IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


රාලහාමිගේ හදිස්සියට කොටු මාරුවෙලා

(තිහගොඩ උපසේන ලියනගම)
පාසලේ සේවය කරමින් සිටියදී ඔහුට දුරකතන ඇමතුමක් ලැබුණේ බිරිය අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කළ බව දන්වමිනි. කලබලයට පත් ඔහු වහාම නිවාඩු දමා යතුරුපැදියට නැග්ගේ කඩිනමින් රෝහලට යාමටය. නගරය මැදදී පොලිස් නිලධාරියකු යතුරුපැදිය නතර කළේ එහි වේගය වැඩි බව පවසමිනි. “ටවුන් එකේ යන වේගය දන්නෙ නැද්ද?” කියූ ඔහු දඩ කොළයක් ලියූ අතර ඔහු එය රැගෙන සාක්කුවේ දමා ගත්තේය. 


රෝහලට ගොස් බිරියගේ රෝගී තත්ත්වය සොයා බැලූ ඔහු තමාට දුන් දඩ කොළය ද සාක්කුවෙන් ගෙන බැලූ විට තරු පෙනිණි. එහි වූයේ පදවාගෙන ගිය වෑන් රථයේ බලපත්‍රය හා රක්ෂණ සහතිකය නැති නිසා දඩ ගසන බවකි. 


පසුදාම පොලිසියට ගොස් අදාළ නිලධාරියා හමුවී මේ ගැන කී විට දඩ කොළය පරීක්‍ෂා කළ ඔහු “හත් දෙයියනේ මට ලකුණු කරන කොටුව මාරුවෙලා” කියමින් සුළු දඩයක් ගසා ඔහු ආපසු පිටත් කිරීමට කටයුතු කළේලු.



අදහස් (0)

රාලහාමිගේ හදිස්සියට කොටු මාරුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 141 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 222 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1080 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site