IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


යකාටත් බය නැති ‘කයිවාරුවා’ කනත්තේ හොල්මනට සිහි නැතිවෙලා

යකාටවත් බය නැතැයි කියන අතිපණ්ඩිත සෝමදාසගේ කයිවාරුව මහා රෑ කනත්තේදී දැකගන්නට හැකිවූ පුවතක් කොළඹට නුදුරු ගමකින් වාර්තා වේ.


සිද්ධිය මෙසේය.


සෝමදාස උගත් නොවූවත් කතාවෙන් දක්ෂය. ඔහු යම් කෙනෙක් වචනයක් කීවත් එය යටපත් කර තමන්ගේ වචනය ඉස්මතු කර ගන්නා කෙනෙකි. තවද ඔහු කෑමටද වඩාත් රුචියක් දක්වන්නේය. ඒ නිසා ගමේ කවුරුත් ඔහු හඳුන්වන්නේ කෑම දාස නොහොත් අතිපණ්ඩිතයා කියා ය.


දිනපතා සවස් වෙනකොට ගමේ ආරොන් මාමාගේ තේ කඩය ළඟ කවුරු කවුරුත් රැස්වෙති. ඒ සෑම අවස්ථාවකම සෝමදාසත් එතැනය. එක් එක්කෙනා එක එක අදහස් පළ කරන නිසා මෙම ස්ථානය යම් කිසි සභාවක ස්වරූපය ගෙනදේ. මෙම කඩය සවසට උණු උණු වඬේවලට සහ උණු උණු රෝස්පාන්වලට ප්‍රසිද්ධය. මෙතැනට එන හැම කෙනෙක්ම මේවා සප්පායම් වෙති. වැඩි හරියක් සප්පායම් වන්නේ සෝමදාසය.


මෙලෙස ඉන්න විටදී අයකු රාත්‍රී කාලයේදී තනියම කනත්තේ පැය භාගයක් ගත කරන්න පුළුවන් කෙනෙකු ඉන්නවා නම් මාත් එක්ක ඔට්ටුවක් අල්ලන්න එන්න කියා ඉඟියක් පෑවේය. ඔට්ටුව වූයේ අරක්කු බෝතලයකි. මෙම ඔට්ටුව බාරගත්තේ යකාටවත් බයනැති සෝමදාසය. එතැන සිටි බොහෝ පිරිස් සෝමදාසව උස්සලා තිබ්බේය. රාත්‍රී වෙනකොටත් කවුරුත් වඬේ සහ රෝස්පාන් කකා සිටියහ. කෑමට රුචිවූ සෝමදාස වැඩිහරියක් කෑවේ ඔට්ටුව සඳහා යාමටය.


කෙමෙන් කෙමෙන් කාලය ගෙවී ගියේය. වැස්සත් කුරුමානමක් අල්ලන නිසා දැඩි අන්ධකාර විය. ඔට්ටුව සඳහා සෝමදාස කනත්ත දෙසට පියමං කළේ කනත්ත පිහිටියේ කඬේ ළඟ සිට කිලෝමීටර් 1/2 ක් පමණ දුරකිනි. ගස් කොළන් මැදින් වැටී ඇති අතුරු පාර ඔස්සේ හොඳට වඬේ කමින් සෝමදාස සිංහ ලීලාවෙන් කනත්තට යන අතර ඔහුගේ පිටිපස්සෙන් පිරිසක් ගියේ සෝමදාස මොනවා කරනවාද කියා බලන්නටය.


සෝමදාස කනත්තේ මැද හරියට ගොස් මරණයක් අලුතින් වළදාපු ස්ථානයක නතර විය. පිටිපස්සෙන් ගිය පිරිසද හැංගීගෙන බලාගෙන සිටියහ. රාත්‍රී 9.30 පසුවිය. සරමක් ඇඳ සිටි සෝමදාස සරම කැහැපට ගසා බිම වාඩිවිය. පැය භාගය පසුවිය. සෝමදාස නැගිටින්නට උත්සාහ ගත්තේය. එහෙත් සරම කෙනෙකු අල්ලාගෙන සිටින බවක් ඔහුට හැඟිණි. කිහිප විටක්ම නැගිටින්න සෝමදාස උත්සාහ ගත්තේය. සෝමදාස මහත් බියට පත්වී මහා හඬින් කෑගැසුවේය. ඔහුට සිහි නැතිවී බිමට වැටුණි.


සිද්ධිය හොරෙන් බලා සිටි පිරිස එතැනට ගොස් බලන විට සෝමදාසට හීන් දාඩිය දමා තිබුණි. කතා කිරීමටත් බැරි තත්ත්වයේ ඔහු පසුවිය. එහිදී පිරිසට දැකගන්නට හැකිවී තිබුණේ සෝමදාසගේ සරම ගසක පැටලී තිබූ අයුරකි. සිදුවූ දෙය පිරිසට තේරුම් ගියේය.


කට්ටිය සෝමදාස උත්සාගෙන ඇවිත් ඇදුරෙකුට පෙන්වා ජපකර නූලක් ඔහුගේ බෙල්ලේ බැන්දේය. තුන් වරුවක් ගෙවී ගියේය. සෝමදාසට සුවය ලැබිණි.


පසුවදා සෝමදාස කඩය ළඟට පැමිණියේය. යකාටවත් බය නැතැයි කියන සෝමේ ගස් අත්තකට බය වුණා නේද කියමින් කට්ටිය විහිළු කළහ. එතැන් සිට සෝමදාස අතිපණ්ඩිතකම් පෙන්නුවේ නැති ලු.

(මෝදර සී. ඉග්නේෂස් ඇන්තනි)



අදහස් (0)

යකාටත් බය නැති ‘කයිවාරුවා’ කනත්තේ හොල්මනට සිහි නැතිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site