IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වරදක් හදන්න ගිහින් අතේ මාට්ටු වෙලා

(උණවටුන ඩී.ජී. සුගතපාල)
නගරාසන්නයේ මිතුරන් දෙදෙනෙකි. මිතුරෝ දෙදෙනාම තදින්ම මතට ඇබ්බැහිවූවෝ වෙති. නිරෝධායන ඇඳිරිනීතිය නිසා ඔවුන්ගේ අවශ්‍යතාවට වුවමනා හෙරොයින් පානයට මුදල් සොයා ගැනීම තරමක් දුෂ්කර විය. 


එහෙත් උත්සාහය අතහැරියේ නැත. කොළඹ පදිංචි වෘත්තිකයකුගේ ගාල්ලේ නිවෙස බලාගත් මුරකරු සමග ඔවුහු මිතුරු වූහ. පසුගිය සතියේ කොළඹ සිටින නිවෙස් හිමිකරු මුරකරුට වැටුප් එව්වේය. ඒ බව දැනගත් මිතුරන් දෙදෙනා පස්වනක් ප්‍රීතියට පත් වූහ.


බලාපොරොත්තු නැති අවස්ථාවේ මිතුරන් දෙදෙනා බංගලාවට ඇතුළු වූහ. එකෙකුගේ අත පිහියකි. ක්ෂණයකින් එම පිහිය මුරකරුගේ බෙල්ලට එල්ල විය. “කෝ පඩි සල්ලි, දීපන්... නැති නම් මරණවා.” තර්ජනය හමුවේ මුරකරු අසරණය.


කොල්ලකාර මිතුරන් දෙදෙනා ඔහු සතුව තිබූ රුපියල් තිස්දහසක මුදලක් ද ජංගම දුරකතනය ද පැහැර ගත්තේය.


“අනේ මම තවම දවල්ට කෑවෙත් නැහැ. දැන් මට කන්න සල්ලිත් නැහැ” මුරකරුගේ දුක්බර අඳෝනාව කොල්ලකරුවන් වුණත් ඔවුන්ගේ හදවත් ද සසල කළේය. එහෙත් වැඩි වේලාවක් රැඳී සිටීම නුසුදුසු නිසා වහාම එම ස්ථානයෙන් පිට වූ කොල්ලකරුවන් දෙදෙනා යම් කිසි තීරණයකට එළැඹියහ.


“අපි මිනිහට කෑම පාර්සලයක් ගිහින් දෙමු” ඒ අනුව කෑම පාර්සලයක් සාදාගත් කොල්ලකරුවන් දෙදෙනා ගොස් ගේට්ටුවේ කෑම පාර්සලය එල්ලා ආපසු පැමිණෙන්නට හැදුවා පමණි. කොහෙදෝ සිට පොලිස් නිලධාරීහු දෙදෙනෙක් ඔවුන් කොටු කරගත්හ. ඔවුන් කළ දෙය පිළිබඳව සැක කළ පොලිසිය දිගින් දිගටම ඔවුන්ගෙන් ප්‍රශ්න කළේය. අන්තිමේදී ඔවුන්ට සියලු තතු හෙළි කරන්නට සිදු වූයේ, මේ අලකලංචිය අස්සේ මුරකරු ද එළියට පැමිණ සිද්ධියේ සුලමුල හෙළි කළ බැවිනි. 

 



අදහස් (1)

වරදක් හදන්න ගිහින් අතේ මාට්ටු වෙලා

fairoos Tuesday, 28 September 2021 01:43 PM

ලංකාවේ ආණ්ඩුව වගේමයි මිනිස්සුත් දැන් .එකට ඉඳලා පස්සෙන් අනිනවා

:       3       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site