(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කෙළිදෙලෙන් ගමනේ යෙදුණු තරුණ පිරිසක් බසය නැවතීමේ දී නියමිත නැවතුම්පොළ පසු කළැයි උරණව රියදුරුට පහර දෙන්න සූදානම්ව මගී වීරෝධය මැද බැස යද්දී වටිනා ජංගම දුරකතනයක් ද අසුන මත දමා යාමේ සිද්ධියක් ඊයේ 29 උදේ කැලණිය පට්ටිය හන්දිය ප්‍රදේශයේ දී දකගත හැකිවිය.
දෙහිඅත්තකණ්ඩිය සිට කොළඹ බලා ගමන් කරන පෞද්ගලික බස් රථයකි. මගී ආසන සියල්ලම පාහේ පිරී තිබිණි. තරුණ පිරිසක් ගමන් ගත්තේ අල්ලාප සල්ලාපයේ යෙදෙමිනි. ඔවුන් අත නවීන පන්නයේ ජංගම දුරකතන ද විය. ඒවායින් මේ පිරිස විවිධ ක්‍රීඩාවල යෙදී සිටිනු දැකිය හැකිවිය.
බසය කැලණිය පට්ටිය හන්දිය පසු කරන්නට විය. එක් තරුණයෙක් එක්වරම නැගී සිටියේ නින්දෙන් අවදීවුවකු විලසය. බහිනවා බහිනවායී ඔහු මොරදුන්නේය. එම කෑගැසීමත් සමඟම තරුණයන් සිව් දෙනා නැගිට්ටේ කලබලයෙනි. එක් අයෙකු අත සුරතල් මසුන් සහිත පොලිතින් කවරයක්ද විය. හදිසි කලබලයත් සමග එම කවරය ආසනයක ගැටීමෙන් පුපුරා යද්දී සුරතල් මසුන් සීසිකඩ විසිර ගියේය.
තරුණයන්ගේ දැනුදීම අනුව රියදුරා බසය නතර කරද්දී නැවතුම්පොළ මදක් පසුවී තිබිණි. එය තරුණ පිරිසගේ කෝපයට හේතුවිය. පිරිස බසයෙන් බැසීම පසෙකලා රියැදුරු සමීපයට ගියේය. අතින් පයින් හොඳ සංග්‍රහයක් කරන්නට සැරසෙද්දී සෙසු මගීන්ගේ විරෝධය එල්ලවිය. ඒ නිසා තරුණ පිරිසේ අදහස් ව්‍යර්ථවී මගීන්ගේ සංග්‍රහයක් ලැබෙන්නට පෙර බසයෙන් බැස ගියේය.
තරුණ පිරිස ගමන් ගත් ආසනයක තිබී නවීන පන්නයේ දුරකතනයක් මගියකුට හමුවී එය රියැදුරාට බාර කළේ සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් කරන ලෙසට ද උපදෙස් දෙමිනි.
2025 දෙසැම්බර් මස 04
568
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
494
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
423
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ෆෝන් සිහියෙන් ගිහින් අම්බානක පරිප්පු කාලා