(අවිස්සාවේල්ල විශේෂ සෝමසිරි හිඟුරලආරච්චි)
“ඔයා කොහොමද සුදුපාට වුණේ? කියා අම්මලගෙන් අහගෙන මට ලිපියක් ගෙනත් දෙන්නැයි ගුරුතුමියක් සිසුවියකට පැවසීම නිසා මවුපියන් දෙදෙනා කලබලයට පත්ව පාසලට යෑමේ පුවතක් කොළඹ දිස්ත්රික්කයේ ජනප්රිය පාසලකින් වාර්තා වේ.

සිද්ධිය මෙසේය. 18 වැනි වියේ පසුවන ඇය එම පාසලේ අ.පො.ස. උසස් පෙළ හදාරන්නීය. මව සහ පියා පියකරු පෙනුමෙන් හා සුදුවර්ණයෙන් හෙබි අඹුසැමි යුවළකි.
එනිසා දියණිය ද වඩාත් සුදු වර්ණයෙන් හා පියකරු පෙනුමෙන් යුක්ත වූවාය.
සුදු පැහැති රුව නිසා කාගේත් නෙත් සිත් ඈ වෙත ඇදී ගියේය.
ගුරුතුමිය විවාහකය, දරු සුරතල් බලමින් 48 වැනි වියේ පසු වන්නීය. ඇය කලාවට සම්බන්ධ වෘත්තියක නියැළෙන්නියකි.
එනිසා ඇය තමාට ආවේණික කලා ඇසින් දැරිය දෙස බැලුවාද? නැතහොත් දැරිය මෙන් තමාටත් සුදුවීමට ගුරුවරියට සිතුනා ද? යන්න ප්රශ්නයකි. ගුරුවරිය දැරියගෙන් සුදුපාට වුණේ කෙසේ දැයි විමසීම නිසා කෝපයට පත් මවුපියන් ගුරුවරියට පාඩමක් ඉගැන්වීමට පාසලට පැමිණියත් ගේට්ටුව අසල දී තවත් පිරිසක් කරුණු පහදා දී ඔවුන් ආපසු යැව් බව පැවැසේ.
COMMENTS
ස්නෝවයිට් කථාවේ එන නපුරු රැජින නැවත පුනරුප්පත්තිය ලබලා වෙන්නැති...
කොහෙද සුදුපාට මිනිස්සු ඉන්නේ? භාෂාව හරියට ඉගෙනගෙන ලියන්න.