IMG-LOGO

2024 ජුනි මස 25 වන අඟහරුවාදා


රෑට රෑට පෙම්වතියගේ නිවෙසට රිංගූ පෙම්වතා පොලිස් කූඩුවේ

(මොණරාගල අතිරේක - කේ.එම්.පි. බණ්ඩාර)
දහනව හැවිරිදි පාසල් පෙම්වතා දහනව හැවිරිදි පාසල් පෙම්වතිය සොයා නිවැසියන්ට හොරා රෑට රෑට ජනේලයෙන් පෙම්වතියගේ ගෙට රිංගා පෙම්සුව විඳීමට ගිය ගමන නොසිතූ මොහොතක පොලිසියට මාට්ටු වී අත්අඩංගුවට පත් වූ බව සියඹලාණ්ඩුව පොලිසිය කියයි.


මෙම පාසල් පෙම් යුවළ එකම පාසලේ උසස් පෙළ පන්තියේ ඉගෙන ගනිමින් සිටිති. කාලයක් තිස්සේ ආදරයෙන් වෙලී සිටි මෙම දෙදෙනාගේ ආදරය දෝරේ ගලන්නට පටන්ගත් පසුව රාත‍්‍රී කලයේ හමුවීමට යෝජනා කරගන්නේ පෙම්වතියගේ නිවසේදීය.


ඒ මවුපියන් නින්දට ගිය පසුවය. මෙසේ දින ගණනාවක් මෙම හමුවීම දෙදෙනා විසින් සිදු කර ඇති අතර සුපුරුදු පරිදි ජනේලයෙන් ගෙට රිංගන පෙම්වතා ජනේලයෙන්ම ආපසු පලා යන්නේ පෙම්වතියගේ ද උදව් උපකාර ඇතුවය.


ඉකුත්දා (10 දින) රාත‍්‍රියේ ද එසේ පැමිණ ආපසු යන අතරතුරේදී සංචාරක පොලිස් කණ්ඩායමකට පෙම්වතා කොටුවී ඇති අතර සැකකටයුතු හැසිරීම් නිසා ප‍්‍රශ්න කිරීමේදි නොයෙක් පිළිතුරු දී සත්‍ය වසන් කර ඇත. පසුව පොලිසිය හමුවේ සත්‍ය හෙළි කිරීමට ඔහුට සිදු වී ඇත. පොලිසිය විසින් දෙදෙනාගේම මවුපියන් පොලිසියට ගෙන්වා සිද්ධිය පිළිබඳ දැනුම් දි අවවාද කිරීමට කටයුතු කරන බව කියයි. වැඩිදුර පරීක්ෂණ සිදුවේ.


සියඹලාණ්ඩුව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කපිල ධර්මප‍්‍රිය සේනාධිපති සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

 



අදහස් (0)

රෑට රෑට පෙම්වතියගේ නිවෙසට රිංගූ පෙම්වතා පොලිස් කූඩුවේ

කුමාර Thursday, 14 May 2015 03:35 AM

18 න් පස්සේ කොහෙද ළමයි ? ළමය කියන එකට රාජ්‍ය භාෂා දෙපාර්තුමේන්තුව දීපු අර්ථදැක්වීම බලන්න කුමාරි. ශිෂ්‍යයා සහ ළමයd කියන්නේ දෙන්නෙක් කුමාරි. (ම)

:       0       0

සම්පත් Wednesday, 13 May 2015 02:46 AM

අපේ රටේ පොලිසිය හරිම කාර්යක්ෂමයි. මේ වගේ පොඩි දෙයක්වත් වෙන්න ඉඩදෙන්නේ නැහැ.මේවා ගම්වල සාමාන්‍ය දේවල් (නි)

:       0       0

සාරද Thursday, 14 May 2015 03:38 AM

පොලිසියේ අසික්කිත කම...(බ)

:       0       0

සම්පත් Saturday, 16 May 2015 06:45 AM

අපි කළ ඒ දේවල් වල මිහිරි මතක තවමත් තිබෙනවා. එත් පොලිසියට නම් අහුවුණේ නැහැ (නි)

:       0       0

සඳුන් Wednesday, 13 May 2015 01:26 PM

දෙයියනේ මගේ නමින් මොකක්ද මේ තියෙන්නේ? (අ)

:       0       0

ටිකිරි Wednesday, 13 May 2015 03:24 AM

ඉස්සර කාලේ ගෘහ මුලිකයා නිදාගත්තේ පිලේ. ගම්මුලාදෑනී ගෘහ මුලිකයන් රෑට ගමේ ඇවිදින්න යනවා,පිරිමි හේනේ පැල් රකින්න ගිය ගෙවල් වලට ආරක්ෂාව තියෙනවද බලන්න. මේ කියන කොලුවා සිම්බලාණ්ඩුව පැත්තේ ගම්මුලාදෑනියෙකුගේ පුතෙක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

අශෝක Saturday, 16 May 2015 07:30 AM

කොල්ලගේ පියා ලොකු දේශපාලකයෙක් වෙන්න ඇති සමහරවිට. (නි)

:       0       0

චන්න Wednesday, 13 May 2015 03:36 AM

වයස හරි කියලා ගෙහිමියාගේ අවසර නැතුව පුද්ගලික නිවසකට ඇතුළු වෙන්න නීතියෙන් අවසර ලැබෙන්නේ නැහැනේ. ඇතුළුවුණ කාරණාවට වයස හරි ගිය එක වෙනම දෙයක්. පොලිසිය කටයුතු කළේ අන්න ඒ අවසර නැතුව නිවසකට ඇතුළු වුණ හේතුව මත වෙන්න ඇති. එහෙම නැතුව ඒ මිනිස්සු නීතිය නොදන්නවා වෙන්න බැහැ. (නි)

:       0       0

කනිෂ්ක Wednesday, 13 May 2015 01:51 PM

වයස හරි තමයි එත් ගෑනු කෙනෙක් නඩත්තු කරන්න ක්‍රමයක් නැතිව නඩත්තු කරන්න සිද්ධ වෙන වැඩ වයස හරි නිසා කරන්න ගිහින් වැටෙමුකෝ අමාරුවේ. ඊට පස්සේ පොලිසිය නෙවෙයි ගෑනු ළමයාගේ හතර වරිගයම පස්සෙන් පන්න ගෙන එනකොට තේරේවි. (කේ)

:       0       0

ධම්ම Thursday, 14 May 2015 04:38 AM

ජනේලයෙන් රිංගපු එක හරි නෑ. හැබැයි මෙතන ඉන්න හුඟ දෙනෙකුට මෙහි අමුත්තක් නැති පාටයි. (ම)

:       0       0

කරුණාදාස Friday, 15 May 2015 10:51 AM

ලක්ෂ ගානක් ඉල්ලා නඩත්තු නඩුවක් එහෙම දැම්මානම් කොල්ලට තරු විසි වෙනවා. ආයෙ උපනුපන් අාත්මෙක රෑට ගෙවල් වලට රිංගන එකක් නැහැ. (අ)

:       0       0

දයා අලහකෝන් Wednesday, 13 May 2015 04:36 AM

ඒ කාලේ පොලිසි තිබුණානම් ජනේලයෙන් රිංගලා චිත්‍රා ළඟට යද්දී අපේ ගාමිණී කුමරු පොලිසියට කොටුවෙනව සිකුරුයි (බ)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 13 May 2015 05:11 AM

හැමදාම හොර වැඩ කර කර ඉන්න බෑ අහු වුණ දවසට සේම ඉවරයි (ම)

:       0       0

චරිත Wednesday, 13 May 2015 02:27 PM

මගෙත් පොඩි ආදර පලහිලව්වක් තිබුනා උසස් පෙළ කාලයේ. අතට අහු වුනාම එයාගේ තාත්ත ඇහුවේ " හොඳයි හෙට මගේ දුව බැඳලා දුන්නොත් මම දැන් මේ කන්න බොන්න අඳින්න දෙන විදියට සලකන්න පුලුවන්ද " හැබැයි තමන්ගේ අම්මලා තාත්තලාගේ සල්ලි වලින් නෙවෙයි " කියලා. කාරණාව තේරුම් අරන් මමත් එයාත් උසස් පෙළ හොඳින් සමත් වෙලා උසස් අධ්‍යාපනයට යොමු වුනා. හැබැයි අපි එක මග ආයෙමත් ගියේ නැහැ . දැන් එයා විවාහ වෙලා සැමියා දරුවන් එක්ක බොහොම හොඳින් ඉන්න බව මගුල් ගෙදරකදී හමු වෙලා දැන ගත්තා.මමත් ගුණ යහපත් නෝනා කෙනෙක් සොයා ගෙන හොඳින් ඉන්නවා. කවදා හරි මගේ පුතාටත් එයාගේ තාත්ත දීපු අවවාදය තමයි දෙන්නේ. " ගෑනු කෙනෙක් තුන් වේලක් කනවා කියල දැනගෙන ආදරය කරන්න " (අ)

:       0       0

මදුසංක Friday, 15 May 2015 11:37 AM

මෙහෙම කරන්න පොලිසියට අයිතියක් තියෙනවාද (අ)

:       0       0

දිලිනි Tuesday, 19 May 2015 01:26 AM

මට තියෙන ප්‍රශ්නය මොකද මේ ලංකාවේ ළමයින්ට ඇටෙන් පොත්තෙන් එළියට එන්න කලින් හැදෙන ලෙඩේ කියලා.මෙතන රාගය මිසක් ආදරය නැහැ.බටහිර රටවල වෙසෙන ශ්‍රී ලංකික දරුවෝ මීට වැඩිය ශීලාචාර‍කමට හැදෙනවා. අනේ අනිච්චන්! (නි)

:       0       0

කසුන් ධර්මවංශ Wednesday, 13 May 2015 07:05 AM

මේ වගේ දේවල් සාමාන්‍ය දේවල්.වයස හරි නිසා එච්චර හිතන්න දෙයක් නැහැ.ඒත් අද සමාජයේ තරුණ පරපුරේ තියෙන අසහනයට විසදුමක් දෙන්න ඕනෑ. හෝටල් කාමර ගානේ රිංගනවා කියලා ඔවුන්ට බැන්නට උද්‍යානයකට ගිහිල්ලා කතා කර කර හිටියොත් පොලිසියෙන් අල්ලගෙන යනවා (නි)

:       0       0

සසංක Friday, 15 May 2015 03:48 PM

මටත් තියෙනවා මේ වගේ අත්දැකීම්. හරිම මිහිරි අත්දැකීම්. ඒවායේ රසය දැනෙන්නේ දැන්. මම නම් දැන් මේ වගේ දේවල් කරන්නේ නැහැ. (නි)

:       0       0

ක්‍රිස් Wednesday, 13 May 2015 06:13 PM

මට නම් පොලිසියෙන් ගැටළු තිබුනේ නැහැ.පැන්නේ අල්ලපු වත්තටනේ (නි)

:       0       0

අජිත් Wednesday, 13 May 2015 09:36 AM

මට මතක් වෙනවා මගේ අතීතය. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 13 May 2015 09:40 AM

සෑම්, කාලෙකට පස්සේ හොඳ ප්‍රශ්නයක් අහලා. මම අහන්න හිටියෙත් ඕකම තමයි. අපේ මිනිස්සු තාමත් හණමිටි අදහස් කරේ තියාගෙන යන නිසා නේද මේ වගේ වැඩ වෙන්නේ? කොල්ලෙකුට කෙල්ලෙකුට නිදහසේ ආදරය කරන්න බැහැ. ඉතින් රෑට හොරෙන් හරි පනින්න වෙනවා තමයි. මම නම් යනවා පොලීසියට විරුද්ධව මානව හිමිකම් එකට (නි)

:       0       0

හිලංපන්ච්‍ යා Wednesday, 13 May 2015 09:59 AM

හමු වෙන්න ඉස්සෙල්ල නෙවේ, හමු වුණාට පස්සෙ ආදරය දෝරේ ගලන්නට පටන්න්න අැති. :-) (ම)

:       0       0

සම්පත් වන්නිආරච්චි Sunday, 17 May 2015 06:12 AM

මමත් මොණරාගල දිස්ත්‍රික්කයේ අවුරුදු 17 පමණ සේවය කළා. සියඹලාණ්ඩුව ප්‍රා.ලේ. කොට්ඨාසය දිවයිනේ ළමා අපචාර බහුල ප්‍රදේශයක්. ඒවා පිළිබඳ සැලකිලිමත් වීම ඉතා හොඳයි. (බ)

:       0       0

පහන් Tuesday, 12 May 2015 07:16 PM

අපේ කාලේ පොලිසිය හරි හොඳයි (නි)

:       0       0

කුමාරි Wednesday, 13 May 2015 11:03 AM

වයස ගැන හිතන්න එපා අනේ. මේ උසස්පෙළ ළමයි. මේ දේ වෙලා තියෙන්නේ ලංකාවේ. යුරෝපයේ නෙමෙයි. හෙට අනිද්දාට කොල්ලා වෙන අතක් බලාගත්තොත් කෙල්ලගේ අනාගතයම ඉවරයි. බුද්ධිමත්ව විසඳියයුතු ප්‍රශ්නයක්. (නි)

:       0       0

සමන්ති Thursday, 14 May 2015 01:56 PM

ගම්පහ බෙම්මුල්ල පැත්තේ මගේ යාලුවෙක් හිටියා .කල වයස හරිගියාම මංගල යෝජනා ආවා. බලන්න ගියා .තෑගි හුවමාරු වුනා .අන්තිමට බැන්දේ කම්බි වැටෙන් පමණක් වෙන්වුණු අල්ලපු වත්තේ ගැනු ලමයා. හැබැයි උපන්දාසිට අවුරු 30ක් පමණ වුනත් බඳින්නට යෝජනාවනතුරු කවදාවත් කතාකර නැහැ . (කේ)

:       0       0

සමීර Wednesday, 13 May 2015 11:33 AM

චන්න මහත්තයෝ පොලිසිය මේ ළමය අල්ලලා තියෙන්නේ මහපාරේදී. සැකකටයුතු විදියට හැසිරීම තමයි චෝදනාව කොල්ල තවම පුරුදු වෙන නිසා ගොත ගැහිලා එකයි දිගට ප්‍රශ්න කරලා කටින් අල්ලාගෙන තියෙන්නේ බය නැතුව කිවුවනම් යාලුවෙග්ගේ ගෙදර ගියා රෑ වුණා දැන් ගෙදර යනවා කියල කොල්ලා අදත් කොටු පනිනවා.(හේ)

:       0       0

සනත් ඉන්දික Sunday, 17 May 2015 05:41 PM

මෙතන තිබෙන ඔක්කොම අදහසුත් හරි, චරිත ඔයාගේ අදහසත් හරි. මේ දරුවෝ දෙන්නා ඔයාගේ අදහස කියෙව්වා නම් එයාලා යථාර්ථය තේරුම් ගනීවි. ඔයාගේ අදහසට මගෙන් මල් මිටක් (නි)

:       0       0

සරත් Tuesday, 12 May 2015 09:57 PM

මල්ලියේ " ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය ඕනෑම නැහැ" කියන්නේ ඕකටනේ... ඉක්මනින් ක්‍රමය වෙනස් කළා නම් හරිනේ. (නි)

:       0       0

කාන්ති Tuesday, 12 May 2015 11:22 PM

ගැහැණු ළමයාග් මව්පියන්ට පුදුම නින්දක්නේ යන්නේ. නිකම්වත් සැකයක්වත් ,අඩු ගානේ ජනේලෙන් ගෙට එද්දී සද්දයක්වත් ඇහිලා නැත්තේ මොකද? (නි)

:       0       0

සෑම් Tuesday, 12 May 2015 11:36 PM

දෙදෙනාම වැඩිහිටියන්. ඉතින් මොකක්ද පොලිසියට තිබෙන ප්‍රශ්නය. (නි)

:       0       0

සඳුන් Wednesday, 13 May 2015 12:02 PM

දැන් නිදහසේ කොල්ලෝ රෑ ගමන් යනවා.(හේ)

:       0       0

ගයාන් Wednesday, 13 May 2015 12:05 AM

වැඩිදුර පරික්ෂණ විදියට මොනවද දන්නෙ නැහැ සිදුකරන්නේ? (නි)

:       0       0

සමන්ති Wednesday, 13 May 2015 12:33 AM

දෙදෙනාගේ වයස හරි නම් අපි මොකටද කරදර වෙන්නේ රාළහාමි. (නි)

:       0       0

චමිල Wednesday, 13 May 2015 12:50 AM

මේක නීතිවිරෝධී වැඩක්. අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සම්බන්ධව මෙලෙස සදාචාර විරෝධී මැදිහත්වීමක් කරන්න පොලිසියට අයිතියක් නැහැ. මෙය වැඩිහිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ පුද්ගලික කාරණාවක්. මෙය පොලිසියට විරුද්ධව නීති ක්‍රියාමාර්ග ගතයුතු කරුණක්. ඔය කියන පෙම්වතා රාත්‍රී අයාලේ යාම පමණයි සැකකටයුතු දෙයකට තිබෙන්නේ. පහුගිය කාලේ නම් උසාවියෙන් මෙහෙමදේට වැරදිකාරයෝ වුණ අයට සුළු දඩයක් ගැහුවා. (නි)

:       0       0

නෙලුම් Wednesday, 13 May 2015 01:29 AM

මේ ගැහැණු ළමයාගේ දෙමාපියන් නිදි පෙති බිලා නින්දට යනවාවද්ද ? පුදුමයිනේ රාත්‍රියේ කවුරුහරි ගෙට ඇතුළු වුණාම සද්දයක්වත් ඇහුනේ නැති එක. (නි)

:       0       0

ජෙහාන් Wednesday, 13 May 2015 01:40 AM

එතකොට මේ හාදයා මෙහෙම දවස් ගානක් ගෙට රිංගද්දී දෙමාපියන්ට සද්දයක් ඇහුනේ නැහැ සැකයක් ඇති වුණෙත් නැහැ කියන එක ටිකක් විශ්වාස කරන්න අමාරුයි. තරුණ දුවෙක් ඉන්න ගෙදරක වැඩිහිටියන් මෙහෙම ගොරව ගොරවා නිදාගනීවිද? (නි)

:       0       0

මලික් Wednesday, 13 May 2015 01:46 AM

අද කාලයේ සමහර දෙමාපියන් තමන්ගේ ළමයින් අමාරුවේ වැටිලා පොලිසියෙන් කිව්වාම තමයි ඒ ගැන දැනගන්නේ. එතෙක් ඒ අය " නිදි " (නි)

:       0       0

වදාක Friday, 15 May 2015 08:47 AM

ග්‍රිල් එකක් නැති ජනේලය දමල තියෙන්නේ පනින්නමද මන්ද? ඔය ජනෙල් වලින් රිංගපු කතන්දර ගොඩක් අහන්නේ ලැබෙන්නේ ඇත අතීතයෙන්, හේතුව ඒ කාලේ ආදරය කලේ අද කාලේ වගේ රෙස්ට් වල , හෝටල් කාමර වල පෙම්සුව විදිමින් නොවෙයිනෙ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

තැනට ඔබින නුවණින් පොලිස් කනෙන් රිංගලා
2024 ජුනි මස 25 154 0

හිස් වැසුමක් නොමැතිව යතුරු පැදියෙන් අධික වේගයෙන් ගමන් කරන විට පොලිසියට හසුවීමෙන් තැනට සුදුසු නුවණ පාවිච්චි කළ නිසා එම වරදින් නිදහස් වී දඩයකින් බේරි ය


ඇදුම්වලින් මාටියා ගහලා කටඋත්තර නැතිවෙලා
2024 ජුනි මස 24 652 2

බටහිර තූර්ය වාදන කණ්ඩායම් භාර ගුරුවරියක් හොර බිල් දැමීමේ සොරකමක් අපූරු උපක්‍රමයකින් සොයා ගත් විදුහල්පතිවරයෙකු පිළිබඳ පුවතක් කරන්දෙණියේ පාසලකින් අස


නැටුම් මිස්ගෙන් අමුතු නැටුමක්
2024 ජුනි මස 20 3860 0

දකුණේ ගම්මානයක පිහිටි පෙර පාසලකි. මේ පෙර පාසලේ දරුවෝ හැත්තෑවකට ආසන්න පිරිසක් සිටිති. පාලිකාව ඉතා හොඳින් පෙර පාසල පවත්වාගෙන ගිය නිසා මවුපියන්ට ඇය කෙරෙ


හතුරාගේ කකුල කඩන්න සල්ලි අරන් මිතුරා අන්දවලා
2024 ජුනි මස 19 1142 0

හතුරාගේ පාදය හතරට කඩන ලෙසට ලබාගත් කොන්ත්‍රාත්තුව පාදය හතරට තියා එකකටවත් නොකඩා ඊට අදාළ මුදල් ලබාගත් අපූරු පුද්ගලයකු පිළිබඳව පුවතක් දකුණු පළාතේ නගරයකි


මෝදක ගුලියේ අවුල මීයාගේ පිටින් ගිහින්
2024 ජුනි මස 18 1551 0

කුස්සියේ ගෑස් ළිප ළඟ තිබූ මෝදක ගුලියක කොටසක් හේතුවෙන් නිට්ටඹුව ප්‍රදේශයේ නිවෙසක අඹු සැමි යුවළක් අතර ඇති වූ ආරාවුලක් අවසානයේදී මීයකු පිට වරද පැටවීමෙන


ගම කුලප්පු කරපු දුවගෙ බොරුවෙන් පවුලෙම සායම ගිහින්
2024 ජුනි මස 17 2170 0

සිය නිවෙස ආසන්නයේ අතුරු මාර්ගයක තරුණයකු හා රැඳී සිටි යුවතියක අසල්වැසියකු පැමිණෙනු දැක බියට පත්ව කෑ ගැසීම නිසා මුළු ගමම කුලප්පු වූ පුවතක් පිළිබඳව දකුණ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 227 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1442 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3220 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site