(තිහගොඩ උපසේන ලියනගම)
අගනුවර පරිපාලනයට සම්බන්ධ ආයතනයක නිලධාරිණියක වූ ඇය පසුගිය දා විවාහ ප්‍රාප්තවූයේ අමාත්‍යාංශයට සම්බන්ධ නිලධාරියකු සමගයි.
මංගල උත්සවය ඉතා ඉහළින් පැවති අතර ඒ සඳහා ගිය වියදම ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා වැඩිය.
මංගල උත්සවයට පසුදා උදෑසන ඇය ගණන් හිලව් පියවන ආකාරය පිළිබඳව සටහන් තබමින් සිටින අතර සමීපයට ආ මනාලයා ඉන් කඩදාසියක් ඇද්දේ විහිළුවටයි.
“පස්සේ අනේ... මම මේ රැවුල ගිනි අරගෙන. ඔයා එනව සුරුට්ටු පත්තු කරන්න” ඇය කීවෙන් ඔහු දුර්මුඛව පසෙකට ගියේ “රැවුල” කියමිනි.
තමාට වූ වැරදීම වහා තේරුම්ගත් ඇය ඔහු අසලට දිවවිත් “තරහවෙන්න එපා අනේ, අපේ තාත්ත ඔයවගේ වෙලාවට කියන වචන ටික මටත් කටපාඩම් වෙලා” කියමින් ඇය ඔහුගේ අත්දෙක අල්ලාගත්තේ බියපත් දෑසින්ලු.
COMMENTS
මට නම් මෙලෝ හසරක් තේරුනේ නෑ. හිනා ගියෙත් නෑ. පුදුම හිතුනෙත් නෑ. දෙයියෝ සාක්කි කියලා කියවුණෙත් නෑ.
මේකේ මොකක්ද පත්තරේ දාන්න තියෙන්නේ?
කලබල වෙන්න දෙයක් නැහැ මුල්ම දවස් දෙකනේ. පස්සේ තමයි තව දේවල් එලි වෙන්නේ එතකොට ඉතින් තියන දේ කරබාගෙන ඉන්න එකයි. මිට පස්සේ කසාද බදින්න ඉස්සරවෙලා අම්ම තාත්ත ගැනත් හොයල බලන එක හොදයි කවුරුත්.
ඒ වෙලාවේ එයා රැවුල බාලා ඉන්න ඇති.
මේ නම් මෝඩ මනමාලයෙක්. එ්කවත් දන් නැති බබෙක්නේ. බලාපල්ලා මේ අය රැවුල නැති කෙනෙක්ද කියලා...
මේකේ මොකක්ද පුවත පත්තරේ දාන්න තරම් .