හොර පොල් කඩන්නට ගොස් අසුවූ හොරා අයිතිකරුගෙන් වැඳවැටී සමාව ඉල්ලා සමාව ලද පසු පොල් කැඩුවාට ගස් කුලිය ඉල්ලීමේ සිද්ධියක් මීරිගම ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය.
තරමක් විශාල පොල් වත්තකි. නිතර සොරකමට පුරුදු අයකු හිමිදිරියේම හොරාට පොල් කඩන්නට ගියේ අයිතිකරුවන් එන්නට පෙරය. ගස් තුන හතරක පොල් කැඩූ ඔහු තවත් ගසකට නගින්නට සූදානම් වෙද්දී එහි ආ අයිතිකරු ඔහු අල්ලා ගත්තේය. කැඩූ පොල් කවරය ගසක් මුල තිබිණි. කර කියාගත හැකි දෙයක් නොවූ සොරා අයිතිකරු හමුවේ වැඳ වැටුණේ බේරෙන මගක් සොයා ගනු පිණිසය.
ජීවත් වෙන්නට මගක් නැති කමත් ලෙඩදුක් කරදර ගැනත් පුන පුනා කියමින් සමාව ඉල්ලද්දී හිත උණුවු ඉඩමේ අයිතිකරු කෑමට පොල් ගෙඩි දෙක තුනක්ද දී යාමට ඉඩ දුන්නේය. පොල් ගෙඩි තුනක් අතට ගත් හොරා “ මහත්තයා පොල් කැඩූ ගස්වලට කුලිය දෙන්න”යි ඉල්ලද්දී පොල්ලක් අතට ගත් අයිතිකරු හොඳ කුලියක් දෙන්නම් කියද්දී අතට ගත් පොල් ගෙඩි තුනත් බිම දමා හොරා පලාගියේ ගුටි නොකා බේරෙන්නටය.
(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන්න එපා මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් බෙහෙත් ලබෙයි (හේ)
අජිත්, මේ නිකවැරටියේ තිබී අර හෙලිකොප්ටරයෙන් කොළඹට ගෙනා පොල්වත්ත නොවෙයි. (නි)
අජිත් ඉක්මණින් ඔය ලෙඩේට බෙහෙතක් කර ගන්න. (ම)
මොහු මහ බැංකුවේ රැකියාවකට සුදුසුයි (ම)
හොරා කොටද, උසද ? උස නම් සිකුරිටි, කොට නම් කම්කරු. (බ)
හරි ෂෝක්. මේක තමයි ලංකාව! (නි)