(බෙන්තොට ජේ. ඉඳුරුවගේ)
වසර කීපයක් අරාබි රටක ගෘහ සේවිකාවක ලෙස සේවය කර නිවසට පැමිණි මව දුටු කුඩා දියණිය ගෝනි බිල්ලෙක් එනවා යැයි කියමින් හඬාගෙන ගොස් ඇඳ යට සැඟවී සිටියේ යැයි කියන සිද්ධියක් දකුණේ ගම්මානයකින් අසන්නට ලැබිණි.
දැරියට වසය අවුරුදු දෙකක පමණ වයසේ දී පවුලේ අග හිඟකම් මකා ගැනීමට මව රට ගිය පසු පියා වැඩිමහලූ දියණිය ද සමග වෙහෙස දරමින් කුඩා දියණිය රැකබලා ගත්තේය. වැඩිමහලූ දියණිය පාසල් ගිය විට කුඩා දියණිය නළවා නිදිකර තබා ගෙදර වැඩපල කිරීමට පියාට සිදුවිය. ඇතැම් අවස්ථාවල දී බත් කවන විටත් දඟ කරන විටත් ගෝනි බිල්ලන්, ඇතින්නියන් ගැන කියා දියණිය බිය ගැන්වීමට ද කටයුතු කළේය.
කුඩා දියණියට වසය අවුරුදු හතර පමණ වෙද්දී රට ගිය මව ස්වාමිපුරුෂයාට ද දන්වා දිවයිනට පැමිණ ගුවන් තොටුපොළේ සිට කුලී රියකින් නිවෙසට පැමිණියාය. ඇය පැමිණෙන තුරු පියාත් දියණියන් දෙදෙනාත් මග බලා සිටියහ. වරින් වර පියාගෙන් මව ගැන අසා තිබුණත් කුඩා දියණියට මව ගැන එතරම් මතකයක් නොවීය.
මුළු ඇඟම වැසෙන පරිදි ලිහිල් ගවුමකින් සැරසී සිටි මවගේ දෙතොල් රතු පැහැති ආලේපයෙන් වර්ණ කර තිබිණි. කන්වල එල්ලෙන ලොකු කරාබු විය. කොණ්ඩය ලිහා තිබිණි. ලොකු කළු අවු කණ්ණාඩියක් පැළඳ තිබුණි. අත් දෙකින් ලොකු ගමන් මලූ දෙකක් ද රැුගෙන නිවසේ ගේට්ටුව අසල දී කුලී රියෙන් බැස නිවෙසට එමින් සිටි ඇය ඉදිරියට පියා දියණියන් දෙදෙනා ද සමග ආහ.
පුතේ මෙන්න ඔයාගේ අම්මා යැයි පියා පවසනවාත් සමගම බොරු, බොරු මේ මගේ අම්මා නොවෙයි. බිල්ලෙක් තාත්තේ ගෝනි බිල්ලෙක්. කියමින් කුඩා දියණිය නිවෙස තුළට දිව්වාය.
පසුව සොයා බලද්දී නිවසේ ඇඳක් යට සැඟවී සිටි එම කුඩා දියණිය අස්වසා බිය නැති කර දැරිය මවට හුරුකර දුන්නේ පියාත් වැඩිමහලූ දියණියත් මහත් වෙහෙසක් ගැනීමෙන් පසුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හනිච්චන් ලංකාවට ගිය කලක්. තවමත් ගෑනු රට ඇරලා ගෙට වෙලා කන පිරිමි ඉන්න රටක් (බ)
ඉන්න තැනට හරියන විදිහට ඉන්න දන්නේ නැති ගැහැණු. (නි)
මුස්ලිම් කාන්තාවන් සංවරශීලයි කියපු ගමන් සමහරුන්ට භූමිතෙල් ගෑවිලා වගෙයි දඟලන්නේ. දමිළ සහ මුස්ලිම් බවලතුන් සිරුර හොඳින් ආවරණය කරගෙන තමයි ඉන්නේ. තිත්ත ඇත්ත ඒකයි. (නි)
අම්මෝ! ලංකාවට නම් කොටට ඇඳගෙන එන්න එපා. පුළුවන් තරම් අරාබි ඇඳුම දරුවන්ටත් අරගෙන එන්න. (නි)
ඈත පිටිසර ගැහැණු සංකර වෙන්න පිටරටම යන්න ඕනේ නැහැ. ඇත පිටිසර ගැහැණු කොළඹ රස්සාවලට ඇවිත් කොළඹ පදිංචි වෙලා ටික කලක් ගියාට පස්සේ බලන්න කොයිතරම් වෙනස් වෙලාද කියලා ඇඳුමෙන් සහ හැසිරීමෙන්.(අ)
ඔය වගේ දේවල් වෙනවා.දරුවෝ පොඩි කාලේම දලා ගියාම.(හේ)
ගැහැණු අයගේ ඇඳුමේ වැරදි නිසා ස්ත්‍රී දුෂණ සිද්ධ වෙනවා නම් කුඹුරේ අමුඩ ගහ ගෙන ඉන්න ගොවි මහත්වරු දැකලා බවලතුන්ටත් මෙලෝ සිහියක් නැති වෙන්න ඕන. මේක ඇඳුමේ නෙවෙයි තම තමන්ගේ මානසික තත්වයේ ප්‍රශ්නයක්.(ම)
ගමේ සිරියලතල ඇසිලින්ලා මැද පෙරදිග ගිහින් එන්නේ මොඩ් වෙලා , හරියට බමබලපිටියේ කොළඹ හතේ ඉපදුන අය මෙන් , නුදුටු කෙනෙකුට හඳුනා ගන්න බැහැ , මේ ගමෙන් ගිය ඇසිලින්ද , සිරියලතාද කියල , එකයි හේතුව (අ)
පවු අහිංසක ළමයි! (නි)
ප්‍රේමලාල්, මම ජීවත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. මෙහෙ කාන්තාවන් ඇදුම් ඇඳගෙන පාරේ යන විදියට ගහක් ගලක් ගානේ ස්ත්‍රී දුෂණ වෙන්න ඕනෑ. මෙහෙත් මුළු ඇඟම වැහෙන විදියට ඇදගෙන යන ඇෆ්ගන් (මුස්ලිම්) තරුණියන් දිහා වනචර විදිහට බලාඉන්න ඇෆ්ගන් තරුණයන් මම දැක හියෙනවා. අසංවරකම තියෙන්නේ ඇඳුමේ නොවෙයි. ඒ ඇඳුම දිහා බලන ඇසෙයි සිතන මොළයේයි. ලංකාවේදී මම මගේ බිරිඳට ඇඟ අනාවරණය වන විදිහේ ඇඳුම් අදින්න මම දුන්නේ නැහැ. නමුත් මම දැන් ඇයට නිදහසේ ඇඳුම් අඳින්න දෙනවා. ඒ ලංකාවේ තරම් අසහනකාරයන් මෙහෙ නැති නිසයි. (නි)
ගැහැණුන්ට විතරක් නෙමෙයි, පිරිමින්ටත් මෙම කාරණාව පොදුයි (නි)
අජිත් කරුණාරත්න, ඔබ හරි (නි)
රට යන ලංකාවේ කාන්තාවන්ගේ මනසික වෙනස පටන් ගන්න ෆ්ලිඝ්ට් එකට නගින්න ඔනෙත් නෑ. විදේශ ගතවෙන්න එයාර්පොර්ට් එකට අඩිය තිබ්බ ගමන් වෙනස් තමයි (අ)
ඇයි ගමේ අයට 'මොඩ්' වෙන්න බැරිද? හැම ගැහැණියක්ම කැමතියි ලස්සන වෙන්න (නි)
එකම රටක් එකම ජාතියක් ලෙසට අපි සිංහල දෙමල මුස්ලිම් හැමෝම එකතුවෙලා ළමා අපචාර කරන අය සහ ඔවුන් සුරකින්නන් මෙම සමාජයෙන් පන්නා දමමු. (නි)
අනේ මෙහෙමත් විකාර අම්මලාගේ? (නි)
ප්‍රේමලාල් නමින් ඉන්නේ බෙලි කපන ජාතියකට නෑදෑකම් කියන කෙනෙක් වගේ! (අ)
සිල්වා, කාන්ති දෙදෙනාගේ අදහස් දැක්ම තාර්කිකයි, අගය කරමි. (අ)
අනේ පව් අසරණ දරු පැටව් සියුමැලියි..? අපේ කාන්තාවෝ විදෙස් ගත වුනාම ..නැවත ලංකාවට එද්දී එ් රටවල සංස්කෘතිය ගුවන්යානය තුළට පාතබද්දී ..බිම හලා යා යුතුයි..කියන තැනයි මා නම් සිටින්නේ..? නුගත්කමට ඒ රටවල නොගැළ පෙන දේවලින් සැරසිලා අපේ රටට ආවාම ..එදෙස සැවොම වපරැසින් බැලීම සාධාරණයි ..? විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාවන් එරට ගොනිබිලි ඇදුම් ඇදගෙන අපේ රටේ හැමතැනම කරග් ගහන එකද වහාම නැවැත්විය යුතුයි..? අපේ රටට ආවේනික ඇදුම් කොපමණ තියෙනවාද ..? චීත්තෙයි හැට්ටෙයි, පාර අතුගාන සායයි හැර..? අලුත් විලාසිතා චාම් අයුරින් වැදගත්, ලස්සනයි, ..ආරක්ශාකාරියි..? (බ)
රට යන ලංකාවේ කාන්තාවන්ගේ වෙනස පටන්ගන්නේ ආපසු එන ගුවන් යානයේදීමයි (නි)
අපේ සමහර සිංහල කාන්තාවගේ අඩනිරුවත් ඇඳුම් පැළදුම් නිසා මොනතරම් කාම අපරාධ දැන් රටේ සිදුවෙනවාද? මුස්ලිම් කාන්තාවන් ඒ අතින් කොපමණ සංවරශීලීද? (නි)
මම දන්නා එක කාන්තාවක් අවරුදු 2 කට පස්සේ ලංකාවට ඇවිත් තමන්ගේ පුංචි ගෙය ඉදිරි පිට කොට කලිසමකින් සැරසී නංගිත් එක්ක බැඩ්මින්ටන් ගහලා ඉංග්‍රිසි කැලි කතා කරමින්. මාසයක් විතර එසේ සිට නැවතත් ගේ උගස් කර ආපහු රට ගියා. රට ගිය පසු මොකක් හෝ මානසික විප්ලවයක් සිත ඇතුලේ සිදිවෙනවා වෙන්න ඇති. (අ)
කාන්තාවන්ගේ ඇදුම නිසා කාන්තාවන් දුෂණය වෙනවනම් ඔය බටහිර රටවල් වල කාන්තාවෝ දුෂණය වෙන්න ඕන හැම තප්පරයකම . ලංකාවේ පිරිමින්ගේ තියන මානසික අසහනය , වනචර කම , නුගත් කම සහ ලංකාවේ නීතියේ තියන ලිහිල් බව නිසයි කාන්තාවෝ දුෂණය වෙන්නේ (බ)
ජාතිකත්වය අමතකකරන්න මෙවන් අම්මන්ඩිල රටට අවමානයකි.දරුවන්ට අපහාසයකි (අ)
සිල්වි ඔබට මල් මිටක් (බ)
කාන්තාවක් තමන්ට ගැළපෙන විලාසිතා කරන්න ඕනෑ (නි)
ඒ අම්මාට මොනවා හිතුනාද දන්නෙ නැහැ (නි)
රට යන හැමෝම එකම විදිහට වෙනස් වෙන්නේ නැහැ. තමුන්ගේ සහ රටේ වැදගත්කම තියාගෙන හොඳින් ඉඳලා එන අය ඕනෑතරම් ඉන්නවා (නි)