තමා ඡන්දය දීමට අපේක්ෂාවෙන් සිටින ජනපතිවරණ අපේක්ෂකයාට බිරිඳ ඡන්දය නොදෙන බව දැනගත් සැමියකු ඇගේ තැපැල් ඡන්ද ඉල්ලුම් පත්‍රයට සාවද්‍ය තොරතුරු ඇතුළත් කොට තැපැල් ඡන්දය හිමිකම ප්‍රතික්ෂේප කරවූ සිද්ධියක් ගල්ගමුව ප්‍රදේශයේ ගමකින් දැන ගැනීමට ලැබිණි.

මේ විවාහක අඹුසැමියෝ දෙදෙනාම ගුරුවරු වෙති. මැතිවරණ රාජකාරි සඳහා යොදවන කාර්ය මණ්ඩල තෝරා ගැනීමට පෙර තැපැල් ඡන්දය සඳහා ඉල්ලුම් කිරීමට ඔවුන්ටද අවස්ථාව ලැබිණි. ඒ අනුව ඔවුන්ද තැපැල් ඡන්දය ඉල්ලුම් පත්‍ර දෙකක් ගෙන්වාගත් සැමියා තම ඉල්ලුම්පත්‍රය සම්පූර්ණ කරනවා දුටු ගුරු බිරියද ඇගේ ඉල්ලුම්පත්‍රයද පුරවා දෙන ලෙස සැමියාගෙන් ඉල්ලා සිටියාය.
ගුරු සැමියාද බිරියගේ ඉල්ලුම්පත්‍රය වහා අතට ගෙන එය සම්පූර්ණ කළේ වැරදි තොරතුරු කීපයක්ම ඇතුළත් කරමිනි. තැපැල් ඡන්දය ලබාදීමට සුදුස්සකු බවට සැමියා නම්කොට එවා තිබුණද බිරිඳට ඒ වරම හිමි නොවුණි.
මොකද දන්නේ නෑ මගේ ඉල්ලුම්පත්‍රය ප්‍රතික්ෂේප වුණේ යි ඇය විස්සෝපයෙන් සැමියාගෙන් විමසීය. ඔහු කට කොනට සිනාවක් නගා ගත්තා මිස හ්ම් ශබ්දයක්වත් නොනැගුවේය.
කමක් නෑ ඡන්ද කාඞ් එක එයිනේ යි ඇය බලාපොරොත්තු තබාගෙන කීවාය. මේ අතර වාරයේ මැතිවරණ රාජකාරි සඳහා ඇය තෝරාගෙන ඇති බවට ලිපියක් ලැබී තිබේ. ඇයට රාජකාරි පැවරී තිබුණේ පදිංචි ප්‍රදේශයෙන් බොහෝ දුර ප්‍රදේශයක ඡන්ද පොළ ස්ථානයකටය.
මේ ඡන්ද වැඩට නොගිහින් ඉන්න බැරිද මට ගෙදර හිටියොත් ඡන්දෙ දාන්න යන්න පුළුවන්නේ ඇය සැමියාගෙන් අසා ඇත.
බෑ.. බෑ.. ඡන්ද වැඩ කියන්නේ ප්‍රමුඛ සේවයක්. නොගිහින් හිටියොත් රස්සාවටත් වැරදි වෙයි. මෝඩ වැඩ නොකර ඡන්ද වැඩට යන්න. සැමියා තරයේ කියා සිටියේය.
අරයට වැටෙන්න තිබුණු එක ඡන්දයක් නම් ඕන් මං නැති කළා යි ඒ සැමියා තමන් ඡන්දය ලබාදුන් අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩකරන ඔහුගේ ළඟම මිතුරෙකුට කියා තිබේ.
(ගල්ගමුව නිහාල් ජයවීර)
2025 දෙසැම්බර් මස 04
506
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
474
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මිනිහ ගෑනිගේ ඡන්දය කැලේ යවන්න ‘අන්දකයිප්පු’ කවලා