තිහගොඩ උපසේන ලියනගම
සූදු පොළක් පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමට යැවූ උපාය දූතයකු ග්‍රාම සේවා නිලධාරිවරයාට ද කොකා පෙන්වා මාරුවී යාමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ කඳුකරය ආශ්‍රිත ප්‍රදේශයකිනි.
තම ප්‍රදේශයේ නිවසක මහා පරිමාණයෙන් පවත්වාගෙන යන සූදු පොළක් පිළිබඳව ආරංචියක් ලද ග්‍රාම නිලධාරිවරයකු එය තම ඥාති නිවසක් නිසා නිවැරදි තොරතුරු දැන ගැනීමට ගමේම හිතවත් අයකුට රුපියල් පන්සියයක් දී සූදුපොළ ක්‍රියාත්මක වන ආකාරය රහසේ බලා ගැනීමට එහි උපාය දූතයකු ලෙස යැවීය.
ඔහු ගොස් පැය ගණනාවක් ගතවුවත් කිසිදු ආරංචියක් නොලැබීමෙන් කෝපයට පත් ග්‍රාම නිලධාරිවරයා ඒ ගැන සෙවූ විට දැන ගන්නට ලැබී ඇත්තේ ග්‍රාම නිලධාරී දුන් මුදලින් සූදු ක්‍රීඩා කර විශාල මුදලක් දිනාගෙන ඒ ගෙදර අයටද ග්‍රාම නිලධාරී කියු දේවල් පවසා මාරුවී ඇති බවලු.
2025 නොවැම්බර් මස 21
7
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සූදුපොළේ හොර අල්ලන්න යැවූ ඉත්තා රාලහාමිටත් කොකා පෙන්නලා