IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හෝටලේ මඟුලට යද්දී නයි පැටියකුත් ගෙනිහින්


කැලෑවකට ගිහින් දාන්න කියා බිරිය බෑගයකට දමා දුන් නයි පැටියා අමතකවීමකින් සැමියා හෝටලයකට ගෙන ගොස් තිබූ සිද්ධියක් නගරබද ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


ඔහු ඡායාරූප ශිල්පියෙකි. හෝටලයක පැවති මංගල උත්සවයක් සඳහා යාමට සූදානම් වන අවස්ථාවේ ඔහුට කතා කළ බිරිය “අනේ අර ඊයේ හවස වත්ත පහළ දී අල්ලාගත් නයි පැටියා ඔයා යන ගමන් කැලෑවකට දමා යන ලෙස කියා ඇත. බිරියගේ ඉල්ලීමට අනුව කුඩා පොලිතීන් උරයකට දමාගත් නයි පැටියා කැමරා බෑගයේම කොටසක තබා ඔහුට අයත් යතුරුපැදියෙන් ගමන පිටත් වී ඇත.


ඒ අවස්ථාවේ පාරේ තිබූ වාහන තදබදය නිසා නියමිත වෙලාවට මංගල උත්සවයට යාමට නොහැකි වේ යැයි සිතමින් ඔහු තරමක් වේගයෙන් ගියත් අවශ්‍ය තැනට යන විට තරමක් ප්‍රමාද වී ඇත.


පැමිණි කාර්යයට අවශ්‍ය උපකරණ ගැනීමට ගමන් බෑගයට අත දමද්දි මල්ලට දමාගත් නයි පැටියා සිහිවී ඌ සොයද්දී උරය පමණක් එහි තිබෙනු දැක මවිත වී කාටත් නොකියා තවදුරටත් බෑගය පරීක්‍ෂා කර ඇත. ඒ අතරේ ඔහු අසලට පැමිණි මිතුරෙක් කලබල වෙන්න එපා තව වෙලාව තියෙනවා. හෙමින් ලෑස්ති වෙන්න යැයි කියා ඇත.


තවදුරටත් කාරණය සඟවාගෙන සිටිය නොහැකි නිසා ඔහු කනට කර “මචං නයි පැටියෙක් දුන්නා ගෙදරින් කැලේට දාන්න කියලා. ඌ ආගිය අතක් නෑනේ යැයි” කියා ඇත.


ඒ කතාවෙන් මිතුරත් කලබල වී අත දාන්නත් බයයි කෑවොත් මම ඉවරයි. කොහේ හරි අස්සක ගුලි වෙලා ඉන්නවද දන්නෑ කියමින් තවදුරටත් සොයද්දී නයි පැටියා හෝටලේ කාපට් එකක් දිගේ යනු දැක ඇත.


පසුව කාටත් හොරෙන් යළිත් නයි පැටියා අල්ලාගෙන උරයට දමාගෙන උත්සවය අවසන් වී ආපසු යන අතරේ කැලෑබද ප්‍රදේශයකට මුදාහැර ගෙදර ගොස් ඇත.


නයි පැටියාට හුස්ම ගන්න කියා බිරිඳ ඉටි උරයේ හැදූ සිදුරෙන් ඌ එළියට ගොස් තිබෙන බව පසුව ගෙදරට සිද්ධිය කියූ පසු හෙළි වී ඇත. 
(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න)

 



අදහස් (0)

හෝටලේ මඟුලට යද්දී නයි පැටියකුත් ගෙනිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site