳහා රජය මූලිකත්වය ගෙන මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම කාලින අවශ්‍යතාවයකි.

:       0       9

ravin Saturday, 01 July 2017 01:54 PM

හොඳ කාලෝචිත සොයාගැනීමක්. හැබැයි ඉතින් මේ ක්‍රමවේදය දේශපාලකයන්ට නම් සමහර විට වහකදුරු වෙයි. ඒ බඩ වඩා ගැනීමේ හැකියාව නැතිවෙන නිසා. කොහොම වුණත් උත්සාහ කරලා බලන්න කීදෙනෙක් මේක ක්‍රියාවට නංවන්න උදවුකරයිද කියලා....

:       0       6

Bandara-kakirawa Sunday, 02 July 2017 04:18 AM

කසල ප්‍රතිචක්‍රීකරණය පිළිබද මනාලෙස අද්ධියනය කර ඇති ආචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියගේ මෙම ව්‍යාපෘති නිසේකයෙන්ම සාර්ථක වනු ඇත. එමෙන්ම සබරගමු සරසවියෙන් බිහිවුණු අපේම සහෝදරියගේ මෙම අලුත් සොයාගැනීම කසල ප්‍රශ්නයට පිලියමක් පමණක්ම නොව, කෘමිනාශක භාවිතය නිසා ගොවි ජනතාව මුහුණ දෙන "වකුගඩු ආශ්‍රිත රෝග" අවම කරගැනීමටද වක්‍රාකාරව යොදාගත හැක. තවද ජෛව අඟුරු("අඟුරු") වල ඇති සුවිසේෂි "අධිශෝෂණය සහ අවශෝෂණ" හැකියාව නිසා කෘෂි කර්මාන්ත කටයුතු වලින් බැහැරවන අපවිත්‍රවූ ජලය අඟුරු ස්ථරයක් ඔස්සේ ගලායාමට සැලසීමෙන් ස්වාබවිකවම පවිත්‍රවූ ජලය බවට පත්කර ජලජ පරිසරවලට(වැව්-අමුණු වලට) යොමුකළ හැක. මෙම පර්යේෂණ කාලෝචිත සොයාගැනීමක් බැවින් එය ග්‍රාමීය මට්ටමට සාර්ථකව රැගෙන යාමට ඔබත් දායක වන්න.

:       0       101

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 636 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 831 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 359 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site