IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


වැඩි පරිස්සමට මිත්තනියට එවූ සල්ලි මිටිය වේයන්ගේ ගොදුරක් වෙලා

පියාගේ බේබදුකම නිසා ඉගෙනීම් අතහැර අගනුවර රැකියාවකට ගිය ඇය තමා උපයන මුදලින් කොටසක්  යෙහෙළියක අත මිත්තනියට එව්වේ ගෙදර අන් කිසිවකු විශ්වාස නැති නිසාය. මිත්තනිය ද මාසිකව එවන ඒ මුදල ආරක්‍ෂා සහිතව සඟවා තැබුවේ ඇය ආවිට  ආපසු දීමටය. ගෙදරට මුදල් ගෙනැවිත් දුන් යෙහෙළිය පසුගියදා ඇයට කීවේ මිත්තනිය රෝගී වී රෝහල් ගතකර ඇති බවය. මිත්තනිය බැලීමටත් තමා දුන් මුදල පිළිබඳව සෙවීමටත් ඇය නිවෙසට පැමිණ කෙළින්ම ගියේ රෝහලටය. තමා වෙත එවූ මුදල් සඟවා ඇති තැන කීමට තරම් මිත්තනියට හොඳ සිහියක් තිබුනි. නිවෙසට ගොස් ඇය කී ස්ථානය අත පත ගා බැලූ ඇයට තරු පෙනිණි. පත්තර ගොඩක් අස්සේ තිබූ රුපියල් දෙදහසේ කොළ දෙකක් හැරෙන්නට ඇගේ හැඹිලියත් සෙසු මුදලත්  හඳුනාගත නොහැකි සේ වේයන්ගේ ගොදුරක් බවට පත්ව තිබුනාලූ.



අදහස් (0)

වැඩි පරිස්සමට මිත්තනියට එවූ සල්ලි මිටිය වේයන්ගේ ගොදුරක් වෙලා

පුංචා Wednesday, 11 July 2012 11:19 AM

වේයාට නඩු දාමුකෝ

:       0       0

පුන්ච Wednesday, 11 July 2012 10:41 AM

තරු බලන්න ඕන නම් නියම වැඩේ ..

:       0       0

sltk2004 Wednesday, 11 July 2012 11:25 AM

අනේ මේ ළමය බැංකු ගිණුම් ගැන දන්නේ නැද්ද ?

:       0       0

ගිහාන් Thursday, 12 July 2012 09:25 AM

මට හිතෙන විදියට මිත්තණිය දන්න හොදම විදියට තමයි මේ සල්ලි පරිස්සම් කරලා තියෙන්නේ.ඒත් මේ නංගි පොඩ්ඩක් මොළේ කල්පනා ක‍ළා නම් අද සල්ලිත් තියෙනවා.පොළියකුත් තියෙනවා

:       0       0

ගාලු කොල්ලා Wednesday, 11 July 2012 11:27 AM

පවු දහඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි.දුප්පතාට තමයි හැම ගිනි ගෙඩියක්ම පාත් වෙන්නේ

:       0       0

අභිලාෂිණි Wednesday, 11 July 2012 05:48 PM

පවු, දුප්පතාටම තමයි තිරිසන්නුත් අරියාදු කරන්නේ

:       0       0

පුරවැසියා Thursday, 12 July 2012 05:30 PM

අනේ කාටහරි පුලුවන්නම් ඒ ළමයට උදව් කරන්න බැංකුවක් මාර්ගයෙන් හරි විනාශ වෙච්ච මුදල් වල වටිනාකම ලබාගන්න. දිරිමත් සොයුරියක්. රටේ බැංකු පද්ධතිය ගැනත් දැනුමක් තිබුණනම් මොන තරම් වටිනවද ඒ ළමයට.

:       0       0

මංඡුල බිරුටි Wednesday, 11 July 2012 11:47 AM

ලංකාවේ කොච්චර බැංකු ප්‍රමානයක් තියනවද? මොකද තමුන්ට කියල ගිණුමක් හදාගන්ඩ දැනුමක් නැද්ද?

:       1       0

කමල් Wednesday, 11 July 2012 11:50 AM

මෙවට හිනා වෙන්න එපා...

:       0       0

සෝනු Thursday, 12 July 2012 06:43 PM

නංගි පොඩ්ඩක් අද කලේ තව ටිකක් දැනුවත් වෙන්න ඕනේ නේද ..

:       0       0

Nipuna Wednesday, 11 July 2012 11:52 AM

මොනවා කරන්නද ? ආච්චිට එවපුවනේ ඉතුරු කරල තියෙන්නේ...

:       0       0

බට්ටි Sunday, 15 July 2012 07:47 AM

අනේ දුක හිතෙනවා දෙන්නගැනම

:       0       0

තිලක් Wednesday, 11 July 2012 06:00 PM

පියාගෙම වැඩක්ද දන්නැ

:       0       0

ගීත් Thursday, 12 July 2012 06:34 PM

හිතට කොච්චර දුකක් දැනෙන්න ඇතිද අනේ පව්

:       0       0

ජය Thursday, 12 July 2012 07:18 PM

පව් නම් තමා එත් අද වගේ දියුණු වෙච්ච කලෙක ඔය වගේ දෙයක් අහන්න ලැබීම අභාගයක් ..

:       0       0

කුවේට් Wednesday, 11 July 2012 12:22 PM

අහින්සකයන්ටමයි හැම විපතක්ම වෙන්නේ...

:       0       0

නිරාන් Wednesday, 11 July 2012 07:38 PM

පවු අහිංසක මිනිස්සු

:       0       0

සංජේ Thursday, 12 July 2012 10:46 AM

විනාශ වෙච්ච නෝට්ටු ටික බැංකුවට දුන්න නම් අළුත් ඒවා ගන්න පුලුවන්

:       0       0

සේනානායක Wednesday, 11 July 2012 12:31 PM

හිතන්නත් අමාරුයි...මේක ලංකාවේ සිදුවීමක්ද ???

:       0       0

Bodirima Wednesday, 11 July 2012 01:24 PM

වේයත් දන්නවා රුපියල් දෙදහසේ වටිනාකම. ඒකනේ ඉතුරු කරල තියෙන්නේ

:       0       0

වරුණ Wednesday, 11 July 2012 12:46 PM

අර ආච්චිලා ඉස්සර කාලේ ඉදන් සල්ලි හංගන්නේ බැංකුවේ දාන්න අමතක වෙලාද? අයියෝ සල්ලි

:       0       0

නග්දීප Saturday, 14 July 2012 10:15 AM

EZ cash කළනම් කරදයක් නෑනෙ.. ආච්චිට

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 11 July 2012 12:47 PM

දුක්වෙන්න එපා ටිකක් හරි උගත් කමක් ඇති කෙනෙක් නැති එකේ පාඩුව තමයි....

:       0       0

දර්ශන Wednesday, 11 July 2012 12:58 PM

වේයා හොඳට පරිස්සම් කරලා ...

:       0       0

subhashini Wednesday, 11 July 2012 09:37 PM

අනේ ඉතින් මුළු ලෝකයටම වැඩිය ආච්චි අම්මනේ ඒ ළමයට ඉන්නේ. පවු ඉතින්. සමන්ත නෑයොත් වේයොත් වේයෝ වගේ කියල කතාවක් තියෙනවා. අහල නැද්ද

:       0       0

සමන් Wednesday, 11 July 2012 09:59 PM

නංගිට අපේ එකවුන්ට් එකක් දෙමු

:       0       0

සගා Wednesday, 11 July 2012 02:06 PM

අහිංසක මිනිස්සුන්ටම තමයි මේවා වෙන්නේ.

:       0       0

තරු Thursday, 12 July 2012 09:50 PM

වක්කඩේ හකුරු හැංගුව වගේ

:       0       0

අමරා ඉරන්ගනී Wednesday, 11 July 2012 11:31 PM

දුප්පත් කම නිසා නේ

:       0       0

පිලිපීනෝ Wednesday, 11 July 2012 03:08 PM

ලංකාදීප පත්තර ගොඩක් අස්සේ හැංගුවවද්ද?

:       0       0

මහියංගන Friday, 13 July 2012 11:59 PM

අහිංසක මිනිස්සු. හිතට කොච්චර දුකක් දැනෙන්න ඇතිද ?පවු මේ දෙන්න ගැනම දුකයි.

:       0       0

සමන්ත Wednesday, 11 July 2012 02:56 PM

අපිව කන්නෙම නෑයොයි, මීයොයි, වේයොයි,

:       0       0

හිත හොඳ Thursday, 12 July 2012 03:37 AM

ලිපිනය එව්වොත් උදව් කරන්නම් , බොරුවක් නෙවෙයි නම් .

:       0       0

ලලිත් Thursday, 12 July 2012 05:32 AM

බලන්න දෙදහසේ කොළ වේයෝවත් කන්නේ නෑ! මහ බැංකුවට වෙන්නේ අනිත් සල්ලි කොලත් ඒ විදියටම ප්‍රින්ට් කරන්න.

:       0       0

ලාල් පෙරේරා Wednesday, 11 July 2012 04:27 PM

අනේ පව්..

:       0       0

ලක්මාල් Wednesday, 11 July 2012 10:18 AM

අය්යෝ සල්ලි...

:       0       0

පාලිත-Maldives Thursday, 12 July 2012 08:09 AM

අපේ සමහර ප්‍රතිචාර එවන අය මහ පණ්ඩිතයෝ.එයාලා එවන්නේ ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ අදහස්.එහෙම හොද නෑ.අපි කරදරයට පත් වුණු අයට අනුකම්පා කරන්න ඕනි

:       0       0

මා වේයා Wednesday, 11 July 2012 10:59 AM

මේක මොකක්ද අපේ දේශපාලන වේයෝ මහජන මුදල් කාබාසිනියා කරන කෙරිල්ලත් එක්ක බැලුවහම

:       0       0

රට වැසියෙක් Wednesday, 11 July 2012 11:08 AM

පවු මට මේ දෙන්න ගැනම දුකයි.අහිංසක මිනිස්සුන්ටම තමයි මේවා වෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සොරකමෙන් බේරෙන්න සල්ලි ගෙවූ බඩුත් දමා දුවලා
2024 ජුලි මස 26 580 0

හොරා කාපු එකාට ලු‍ණු පොල් කට්ටේ ඇඟිල්ල ඔබාගෙන හෝ උලා කෑමේ පුරුද්දක් ඇති බවට පැරණි කියමනක් සිහිපත් කරන අපූරු සිදුවීමක් කැබිතිගොල්ලෑව නගරයේ වෙ​ෙළඳසලක්


විජ්ජාවක් පෙන්වන්න ඇවිත් රෙදි ගැලවෙන්න දීලා
2024 ජුලි මස 25 1766 2

කෙටි කෑම වෙ‍ළෙද සලට විජ්ජාවක් පෙන්නන්න හැදූ පකිස්තානුවාට ඊට වඩා ලොකු විජ්ජාවක් පෙන්වූ එම වෙළඳ සලේ තරුණයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ බස් පොළෙන් අසන්නට


ෆෝන් අංකය මාරුවී ලෙඩා මළැයි කියා ‘‘හර්ස්’’ එකකුත් ගෙනත්
2024 ජුලි මස 24 955 0

මිය ගිය රෝගියකුගේ, දේහය රැගෙන ඒමට අවමංගල රථයක් ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන ගොස් හිස් අතින් පැමිණි පිරිසක් ගැන දකුණේ ගමකින් අසන්නට ලැබිණි.. සිද්ධිය මෙසේ


දෙවියන් දුන් උපකාරෙන් අලි අමාරුවක වැටිලා
2024 ජුලි මස 23 1024 0

ස්ථාන මාරුවී ගිය විශේෂඥ වෛද්‍යවරයා වෙනුවෙන් කරන්නට දෙවියන් දුන් උපකාරයෙන් අලි අමාරුවක වැටුණු දුෂ්කර ප්‍රදේශයක රෝහලක් ඉදිරිපිට වෙළඳසල් හිමියකු පිළි


මැල්ලු‍ම මාරැවී වැසිකිළි පෝලිමේ
2024 ජුලි මස 22 835 0

පියාගේ පාදයක ඇතිවූ අස්ථි බිදීමකට බඳින්නට සාදන ලද බෙහෙත් මැල්ලු‍ම සහ නිවසේ ආහාරයට පිසින ලද පලා මැල්ලු‍ම මාරුවී අනුභව කිරීමෙන් අකරතැබ්බයකට මුහුණ පෑමට


බණ ගෙදරට ගඩොල් පාර්සලයක් ගෙනත් පටි රෝල් වෙලා
2024 ජුලි මස 19 1217 0

කිසිවකුත් ගෙන නොයන අපූරු තෑග්ගක් බණ ගෙදරකට ගෙනගිය පුද්ගලයකු පිළිබඳ අමුතුම කතාවක් දකුණු පළාතේ ප්‍රසිද්ධ නගරයකින් පසුගියදා අසන්නට ලැබුණි. පිරිමි දරුව


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site