සෝල්බරි සාමිවරයා විසින් මෙරටට හඳුන්වා දෙන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ කවර හෝ ආණ්ඩුවක් මහ මැතිවරණයකින් පරාජය වූ විට එම පරාජිත ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍යවරයා තම ඉල්ලා අස්වීමේ ලිපිය අග‍්‍රාණ්ඩුකාරවරයා වෙත යැවිය යුතුවිය. අග‍්‍රාණ්ඩුකාරවරයා ජයග‍්‍රාහී පක්‍ෂයේ නායකයාට ආණ්ඩුවක් පිහිටුවන ලෙස නිල වශයෙන් ආරාධනා කරනු ලබන්නේ ඉන් අනතුරුවය. එසේම මහ මැතිවරණයේ අවසන් නිල ප‍්‍රතිඵලය නිකුත් වී සුළු කාලයක් තුළ පරාජිත රාජ්‍ය නායකයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය අග‍්‍රාණ්ඩුකාරවරයා වෙත යැවිය යුතුව තිබුණද 1965 මහ මැතිවරණයේ අවසන් නිල ප‍්‍රතිඵලය නිකුත් වී දින 2ක් ගතවනතුරුම බාරකාර ආණ්ඩුවේ නායිකාව තම ධුරයේ දිගටම රැුඳී සිටියාය.

එසේ වූයේ එවකට ආණ්ඩුවට සම්බන්ධව සිටි ල.ස.ස.ප.යේ සහ කොමියුනිස්ට් පක්‍ෂයේ ඇතැම් නායකයන් ‘එපා මැඩම් ඉල්ලා අස්වෙන්න. අපි සුළු පක්‍ෂ කීපයක් එක්ක දැනටමත් සාකච්ඡුා කරගෙන යනවා. යූ.ඇන්.පී. එකේ කට්ටියකුත් අපට එකතු වෙන්න කැමැත්තෙන් ඉන්නවා.....යි.’ කියමින් බණ්ඩාරනායක මැතිනියට යම් බලාපොරොත්තුවක් දී තිබුණු බැවිනි.


එවර පැවැති මහ මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව කිසිදු පක්‍ෂයකට සැලකිය යුතු බහුතර මන්තී‍්‍ර ධුර සංඛ්‍යාවක් නොලැබුණු බැවින් වාමාංශික පක්‍ෂ නායකයන් කී ඒ කතාව ගැන මැතිනිය තුළද යම් විශ්වාසයක් ඇතිවී තිබුණේය. එවර මහ මැතිවරණයේදී එ.ජා.ප.යට මන්තී‍්‍ර ධුර 66ක් ලැබී තිබුණ අතර ශ්‍රී.ල.නි.ප.යට මන්තී‍්‍ර ධුර 41ක්ද ල.ස.ස.ප.යට මන්තී‍්‍ර ධුර 10ක් සහ කොමියුනිස්ට් පක්‍ෂයට මන්තී‍්‍ර ධුර 4ක්ද හිමිවී තිබුණෙන් ජයග‍්‍රාහී එ.ජා.ප.යත්, පරාජිත ශ්‍රී.ල.නි.ප.ය ප‍්‍රමුඛ සමගි පෙරමුණත් අතර පැවැති ඡුන්ද පරතරය මන්තී‍්‍ර ධුර 11ක් පමණ වූ සංඛ්‍යාවක් විය. මේ අතර මන්ත‍්‍රී ධුර 14ක් ලබාගෙන සිටි පෙඩරල් පක්‍ෂය මුලින් කිසිදු පක්‍ෂයකට සහයෝගය පළ නොකර මැදිහත්ව බලා සිටියේය.


එහෙත් කුමන හෝ හේතුවක් මත පෙඩරල් පක්‍ෂය අන්තිමේ දී තීරණය කරන ලද්දේ එ.ජා.ප.යට සහයෝගය දැක්වීමටය. ඒ අනුව එ.ජා.ප.යට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය පැහැදිලි බහුතරයක් ඇතැයි පක්‍ෂයේ මහ ලේකම් දොස්තර එච්. පී. පී. පීරිස් මහතා විසින් එම පක්‍ෂ නායකයන්ගේ ද අත්සන් සහිතව අග‍්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා වෙත ලිපියකින් දැනුම් දුන්නේය. ඒ අනුව ඉතිරිවී තිබුණේ අග‍්‍රාණ්ඩුකාරවරයා විසින් නව ආණ්ඩුවක් පිහිටුවන ලෙස එ.ජා.ප. නායක ඩඞ්ලි සේනානායක මහතාට ආරාධනා කිරීම පමණි. 


එහෙත් අග‍්‍රාණ්ඩුකාරවරයාට තමන් සතු එම වගකීම ඉටුකිරීමට නොහැකි වී තිබුණේ භාරකාර ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍යවරියවූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ඒ වනතුරුම ඔහු වෙත ලැබී නොතිබුණු බැවිනි.


එසේ වුවද 1965 මහ මැතිවරණයේ අවසන් ඡුන්ද ප‍්‍රතිඵලය නිකුත් වූ විගස තම සමීප ඥාතිවරයෙකු වන අග‍්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාට දුරකථන පණිවුඩයක් දුන් බණ්ඩාරනායක මැතිනිය ‘‘මගේ ඉල්ලා අස්වීමේ ලිපිය ඉක්මනින්ම එවනවා’’යි. දැනුම් දී තිබුණි. එහෙත් ප‍්‍රශ්නය වී තිබුණේ මහ මැතිවරණය අවසන් වී දින 2ක් ගතවනතුරුම එම ලිපිය අග‍්‍රාණ්ඩුකාරතුමා වෙත නොලැබීමයි. එම තත්ත්වය මත අග‍්‍රාණ්ඩුකරවරයාද විපිලිසරව සිටියේය.


මේ අතර එ.ජා.ප.ය මහ මැතිවරණයෙන් ජය ගෙන දෙදිනක් ගතවනතුරුම අභිනව ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු ඇමැති මණ්ඩලය දිවුරුම් නොදීම ගැන රට පුරා විසූ එ.ජා.ප. කි‍්‍රයාකාරිකයෝද කැලඹීමට පත්ව සිටියහ. විශේෂයෙන්ම එම තත්ත්වය අග‍්‍රාණ්ඩුකාරවයාට මහත් හිසරදයක් වූයේ රට පැයෙන් පැයට අරාජිකත්වයක් කරා යොමු වෙමින් පැවැති බැවිනි. මේ අතර ගම් මට්ටමේ සිටි ඇතැම් ශ්‍රී.ල.නි.ප. සාමාජිකයන් ඇතුළු වාමාංශිකයන් ”අපේ අගමැතිතුමිය එහෙම ලේසියෙන් අයින්වෙන්නෙ නෑ. පුළුවන් දෙයක් කරපල්ලා”යි කියමින් එ.ජා.ප. කි‍්‍රයාකාරීකයන්ට අභියෝග කිරීමට පෙළඹී සිටින බවටද විලියම් ගොපල්ලව අග‍්‍රාණ්ඩුකාරවරයා වෙත පොලිස් වාර්තා ලැබී තිබුණේය.


භාරකාර ආණ්ඩුවේ දක්‍ෂිණාංශික කණ්ඩායමේ අදහස වූයේ ජනමතයට ඉඩදී සිරිමාවෝ මැතිනිය අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවය. එහෙත් ඊට වඩා රැුඩිකල් මතයක් දැරූ සමගි පෙරමුණේ වාමාංශික පක්‍ෂ නායකයන් ”අපට පුළුවන් සුළු බහුතරයකින් ආණ්ඩුවක් හදන්න” ඊළඟට  අපි දන්නවා එ.ජා.ප. යෙනුත් කට්ටිය අරගෙන ආණ්ඩුව ගෙනියන හැටි..”යි. කියමින් සිරිමාවෝ මැතිනිය මුළා කර තිබුණේය. ඒ අනුව ඍජු තීරණයක් ගැනීමට නොහැකි වූ මැතිනිය ”කිසිම කෙනෙකුට මාව හම්බවෙන්න දෙන්න එපා.”යි තම ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරියාට උපදෙස් දී අරලියගහ මන්දිරයේ උඩුමහලට වී සිටියාය.


මේ අතර එ.ජා.ප.යේ දෙවැනියා වූ ජේ. ආර්. ජයවර්ධන මහතා සිරිමාවෝ මැතිනියගේ අග‍්‍ර පුරෝහිතයා මෙන්ම සමීප ඥාතිවරයෙකු ද වූ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායකට දුරකථන ඇමතුමක් දී ”මොකක්ද ෆීලික්ස් මේ සිද්ධ වෙන්නේ?”යි ඇසුවේ බැරිම තැනය.


‘‘මටවත් මැතිනිය හම්බවෙන්න බැරිවුණා”යි කී ඔහු සිිරිමාවෝ මැතිනිය මුළා කිරීම ගැන වාමාංශික පක්‍ෂ නායකයන්ට චෝදනා කළේය. එළැඹී ඇති අවිනිශ්චිත වාතාවරණය හමුවේ තමන්ටද කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයක් මතුවී ඇතැයි හෙතෙම කියා සිටියේය. 


මේ අතර මෙම අවිනිශ්චිත තත්ත්වය තවදුරටත් පැවතුනහොත් රටේ ජනතාව කුපිත වීමට ඉඩ ඇතැයි අග‍්‍රාණ්ඩුකාරවරයාට පෙනී ගොස් තිබුණේය. ඒ අනුව දැඩි තීරණයක් ගත් විලියම් ගොපල්ලව මහතා තම සමීප ඥාතිවරිය වූ සිරිමාවෝ මැතිනියට දුරකථන ඇමතුමක් දී උද්ගත වෙමින් පවතින තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් පැහැදිලි කළේය.


”ඔබතුමිය කැමතිද? තමන් නිසා රටේ කලබල ඇති වෙනව දකින්න. එහෙම වුණොත් ඒක ඔබතුමියගේ නමට ලොකු කළු පැල්ලමක් වේවි” කී අග‍්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා තම සමීප ඥාතිවරයාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටියේ භාරකාර ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ නිල නිවේදනය හැකිතාක් ඉක්මනින් තමන් වෙත එවන ලෙසය. තම වැඩිහිටි ඥාතිවරයාගේ කරුණු පැහැදිලි කිරීමෙන් පසු සිරිමාවෝ මැතිනියටද එම ඉල්ලීමට අවනත නොවී සිටීමට නොහැකි විය. එහි ඊළඟ ප‍්‍රතිඵලය වූයේ එවකට අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ සහකාර ලේකම්වරයෙකු ලෙස සේවය කළ තරුණ සිවිල් නිලධාරියෙකු වූ බ‍්‍රැඞ්මන් වීරකෝන් මහතා අත එතුමියගේ ඉල්ලා අස්වීමේ ලිපිය කොළඹ රජගෙදර විසූ ආග‍්‍රාණ්ඩුකාරවරයා වෙත යැවීමය. ඒ අනුව තවත් පැය කිහිපයක් ඇතුළත එ.ජා.ප. නායක ඩඞ්ලි සේනානායක මහතා අභිනව ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.

නිහාල් ජගත්චන්ද්‍ර