IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මව මියගියාම දරුවෝ මාලෙ බෙද‌ාගන්න පොලිසි ගිහින්

(හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්)
තම වයෝවෘද්ධ මව  මියගොස්  දින දහයක් ගත වෙද්දී ඇය සතුව තිබූ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා රන් මාලය බෙදා ගැනීම සඳහා ඇයගේ දරුවන්  නව  දෙනා පොලිසි යාමේ පුවතක්  කන්ද උඩරට පොලිස් ස්ථානයකින් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේයි.


ඇය වයස අවුරුදු 80 ක් පමණ වන  දරුවන් නව දෙනෙකුගේ මාතාවකි. දරුවන් නව දෙනෙකු මෙලොවට දායාද කර ඇති ඇය ඔවුන් උස් මහත් කර උසස් අධ්‍යාපනයක් ද ලබා දී සමාජයේ උසස් තනතුරු දරන දරුවන් බවට ද පත් කළාය.


ටික කලක් රෝගාතුරව සිටි ඇය පසුගිය දා අභාවප්‍රාප්ත වූවාය. 


මවගේ වියෝවෙන්  දින 10 ක් ගත වෙද්දී ඇය සිය ගෙලෙහි පැලැඳ සිටි රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා රන් මාලය බෙදා ගැනීම සම්බන්ධයෙන් දරුවන් අතර ආරාවුලක් හට ගෙන තිබේ. 


මෙම ආරාවුල විසඳා ගැනීම සඳහා දරුවන් නව දෙනා ප්‍රදේශයේ පොලීසිය වෙත ගොස් ඇති අතර පොලිස් නිලධාරින් සමාජයේ උසස් තැන්වල සිටින දරුවන් නව දෙනාට උපදෙස් ලබා දී පිටත් කර ඇත්තේ මෙවන් ක්‍රියාවලින් තමන් මෙලොවට බිහි කර උසස්   අධ්‍යාපනයක්ද දී සමාජයේ උසස් තැනක තබා  මෙලොවින් සමුගත්  තම මෑණියන්ට අවමානයක් නොකරන  ලෙස අවවාදයක් ද දෙමිනි.



අදහස් (0)

මව මියගියාම දරුවෝ මාලෙ බෙද‌ාගන්න පොලිසි ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site