IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


වැලන්ටයින් දිනයේ කේක් බෙදන්න ගිය පෙම්වතාට පෙම්වතියත් නැතිවෙලා

පෙම්වතුන්ගේ දිනය දා කේක් බෙදන්න ගිහින් පෙම්වතිය අහිමි කරගත් පෙම්වතකු පිළිබඳ පුවතක් අගනුවරින් වාර්තා වේ. ඒ මෙසේය.


 ඔහු නාඹර තරුණයෙකි. දුර බැහැර සිට අගනුවරට දිනපතා ළඟාවන බස් රථයකි. රැකියාවට පැමිණෙන අතර එම බසයේම පැමිණි තරුණියක් ඔහුගේ පෙම්වතිය විය. ඔහුට මිතුරෝ විශාල පිරිසක් සිටිති. එයින් පිරිසක් රහමෙර පානය කරති. ඔහු ද මේ කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙකි.


මේ කට්ටිය කුමක් හෝ හේතුවක් හදාගෙන මාසයට වරක් දෙකක් මත්පැන් පානය කරති. බස්රථය තුළ සින්දු කියමින් ගමන් කරති. පෙම්වතාගේ මේ හැසිරීම සම්බන්ධයෙන් ඇය නොසතුට පළ කර තිබුණි. ඔහු හැමදාම ඇයට විහිළුවක් කර ෂේප් වන්නේය.


පසුගිය පෙම්වතුන්ගේ දිනය දා මිතුරන් සමග සෙට් වී සිටින විට මිතුරෙකු පැවසුවේ ‘මචං අද වැලන්ටයින් දිනය ඉතිං උඹ අපිට කේක් අරන් දීපං උඹල දෙන්න හැමදාම ටොපි ටොක්ලට් කනවානේ.’


 ඔහු මිතුරාගේ කන්දොස් කිරියාව නිසා අසල කඩයකින් අයිසින් කේක් එකක් ගෙන කෑලිවලට කපාගෙන පැමිණියේය. එම කේක් එක කෑමට මිතුරෝ පොර අල්ලති. ඔහු මිතුරන්ට බැණවදිමින් කෙල්ලට දීලා තමයි උඹලට දෙන්නේයි කීය. 


අගනුවරින් බසය ගමන් අරඹා තිබුණි. පෙම්වතා ඉදිරිපස ආසනයක වාඩි වී සිටින තම පෙම්වතියට මුලින්ම කේක් කෑල්ලක් පිරිනැමීය. ඒ වනවිට පෙම්වතා  බස්රථය තුළ කරන විකාරරූපී රංගනය ගැන කලකිරීමටත් කෝපයටත් පත්ව සිටි ඇය කේක් කෑල්ල ප්‍රතික්ෂේප කළාය. ඔහු තරහෙන් සිටි පෙම්වතියට විහිළුවක් කරමින් අසල ආසනයක සිටි ආච්චිට කේක් කෑල්ලක් පිරිනැමීය දිගටම තරුණයාගේ හැසිරීම බලා සිටි ආච්චි ඔහුට හොඳටම බැණ වැදුනාය.


අපි මේ බලාගෙන ඉන්නේ ගෙදර යන්නේ කොයිවෙලේ ද කියලා? මුන් මේකේ ජවුසං නටනවා. කියමින් තරුණිය දෙස බැලුවාය. ඇය ලැජ්ජාවෙන් බිම බලාගත්තාය. මේ කතා ඇසූ පෙම්වතා පරාජිත හැඟීමෙන් මිතුරන්ට පැවසුවේ මංච දැන් ඉතිං කරන්න දෙයක් නැහැ මේක අපි කමු. යනුවෙනි. 


වේගයෙන් ධාවනය වන බසය තුළ ඔහු එහාට මෙහාට තල්ලු වෙමින් පිටුපසට ගියේ අතේ කේක් ගෙඩිය ද ඔසවාගෙනය. එක්වරම බසය බ්‍රේක් ගැසුවේය. ඔහු පියාඹන පිරිසියක් මෙන් උඩින් ගොස් පිටුපස ආසනයේ සිටි මිතුරන් මතට ඇද වැටුනේ කේක් ගෙඩිය ද සීසීකඩ වීසිවෙමිනි.


මිතුරන්ගේ ඇඟ පුරාම අයිසින් කේක්ය. මිතුරා හරියට  අවුරුදු උත්සවයක  විකටයෙකු සේ මුහුණ පුරා අයිසින් තවරාගෙන පිටුපස ආසනය මත ඇද වැටිලාය. මුලු බසය පුරාම සිනාවක් පැතිරිණි. මේ සිනා හඬ මැද්දේ තම පෙම්වතාට වෙලා තිබෙන සන්තෑසිය දැක පෙම්වතිය තරහෙන් පුපුරා මගින් බැස ගියාය.


පසුව මිතුරන් පිරිස එකතු වී ඔහු පිරිසුදු කර බහින ස්ථානයෙන් බස්සවා ඇත. තම මිතුරාත් පෙම්වතියත් සති ගණනාවක් යනතුරු එම බසයේ පැමිණියේ නැති නිසා මිතුරන් ඒ ගැන සොයා බලා ඇත. තම මිතුරා පවසා ඇත්තේ ඉලව් වැලන්ටයින් දිනයක් නිසා තමාට පෙම්වතිය ද අහිමි වූ බවය.
(බන්දුල පතිරණ)



අදහස් (2)

වැලන්ටයින් දිනයේ කේක් බෙදන්න ගිය පෙම්වතාට පෙම්වතියත් නැතිවෙලා

සත්‍යවාදියා Sunday, 03 March 2019 06:38 AM

බොරුවක් ගොතනවිටත් යම්කිසි මූලධර්මයක් අනුගමනය කළ යුතුයි. වේගයෙන් ඉදිරියට යන බස් රථයක් බ්‍රේක් ගැසුවාම විසිවී යන්නේ පිටුපසට නොව ඉදිරිපසටයි...

:       0       273

Lenard Friday, 15 March 2019 10:22 AM

හරියටම හරි ඒක කියවද්දි මාත් ඕකමයි කල්පනා කර කර හිටියේ. බ්රේක් ගැහුව නම් වීසි වෙන්න ඕන ඉස්සරහට. කොහොමද පිටිපස්සේ ඉන්න යාලුවන්ගේ ඇඟට වැටුණේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1123 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1134 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 430 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site