IMG-LOGO

2024 ජුනි මස 18 වන අඟහරුවාදා


මිනිබිරියගේ පැටියා හොයාගෙන ආච්චි අම්මා කාමරේට රිංගලා

(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ උපනගරයක් අසල වූ නිවසක විසූ මේ යොවුන් ළඳ දිගු කලක් තිස්සේ දේශපාලන බලවතුන් පසුපස ගොස් අගනුවර විදේශීය සමාගමක රැකියාවක් ලබා එහි ගියේ මීට වසරකට පමණ පෙරය. 


රැකියා ස්ථානයේ යෙහෙලියන් කිප දෙනෙකු සමඟ බෝඩිමක නතර වී සිටි ඇය පසුගිය දා නිවසට ආවත් හදිසි කොරෝනා ඇඳිරි නීතිය නිසා සේවයට යා නොහැකිව නිවසටම වී සිටියේ මහත් පාළුවකිනි. 


නිවසේ දිනපතා කෙරෙන ආගමික කටයුතු වලටවත් සම්බන්ධ නොවී සංකර ලෙස හැසිරෙන ඇය පිළිබඳව ආච්චි (පියාගේ මව) තුළ වූයේ මහත් නොමනාපයකි. 


ඇය එදින උදෑසන තම ජංගම දුරකථනයෙන් ආයතනයේ යෙහෙලියක් ඇමතුවේ පැටියෝ කියමිනි. කීප වරක්ම ‘අනේ පැටියෝ, ඔව් පැටියෝ’ කීම නිසා කෝපයට පත් ආච්චි මිනිබිරියගේ කාමරයට රිංගා ‘පැටියා කියන්නේ බං බලු පැටියෙක්ද? බළල් පැටියෙක්ද? ඇසුවේ උස් හඬිනි’ ‘අයියෝ අත්තම්මා එයාට ඇහෙන්නත් ඇති’ කී ඇය වහාම දුරකථනය විසන්ධි කළත් එය යෙහෙලියට ඇසී තිබිණ. 


අක්කාගේ සංකර වැඩට කවදත් එරෙහි මල්ලී ‘කමෝන් ආච්චි’ කියාගෙන ඇය අසලට ගිය විට ඇගේ රතු ඉර පැන්නාලු.



අදහස් (0)

මිනිබිරියගේ පැටියා හොයාගෙන ආච්චි අම්මා කාමරේට රිංගලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

මෝදක ගුලියේ අවුල මීයාගේ පිටින් ගිහින්
2024 ජුනි මස 18 369 0

කුස්සියේ ගෑස් ළිප ළඟ තිබූ මෝදක ගුලියක කොටසක් හේතුවෙන් නිට්ටඹුව ප්‍රදේශයේ නිවෙසක අඹු සැමි යුවළක් අතර ඇති වූ ආරාවුලක් අවසානයේදී මීයකු පිට වරද පැටවීමෙන


ගම කුලප්පු කරපු දුවගෙ බොරුවෙන් පවුලෙම සායම ගිහින්
2024 ජුනි මස 17 750 0

සිය නිවෙස ආසන්නයේ අතුරු මාර්ගයක තරුණයකු හා රැඳී සිටි යුවතියක අසල්වැසියකු පැමිණෙනු දැක බියට පත්ව කෑ ගැසීම නිසා මුළු ගමම කුලප්පු වූ පුවතක් පිළිබඳව දකුණ


කරුවලේ අත ගෑ ගැහැනිය පිරිමියෙක් වෙලා
2024 ජුනි මස 15 745 0

සිය වැඩට පැමිණි කාන්තාවක් යැයි සිතා පිරිමියකු බදාගෙන ලැජ්ජාවට පත් වූ මුදලාලී කෙනකු පිළිබඳව උතුරු මැද පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේ


කුඩු අල්ලන්න ගිහින් පොලිසිය ඉල්ලන් කාලා
2024 ජුනි මස 15 498 0

මිරිස් කුඩු පැකට්ටුවකින් පොලිස් නිලධාරීන්ගේ ඉහමොළ රත් කළ අයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ. ඔහුට පොලිස් නිලධාරීන් ඇලජික්ය. පොලිස්


සොරාගත් මාලය ගෑනු ගැටයෙන් එළියට
2024 ජුනි මස 15 261 0

අසල්වැසි කාන්තාවක් විසින් සොරා ගන්නා ලද සිය රන්මාලය පොලිසියට නොගොස් උපක්‍රමයකින් ලබාගත් කාන්තාවක පිළිබඳ අපූරු පුවතක් දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මාන


යෙහෙළියගේ ගෙදරදී පැරණි පෙම්වතා දැක තරු පෙනිලා
2024 ජුනි මස 15 266 0

පැරණි පෙම්වතා සිය හොඳම යෙහෙළිය විවාහ කර ගැනීමට පැමිණි අවස්ථාවේ තරු පෙනුණු තරුණියක පිළිබඳව රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1322 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3048 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2497 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site