IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මිනී පෙට්ටියක් ගොඩගනිද්දී මහසෝනා සරම ගලවාගෙන

මීනී පෙට්ටියක් ගොඩ ගැනීමට ගොසින් මහසෝනා සරම ගලවාගත් සිද්ධියකි. මියගිය තැනැත්තා ප‍්‍රදේශයේ යමක් කමක් ඇති පුද්ගලයෙකි. හදිසි අනතුරකින් ඔහු මියගිය පසුව ඔහුගේ මිනිය මිහිදන් කළේ වටිනාකමින් වැඩි මිනී පෙට්ටියකයි. ”පෙට්ටිය ගොඩ දාගත්තොත් නම් මිනී පෙට්ටි සාප්පුවට ගෙනහින් දීලා කැත නැතුව රුපියල් දහදාහක් නම් ගන්න පුළුවන්. ප‍්‍රදේශයේ තරුණයෙක් සිය මිතුරාගේ කනට කොඳුරා කීවාලූ. එසේ කිව්වේ මියගිය පුද්ගලයාගේ හත්දින බණ අසා එමින් සිටියදීයි. කතා කරගත් පරිදි මිතුරන් දෙදෙනා අවශ්‍ය ආයුධ සපයාගෙන එදිනම රාත‍්‍රියේ මිනී කනත්තට එන විට මධ්‍යම රාත‍්‍රිය පසුවී මිනිත්තු කීපයකි. ගම්මායිමෙන් ඈතක තිබෙන කනත්ත කිසිවෙකුටවත් නොපෙනෙන නිසා තැන්පත් කළ අලූත් සොහොනේ පස් තට්ටුව ඉවත් කර කොන්ක‍්‍රීට් බැම්ම කඩා පෙට්ටිය ගොඩට ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය. සීතලෙන් වෙළාගත් අන්ධකාර  රාති‍්‍රය තවත් බියකැර වූයේ රැහැයියන්ගේ ලතෝනියක් වැනි හඬයි. මිනී කනත්ත සිසාරා ඇසෙද්දී මිතුරන් දෙදෙනාගේ සිතට චකිතයක් ඇති නොවුනාම නොවේ. පෙට්ටියේ පියන් දෙක විවෘත කර මිනිය ඉවත් කරද්දීම මිතුරාගේ සරම ගලවා ගත්තේ කවුරුද්දැයි සිතා ගැනීමට කාලයක් නොවීය. ”බුදු අම්මෝ...” යැයි කෑ ගැසිණි. පෙට්ටියයි මිනියයි සොහොන් බිමේම අත හළ මිතුරෝ දෙදෙනා පණකඩාගෙන දුවගියේ කෙනෙකුගේ සරමක් නැතිවය. මිනී පෙට්ටිය සොරාගන්න ගිය මිතුරන් දෙදෙනාට තවමත් ප‍්‍රකෘති සිහිය නැතිලූ. සොහොන් පිටියේදී සරම කඩාගත් මහසෝනා කවුදැයි පසුදින සොහොන් පිටිය පරීක්‍ෂා කළ ගම්වාසීන්ට දැන ගන්නට ලැබිණි. මළ මිනිය නැවත වලට තල්ලූ කිරීමට උත්සාහ කරද්දී මිනියේ කකුලක පැටලී සරම ගැලවී ඇති බව අවබෝධ විය. තවමත් තොවිල් කරන මිතුරන් දෙදෙනාගෙන් කිසිදු තොරතුරක් ලබාගැනීමට අපොහොසත් වී ඇත.



අදහස් (0)

මිනී පෙට්ටියක් ගොඩගනිද්දී මහසෝනා සරම ගලවාගෙන

sumi Tuesday, 07 February 2012 03:52 PM

නියම වැඩක්

:       0       0

MACwolf Monday, 13 February 2012 02:51 PM

මරු වැඩේ!

:       0       0

හරේන්ද්‍ර Friday, 10 February 2012 11:28 AM

හොරවැඩ කරනකොට ඔහොම තමයි. හිත ගැස්සෙනවා

:       0       0

දුලංජලී මධුශංකා Friday, 10 February 2012 02:21 PM

ඉතා වැදගත් ලිපියක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site