(වියලුව වාර්තාකරු)
තම දියණියට පාඩම් කියා දීම සඳහා නිවෙසට පැමිණ වැල්වටාරම් දොඩවමින් සිටි විශ්‍රාමික ගුරුවරයකු පන්නා දැමීමට නිවැසියන් යෙදවූ අපූරු උපායකි මේ.
සිද්ධිය මෙසේය. 
ඔහු විශ්‍රාමික සිංහල ගුරුවරයෙකි. වැඩිහිටියන් සමග තිබූ හිතවත්කම නිසා ඔහු පසුගිය දිනෙක තම හිතවතකුගේ නිවෙසට ගොඩ වූයේ මෙවර අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිටින එම නිවසේ දරුවකුට ඉගෙනීමට අපහසු සිංහල ව්‍යාකරණ පාඩමක් කියා දෙන ලෙස එම නිවෙස් හිමියා කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙනි.
විනාඩි කිහිපයක් පාඩම් කියා දුන් ගුරුවරයා දරුවා සමඟ තම සේවා කාලය පිළිබඳ විවිධ වූ වැල්වටාරම් දොඩමින් සිටිනු දුටු නිවෙස් හිමියා දරුවාට පාඩම කියාදෙන්නැයි ගුරුභවතාගෙන් කාරුණිකව ඉල්ලා සිටියේ විභාගයට ඇත්තේ ඉතා සීමිත කාලයක් බව පෙන්වා දෙමිනි.
කෙසේ වෙතත් මඳ වේලාවක් පාඩම කියා දුන් ගුරුභවතා නිවැසියා දුන් අවවාදය යළි අමතක කර රටේ තොටේ සහ ගමේ විස්තර දරුවා සමග පවසන්නට වූයේ නිවෙස් හිමියාගේ ඉවසීමේ සීමාව ද ඉක්මවා යවමිනි.
එසේ වුව ද නිවෙසට පැමිණි අමුත්තාට හිත රිදෙන්නට යමක් නොකීමට වග බලාගත් නිවෙස් හිමියා තම බිරිඳ ද හවුල් කරගනිමින් ඔහු නිවෙසින් පන්නා දැමීමට අපූරු උපායක් ක්‍රියාවට නැංවූයේ තම දරුවාට ද නොදැනෙන පරිද්දෙනි.
නිවෙසේ පසුපස දොරෙන් පිට වී ගිය හෙතෙම නිවෙසේ විදුලි සැපැයුමේ ප්‍රධාන ස්විචය අක්‍රිය කර දැමුවේ විටින් විට සිදුකරන විදුලිය කැපීම පිළිබඳ විදුලිබල මණ්ඩලයට ද දෙස් දෙවොල් තබමිනි.
ටික වේලාවකින් විදුලිය එතැයි සිතූ ගුරුවරයා තවදුරටත් පාඩම කියාදීමට පැමිණි සිසුවා සමග අල්ලාප සල්ලාපයෙහි යෙදෙන්නට වූයෙන් නිවැසියාගේ උපාය අසාර්ථක විය. එහෙත් අවසානයේදී පරාජය බාර ගන්නට අකැමැති වූ නිවෙස් හිමියා, “සර් ආයෙ නම් ලයිට් එන එකක් නැහැ, දැන් රෑත් වුණා, ගෙදර යන්නත් එපැයි නේ ද?” යැයි කියමින් සිය දරුවා වෙනත් වැඩකට යොමුකළේ එතෙක් වේලා තම නිවෙසේ රැඳී සිටි ගුරුවරයාට ද සමු දෙමිනි.
2025 නොවැම්බර් මස 21
314
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
344
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1278
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සිංහල සර්ට අපූරු පාඩමක්
Chamila prasanna Friday, 11 September 2020 03:06 PM
අනේ මෙහෙමත් ගුරුවරු....!!!