පෙදරේරුවෙක් සහ ඔහුට අත්උදව්වට පැමිණි ගෝලයෙක් දෙල්ගොඩ ප‍්‍රදේශයේ නිවසක් අලූත්වැඩියා කරමින් සිටියහ. නිවසේ ඉදිරිපස පිහිටි කාමරයක් අලූත්වැඩියා කිරීමට ගිය පෙදරේරුවාට සහ ගෝලයාට පළමුව කරන්නට වූයේ කාමරයේ බඩු බාහිරාදිය එකම ස්ථානයක තබා සුදුසු පරිදි කාමරය සකසා ගැනීමයි. මත්පැන් බීම ගෝලයාගේ එදිනෙදා පුරුද්දක් විය. ඔහුට එම කාර්යයට රැුයක් දවාලක් නොමැත. ‘‘දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා’’ යැයි පවසමින් කාමරය අස් කරමින් සිටි ගෝලයා මහත් ප‍්‍රීතියෙන් යුතුව බෝතලයක් අතට ගත්තේය. ‘‘කාලක් වගේ තියෙනවා. ගෙදර මාමාගේ වෙන්න ඕනෑ මොකද? කියන්නේ ගමුද යැයි’’ මහා දහවලේම ගෝලයා මේසන් බාස්ගෙන් ඇසීය. ‘‘මේ මහා දවල් ඕවා බොන්න පුළුවන් ද? මට නම් එපා’’ යැයි බාස් පැවසීය. ගෙහිමියා එතැනට එන්නට පෙර ටිකක් බොන්න ඕනෑ යැයි පවසමින් ගෝලයා බෝතලය කටේ තබා ගෙනම එක හුස්මට බීවේය. සුළු මොහොතක් ගත විය. ගෝලයාට තරු පෙනිණි. එළියට දිව ගොස් කෙළ ගසමින් පපුව ද අල්ලාගෙන සිටියේය. මේසන් බාස් ගෝලයාට සිදු වූ දේ සැක හැර දැනගැනීම සඳහා දමා ගිය බෝතලය ඉඹ බැලූවේය. මත්පැන් නොව තිබී ඇත්තේ වයින් ස්ප‍්‍රීතු යැයි ඔහුට වැටහිණ. ගෝලයා අපහසුවෙන් පැමිණ ‘මම ගෙදරට ගිහින් එන්නම්’ යැයි කියා පිටත්ව ගියේය. පසුදින ගෝලයාගේ පුත‍්‍රයා පැමිණ ‘තාත්තා කීවා මට අද වැඩ කරන්න කියා’ යැයි මේසන් බාස්ට කීය. ‘තාත්තට ඇයි මක් වෙලාදැ’ යි ඇසූ මේසන් බාස්ට පුතා දුන් පිළිතුර වූයේ ‘තාත්තා ඊයේ දහවල් රට බෝතලයක් බීලා ඇවිත් වෙනදට වැඩිය වැඩි වෙලා. බඩ දැවිල්ලයි කිය කියා අද උදෙත් අමාරුවෙන් සිටියේ.’ ‘තාත්තා ජීවිතේට ආයේ නොබොන නියම රට බීමක් බීලා’ යැයි බාසුන්නැහේ සිනාසෙමින් පැවසීය.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීමත්කම තමයි ළංකාවට තිබෙන ලොකුම හෙණය.