IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වැඩ අතරේ හොරපොළට රිංගුවාට අපූරු දඬුවමක්

(වියලූව වාර්තාකරු)
රාජකාරි ගමන පසෙක ලා හොර තිප්පොළකට රිංගා පදමට සප්පායම් වෙමින් සිටි එක්තරා ආයතනයක වාහන රියැදුරකුට එම වාහනය අයත් ආයතනයේ අධ්‍යක්ෂවරයකු විසින් ලබා දුන් අපූරු දඬුවමක් පිළිබඳ පුවතක් ලංකාදීපයට වාර්තා විය.


සිද්ධිය මෙසේය.
ඔහු එක්තරා ආයතනයක වාහනයක රියැදුරෙකි. රාජකාරි ගමනක් ගොස් ආපසු එමින් සිටි ඔහු තම වාහනය ප‍්‍රධාන මාර්ගය අසල නවතා ඒ අසල තිබූ අරක්කු තිප්පොළකට රිංගා ගත්තේ පුරුදුපරිදි හීන් අඩියක් ගැසීමටය.


ගිය කාරිය නිමා කළ ඔහු අඩහෝරාවකින් පමණ මාර්ගයට පැමිණ වට පිට බලද්දී ඔහුට තරු පෙණුනේ තමාගේ වාහනය එහි නැති බව දැකීමෙනි.
මේ අවස්ථාවේ රියැදුරුට කතා කළ ඒ අසල වෙළෙඳ සැලක අයිතිකරුවකු පවසා ඇත්තේ ටයි පටියක් පැළඳ තරමක් වටිනා කැබ් රථයකින් පැමිණි උසස් යැයි සිතිය හැකි නිලයක් දරන මහත්තයකු නවතා තිබූ වාහනය ඔහු පැමිණි වාහනයේ ගැට ගසාගෙන ඇදගෙන ගිය බවකි.


එම වාහනයේ පැමිණියේ අහවල් ආයතනයේ අධ්‍යක්ෂකවරයා යැයිද තමාට පැවැසූ බව වෙළෙඳ සැල් හිමියා පවසද්දී රියැදුරුගේ වෙරිමත ද හිඳී ගිය අර ඉහින් කනින් දාඩිය දමන්නට ද විය.


කෙසේ වෙතත් ආයතන ප‍්‍රධානියාගේ හිත උණුවීම නිසා සුළු අවවාද කිරීමකින් පසුව ඔහු තවමත් සේවයේ නිරතවෙතැයි එම ආයතනයේ සේවකයෝ කියති.



අදහස් (0)

වැඩ අතරේ හොරපොළට රිංගුවාට අපූරු දඬුවමක්

කොලඹගේ Monday, 09 February 2015 12:27 PM

දඩුවම ලොක්කට නේ. (නදි)

:       0       0

කුමාර Tuesday, 10 February 2015 07:45 PM

පිටුපස වාහනය හසුරුවාලන්න රියදුරෙක් නැතුව කොහොම ඇදගෙන ගියාද කියලයි මට හිතාගන්න බැරි? (නි)

:       0       0

හරීන්ද්‍ර Monday, 09 February 2015 06:09 AM

සුළු අවවාද කිරීමක් කරන්න නම් අයි ඔය තරම් මහන්සි වෙලා වාහනේ ඇදගෙන ගියේ.? (ර)

:       0       0

ලලිත් Thursday, 12 February 2015 05:47 AM

කුමාරගේ අදහසට මමත් එකඟයි. (නි)

:       0       0

මාලි Wednesday, 11 February 2015 03:55 AM

ලොක්කෙක් ලොක්කාගේ ලොක්කාගෙන් ලකුණු ටිකක් දාගන්න මේ වගේ වැඩක් කළාම ඒකට ඔච්චර අනං මනං කියන්න එපා. මොනවා වුණත් බීලා වාහන එළවන එකනම් මහා කැත වැඩක්. (නි)

:       0       0

දුමින්ද Monday, 09 February 2015 09:42 AM

පරා භවයේ මුල (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site