මනාලයෙකු මනාලියගේ පාර්ශ්වයේ අයට ශිල්ප දැක්වීමට යාමෙන් කෝපයට පත් මනාලියගේ පියා කපුවාට කම්මුල් පහරක් දී මඟුල අවසන් කිරීමේ සිද්ධියක් ඓතිහාසික සීතාවක රාජධානියට අයත් ප්‍රදේශයකින් වාර්තා වේ.

සිද්ධිය මෙසේය.
මනාලයා ඓතිහාසික උරුමයක් කියාපාන ඉපැරණි පරම්පරාවකින් පැවත එන්නෙකි. ඉඩකඩම්, හරකාබාන හිමි කුලගොත් ඉහළින්ම සලකන ඥාති පරම්පරාවක් ද ඔහුට සිටී. එසේ පිරිසක් සිටිය ද ඔහු අවිවාහකයෙකි. පවුලේ සහෝදර සහෝදරියන් සියලු දෙනාම විවාහකය. නමුත් මේ කියන පුද්ගලයා උගත්කමක් නොමැති අයෙකි.
දිනක් මව්පියන් දෙදෙනා සහ විවාහක සහෝදර සහෝදරියන් කපුමහතෙකු මහ ගෙදර ගෙන්වූයේ මොහුට කසාදයක් කරදීම සඳහා ය. කපු මහතා හඳහන් කොපියත් ඡායාරූපයත් මවුපියන් දෙදෙනාගෙන් ඉල්ලාගෙන, මොකද මේ මහත්තයාට හොඳ තැනකින් මංගල්‍යයක් කරලා දීම කජ්ජක්දැයි කියා පිටත් විය.
කේන්ද්‍රය, ඡායාරූප හා විස්තර සමග ඈත ගම්මානයකින් ගේ දොර ඉඩකඩම් සහිත සුරූපී තරුණියක් කපුමහතාට මඟුල වෙනුවෙන් සොයා ගැනීමට හැකි විය.
පසුව වෙලාවට නැකතට අනුව සුබ හෝරාවකින් මනාලියගේ නිවසට මව්පියන්, ඥාතීහු සමග මනාලයා ගියහ. කාබී මංගල්‍යය ද තීන්දු විය.
මනාලියගේ මව්පියන් ඥාතීන් මනාලයාගේ නිවසට පැමිණීමේ චාරිත්‍රය එළඹිණි. ඔවුහු තෑගි බෝග රැගෙන පැමිණියහ.
මනාලයාගේ නිවසේ කෑම මේසය මඟුල් මේසයකට වඩා සම්පූර්ණ වී ඇත. මධුවිත ද ඒ අතර විය. මධුවිත පානය කළ අය අල්ලාප සල්ලාපයේ යෙදුණහ.
හිටිගමන් මනාලයා ඇඳ සිටි කලිසන්, කමිසත් ගලවා සර්කස් ක්‍රීඩා කරන තරුණයෙකුගේ වෙස් ගත්තේය. පසක නතර කර පැවැති පාපැදිය ගෙන එයට නැගී “ඔන්න බලන්න මගේ සර්කස් කියමින් එක් එක් රංගනවල නිරත විය. ඊළඟට සොල්දරයට නැග දොං කිත, දොං කිත යනුවෙන් බෙරයක් ද ගෙන සාලයේ සිට වයන්න විය. එය අවසන් කර දැන් මේ මහත්වරුන්ට පිපාසය ඇති මම වෑවර (කුරුම්බා) කඩන්නම් කියා පොල්ගසකට නගින්නට සූදානම් වූවා පමණයි, මනාලියගේ පියා ‘ඈ බොල කපුවො තෝ මේ වාගේ පිස්සෙකුට ද මගේ දුව දෙන්න යෝජනා කළේ’ යැයි කියමින් කපුවාට කම්මුලට වේගවත් පහරක් එල්ල කළේ මංගල්‍ය එයින්ම අවසන් කරමිනි.
(අවිස්සාවේල්ල විශේෂ සෝමසිරි හිඟුරලආරච්චි)
2025 නොවැම්බර් මස 21
186
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
253
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1139
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වැඩ කිඩ දාන්න ගිහින් අතේ තිබූ මඟුලත් කඩාගෙන